රා තහනමේ පොල් තියන්න තල් ඉවත් කරන්න: 18000 ක් අනාථයි - දේවානන්දා ජනපතිගෙන් ඉල්ලයි

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.31, පෙ.ව.8.30) ඔක්තෝබර් මස 20 වෙනිදා රජය මගින් පොල් හා තල් රා මැදීම සම්බන්ධයෙන් නිකුත් කොට ඇති විශේෂ ගැසට් නිවේදනය මගින් උතුරේ තල් රා නිෂ්පාදනයෙන් ජීවත් වන පවුල් 18000 කට  පමණ ඔවුන්ගේ රැකියාව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි සඳහන් කරමින් ඊ.පී.ඩී.පී.සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැණුම්දී තිබේ.

නව ගැසට් නිවේදනය මගින් තල් හා පොල් වලින් රා නිෂ්පාදනය සම්බන්ධයෙන් තහනම් නියෝග හා සීමා කිරීම් ගණනාවක් ඉදිරිපත් කොට ඇති නිසා උතුරේ පාරම්පරික කර්මාන්තයක් වන තල් රා නිෂ්පාදනයේ නිරත පිරිසට ඔවුන්ගේ රැකියාවන් කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවන බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

පොල් හා තල් ගස් වලින් රා මැදීම නිසා එම වගාවන් වල  අස්වැන්න අඩුවීමක් සිදුවන නිසා රජය මේ තීරණය ගෙන ඇතත් තල් ගස් වල අස්වැන්න අඩුවීමෙන් එය රටේ ජනතාවගේ පාරිභෝජනයට හෝ ආර්ථිකයට කිසිදු බලපෑමක් සිදු නොවන බව දේවානන්දා හිටපු අමාත්‍යවරයා සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.

මේ නිසා අදාල ගැසට් නිවේදනයෙන් පොල් සම්බන්ධයෙන් පනවා ඇති තහනම් නියෝග හා සීමා කිරීම් ඒ අන්දමටම ක්‍රියාත්මක කොට තල් සම්බන්ධයෙන් අලුතින් පනවා ඇති සියළුම නීතිරීති ඉවත් කිරීමට පියවර ගන්නා මෙන් ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-10-31 03:04:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Mark's name is?

  2 discussion on this news

තල් පොල් අඳුරන්නෙ නැති මෝඩ වාහෙල තමයි අපේ රටේ නීති හදන්නෙ. මේ පරයි එක්ක රටක් දියුනු කරන්නෙ කොහොමද? මේ පඩත්තරයො හිතාගෙන ඉන්නෙ නීති දැම්මහම ඔක්කොම හරි රට කිරියෙන් පැනියෙන් තල් පොල් වලින් උතුරයි කියල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන කාලකන්නි පක්ෂය තමයි ප්‍රධාන වශයෙන්ම රට මේ තත්වයට ඇදල දැම්මෙ පුද්ගලීකරනය හරහා. සශ්‍රීක ඉඩම් ටික කෑලි කඩල කඩල අන්තිමේ වෙන්දේසිකාරයිනට බිලි දුන්න. අද මොකද වෙලා තියෙන්නෙ? යමක් කමක් තියෙන ඉඩම් තියෙන පවුල් වල ලමයි ඉන්නෙ රට. මේ රටේ මෝඩ හැත්ත තමන් විහින්ම ඇති කරගෙන තියෙන කාලකන්නි කම දැක්කහම රට ගිය එකෙක් ආයෙ මේකට පය ගහන්නෙ නෑ. දැන් මොකද වෙන්නෙ? අක්කර ගනන් සශ්‍රික ඉඩම් තියෙන උන් ඒ ඉඩම් ටික වෙන්දේසි කාරයෙකුට විකුනල සල්ලි ටික යවනව ලමයින්ට පිටරට. ඒ සල්ලි වලින් පිටරටවල් තව දියුණු වෙනව. අපේ වටිනා ඉඩම් ටික පර්චස් 8-10 කෑලි වලට කඩල පරෙයි කූඩු වගේ ගෙවල් ගහනව. කැලෑව ඉවරයි, පොල් ගස්ටික ඉවරයි, භූගත ජලය ඉවරයි. අන්තිමේ ඉතුරැ වෙන්නෙ භූගත ජලයට දාපු බෙටි ටික විතරයි. භූගත ජලය විනාශයි, කැලේ ඉවරයි, වර්ෂාව නෑ, කන්ඩ පොල් ගෙඩියක් නෑ. මේ රාජ්‍ය නිලධාරීන් කියන පර බල්ලො මේ ගැටලු සම්බන්ධ කිසිම නිර්මානාත්මක යෝජනාව ගේන්නෙ නෑ. මේ වගෙ ඉඩම් වෙන්දේසි කාරයිනට විකිනීම තහනම් කර රජය යම් අරමුදලක් පිහිටුවා ඒ මගින් ඒවා මිලට ගෙන ආයෝජක වගා කරැවන්ට ඒවා වගා කටයුතු සඳහා ලබා දෙන වැඩ පිලිවෙලක් සකස් කිරීම යුගයේ අව්‍ශ්‍යතාවයකි. ඕනෑම කෙනෙකුට එවායේ කොටස් ලබා ගත හැකි ව්‍යාපාර බවට ඒවා පත්කල හැකියි.
-- by silva on 2017-10-31

තල් බූරුවො නෙමේ මුං පොල් බූරුවො!
-- by රංජිත් on 2017-11-01

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more