චෝරවාදීන් සාධුකාර නොදුන් මායාවතීගේ කතාව..! -ථෙරවාදයද? චෝරවාදයද? (අංක 29)

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.31,  පෙ.ව‍‍‍‍.7.10) හින්දු ආගමික ඉගැන්වීම් පදනම් කරගනිමින් දලිත් ජනතාව වෙත කරන  කෙණෙහිලිකම් නතර කිරීමට ඉන්දීය රජය පියවර නොගන්නේනම් ලක්ෂ සංඛ්‍යාත සිය අනුගාමිකයන් සමඟ එක්ව බුදු දහම වැළඳ ගන්නා බව ඉන්දියාවේ උත්තර ප්‍රාන්ත් හිටපු මහ ඇමතිනී බහුජන සමාජ් පක්ෂයේ  නායිකා ‘කුමාරී මායාවතී‘ මහත්මිය කළ ප්‍රකාශයට ජාත්ත්‍යන්තර මාධ්‍යය විසින් විශාල ප්‍රසිද්ධියක් ලබා දී තිබුනි.  ඉන්දියානු ව්‍යවස්ථාවේ ශ්‍රේෂ්ට නිර්මාතෘ වරයා මෙන්ම ලෝ පතල දැවැන්ත බුද්ධිමතෙකු වන  ආචාර්ය ‘භීම් රාඕ අම්බෙඩ්කාර්‘ මහතාගේ 125 වැනි  ජන්ම දිනය සමරා අසාම්ගර් නගරයේ  ඉකුත් 14 දා පැවති  ජනහමුවක් අමතමින් ඇය මේ බව කියා තිබේ.  එරට ජනතාවගෙන් සියයට හතලිහක් පමණ වන දලිත් ජනතාව මහා බ්‍රහ්මයාගේ දෙපතුලෙන් උපන් කුලහීන කොට්ඨාශයක් ලෙස වසර දහස් ගණනක් තිස්සේ කුලීනයන්ගෙන් පීඩා විඳිති.  බී බී සී ලෝක සේවය මහඇමතිනියගේ කථාවේ උපුටනයක් මෙසේ වාර්ථා කරයි.

“ මායාවතී පවසන පරිදි එවැනි අව වරප්‍රසාදිත ජනතාව අධ්‍යාපනය, ගොවිතැන, රැකියා ලබා ගැනීම මෙන්ම දේශපාලනයේ නෛතික අයිතිය උරුම කර ගන්නා ලද්දේ හින්දු දෙවියකු හෝ දෙවඟනක් නිසා නොව ආචාර්ය අම්බෙඩ්කාර් විසින් ඉටු කරන ලද කාර්යභාරය හේතුවෙනි “ 

උත්තර ප්‍රාන්ත් හිටපු මහ ඇමතිනී කුමාරී  මායාවතී මහත්මියගේ මෙම  ප්‍රකාශය කරුණු කීපයක් නිසා අපට ද වැදගත්ය. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ ආචාර්ය අම්බෙඩ්කාර් මහතා  ඉන්දීය කුල පීඩිත ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ප්‍රබලව පෙනීසිටි ගෞරවනීය විද්වතෙකි.   හින්දු ආගමේ කුලවාදය දැඩිසේ පිළිකුල් කළ ඔහු වර්ෂ 1956 දී බුදු දහම වැළඳ ගත්තේය. බලවතුන්යැයි තමන් හඳුන්වා ගත් පිරිස්  විසින් දලිත් ජනයා මරා දැමීම, ඔවුන්ගේ ගම්මාන ගිනි තබා විනාශ කිරීම,  කාන්තාවන් දූෂණය කිරීම වැනි අපරාධ අදටත් සිදුකරන්නේ මහා බ්‍රහ්මයාගේ නියමය පරිදිය. එම ගණන් හිලව් ඇඟ හිරිවට්ටන සුළුය. වසරකට එවැනි අපරාධ 25000 ක් පමණ දලිත් ජනයාට එරෙහිව සිදුකළැයි වාර්තා වෙති. වාර්තා නොවන ගණන් හිලව් අති විශාලය. එහෙත් ඔවුන් කවර හෝ අයිතියක් ලබා ගත්තානම් ඒ සඳහා  සහය  වූයේ හින්දු දෙවියෙකු හෝ දෙවඟනක නොව ඉන්දියානු ව්‍යවස්ථාව බව මායාවතී හිටපු මහ ඇමතිවරිය නිර්භයවම කියයි. ඇය බුදු දහම වැළඳ ගන්නා බවට ප්‍රතිඥා දෙන්නේ ආණ්ඩුවට කරන අභියෝගයක් හැටියටය. 

ලංකාවේ චෝරවාදී මුණඩකයන් අපට වසන් කරන්නේ ද  මේ  පරම සත්‍යයි. දෙව් රුවක් නැති චෝරාරාමයක් අප රටේ නැති තරම්ය. පිං රැස්කර ගන්නේ ද මරණින් මතු දෙව්ලොව යාමටය. දුකසේ උපයාගත් ධනය විය පැහැදම් කොට දන් දී එයින් ලබන සකල කුසල සම්භාරයන් අනුමෝදන් කරන්නේ දෙවියන්ටය. එවිට පිංවතුන්ට නොලැබෙන දෙයක් නැත. ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද හින්දු දෙවිවරු දිව්‍යාංගනාවන් එරට දලිත් ජනතාවට කිසිවක් ලබා දී නැතත් අපට සියළු යස ඉසුරු  ලබා දෙන්නේය. අනේ මෙහෙමත් ගොබ්බ රටක්..! 

එදා බුදුන් වහන්සේගේ ඒකායන අභිප්‍රාය වූයේ ද වර්ණාශ්‍රම ධර්ම පදනම් කරගත් හින්දු ගෝත්‍ර වාදය පිටු දැකීමය. “නජච්චා වසලෝ හෝතී නජච්චා හෝති බ්‍රාහ්මණෝ“ යනුවෙන් සිංහනාද පවත්වමින් උන්වහන්සේ විවේචනය කළේ එදවස ද පැවැති මෙම කුල පීඩනයයි. බුද්ධත්වයට පත්වීමෙන් පසුව උන්වහන්සේ ප්‍රථම වරට සිය උපන් බිම වන කිඹුල්වත් පුරයට වැඩම කළේ විසි දහසක භික්ෂු පිරිවරක් ද සමඟ ය. මහත්සේ සොම්නසට පත් සුදොවුන් මහ රජතුමා සියළු දෙනා වහන්සේලාට මාළිගාවෙහි දන් පිළියෙල කරන්නට යුහුසුළු වූහ. එහෙත් බුදු රජානන් වහන්සේ ශ්‍රාවක පිරිස සමඟ ගෙපිළිවෙලින් පිඬු සිඟා වැඩියේ  දැන් තමන් ශාඛ්‍ය වංශයේ නොව බුද්ධ වංශයේ බව පිය රජුට ප්‍රකාශ කිරීමෙන්ය. උන්වහන්සේට කුලීන කුලහීන දානයේ  වෙනසක් නොවීය.

තවත් අවස්ථාවක උපාලි නැමති කරණවෑමියා සහ රජකුමාරයින් පිරිසක් පැවිද්ද පතා උන්වහන්සේ වෙත පැමිණී විට මුළින්ම  සසුන්ගත කළේ  උපාලී ය. කුමාරවරු දෙවනුව පැවිදි කළහ. පසුව පැවිදි වූවන් ප්‍රථමයෙන් පැවිදි වූවන්ට ගරු බුහුමන් කළ යුතුය යන්න බුද්ධ නීතියයි. ශාඛ්‍ය වංශික කුමාරවරු ගිහි කල සිය හිස රැවුල් බෑ කරණවෑමියාට වඩා පැවිදි බවෙන් බාලය. මෙවැන්නක් කළේ  ශාඛ්‍යයන්ගේ මානය බිඳීමට බව බණ පොතේ සඳහන් වේ.

වසුරු කද කර තබාගෙන වීථීයේ පැත්තකින් ඉතා බයාදුව බිමට නැමුණු හිසින් ඇවිද ගිය සුනීත බුදුන් දැක බියපත්ව දිව ගොස් කාණුවක පතුලේ  සැඟවුනේ තමා දැක්මෙන් මහරජුගේ පුතුට   නිගරුවක් වේදෝයි යන සාංකාව නිසාය. මහා කාරුනිකයාණෝ අහිංසක තරුණයා වෙත වැඩම කරද්දී ඔහු තව තවත් කාණුවේ ගුලි ගැසී වෙව්ලද්දී උන්වහන්සේ ‘මහණ මෙහි එවැ‘යි ඉතා සංසුන්ව ඇමතූහ. එවදනින්ම සැඩොල් තරුණයා ඒහිභික්ෂු භාවයට පත්ව සැට විය පිරුණු මහ ථෙර නමක සේ බුදුන් අභියස පෙනී සිටියේය.

සුළු පියා විසින් තලා පෙලා අමු සොහොනේ මළ කඳකට තබා බැඳි සෝපාක චණ්ඩාල දරුවා විමුක්තිය ලැබුවේ බුද්ධ කරුණාව නිසාය. සමාජය විසින් කොන්කර දැමූ මෙවැනි අසරණ ගැහැණු පිරිමි  මොන තරම්නම් පිරිසකට උන්වහන්සේ සාධාරණය ඉටු කළාද? සැබැවින්ම මෙය පුද්ගල බද්ධ කථාවක් නොවේ. කුලවාදයෙන් ඔද්දල් වූ සමස්ථ ඉන්දීය සමාජයම මානුෂවාදී පරිවර්තනයකට යොමුකිරීම සඳහා වෙර දැරූ යුග පෙරළියක කථාවය. මහා බ්‍රහ්ම ව්‍යවස්ථාවෙන් පය පල්ලට දැමූ ජන කොට්ඨාශයක විමුක්තිය උදෙසා කළ දැවන්ත අරගලයේ කථාවය. අවාසනාවකට මෙන් බුද්ධ කාලය තුලම බුදු සසුන චෝරවාදීන්ගේ ආක්‍රමනයට ලක්විය. බමුණු ඉගැන්වීම් වලින් උත්තරීතර සමාජ දර්ශණය අවලංගු වී ගියේය. භවය, සංසාරය, පුනරුප්පත්තිය, කර්මය වැනි අපැහැදිලි හරඹ වලින් මිනිසුන් වල්මත් කළහ. අද එහි උපරිමයටම පැමිණ තිබේ.

මායාවතීලාට ද අවශ්‍ය වන්නේ විමුක්තියයි. එනම් කුලීනයන්ගේ ගැහැට වලින් මිඳීමයි. ඔවුන් බුදු දහම වැළඳ ගන්නා බවට අභියෝග කරන්නේ ඒ උවමණාව නිසාය. එසේ නොමැතිව ඇලීම් ගැටීම් වලින් විනිර්මුක්තව විතක්ක විචාර මඟ ඔස්සේ ආලෝකය දැකීමට හෝ ඇඟ ශීතල වීමට නොවේ. ඔවුන්  දකින බුදු මඟ එයයි.

දලිත් කුල පීඩිත නායිකාව ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයන් සමඟ බුදු දහම වැළඳගන්නා බවට කළ ප්‍රකාශය මොන තරම් නම් දැවැන්ත හඬක්ද? හරිනම්  අපේ රටේ සියළුම ගිහි පැවිදි බෞද්ධයෝ අකණිටා බඹ ලොවට ඇසෙන්නට සාදුකාර දීමට වටනේය. එහෙත් එය නෑසෙන තරමේ කෙඳිරිල්ලක්ම  විය. ඉන්දියාවේ කුලහීනයෝ රොත්ත පිටින් තෙරුවන් සරණ යෑම තමන්ට කරන මහා නව නින්ගිරාවක් ලෙස චෝරවාදීන් ද සිතුවා විය යුතුය. දලිත් යනු වචනයේ පරිසමාප්තියෙන් දිළින්දෝය. උන් බුද්ධාගමට ගත්තත් උන්ගෙන් කොල්ල කා ගැනීමට තරම් යමක් නැතිකම අපේ කාස මුණ්ඩකයන්ට තවත් ප්‍රශ්ණයක් සේ පෙනෙන්නටද බැරි නැත. 

ශ්‍රී ලංකාවේ වෙසෙන බෙරවා රොඩී වැනි පහත් යැයි සම්මත මිනිසුන්ට නෑරෙන සසුන් දොර ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ දාලිද්දයන් වෙනුවෙන් විවර වෙතැයි කිසිසේත්ම සිතිය නොහැකිය. කුල වාදය නියෝජනය කරන අප රටේ ත්‍රෛනිකායික චෝර මුණ්ඩකයන්ගෙන් සහ  ඉන්දියාවේ පැල්බැඳගෙන සිටින ඔවුන්ගේ තැරව් කාරයින්ගෙන් දලිත් වරුන්ගේ සැබෑ අපේක්ෂාවන් ඉටුවන්නේ ද නැත. අසරණ සරණ වූ ත්‍රෛලෝක නාථ වූ ගෞතම බුදු පියාණන් අදත් වැඩ සිටියා නම් සුනීත සෝපාක පරපුරෙන් පැවත එන මායාවතීලා ලබන සැනසිලි සුවය කෙසේනම් විස්තර කරම්ද?

ආර්. ජී. ධර්මදාස විසිනි

[email protected]

පෙර ලිපි එකතුව පහත දිගුවෙන් කියැවිය හැකිය
http://www.lankaenews.com/category/38 

---------------------------
by     (2017-10-31 01:58:08)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

If a person is called Sandra, what is their name?

  3 discussion on this news

ලංකාවේ චෝරවාදී මුණඩකයන් අපට වසන් කරන්නේ ද මේ පරම සත්‍යයි. දෙව් රුවක් නැති චෝරාරාමයක් අප රටේ නැති තරම්ය. පිං රැස්කර ගන්නේ ද මරණින් මතු දෙව්ලොව යාමටය. දුකසේ උපයාගත් ධනය විය පැහැදම් කොට දන් දී එයින් ලබන සකල කුසල සම්භාරයන් අනුමෝදන් කරන්නේ දෙවියන්ටය. එවිට පිංවතුන්ට නොලැබෙන දෙයක් නැත. ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද හින්දු දෙවිවරු දිව්‍යාංගනාවන් එරට දලිත් ජනතාවට කිසිවක් ලබා දී නැතත් අපට සියළු යස ඉසුරු ලබා දෙන්නේය. අනේ මෙහෙමත් ගොබ්බ රටක්..!
-- by සිංහලේ on 2017-10-31

extremely fine views.
-- by siripala on 2017-10-31

බුදුන්ගේ ධර්මයට ගිය කලක්! Buddhism is NOT a choice to everyone select as they want. It's path to divine. It's a path to give-up... No one understand what is a give-up... If you got it you will never select it. That is Give-up.
-- by sin-nombre on 2017-11-02

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more