අත්තිඩියේ මිහිඳු සෙත් මැදුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආබාධිත සෙබළුන්ට වින කරන කර්නල්ලා 3 ක් ගැන හමුදාපතිට කන්නලව්වක්

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.31,  පෙ.ව‍‍‍‍.4.25) 

හමුදාපතිතුමනි..,

30 වසරක කුරිරු යුද්ධයෙන් ඉතා බරපතල ලෙස තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්වූ හමුදා සෙබළුන් වෙනුවෙන් ඉදිකරන ලද අත්තිඩියේ පිහිටි මිහිඳු සෙත් මැදුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෙසෙන ආබාධිත සෙබළුන් සහ එම  සෙබළුන්  රැක බලා ගන්නා සහායකයන්, වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ පාලන රාජකාරියේ නියුතු සියලු දෙනා මේ වන විට ඉතාමත් අසීරු සහ කුරිරු පාලනයකට සහ අඩම්තේට්ටම් වලට ලක්වී සිටිති.

ඉහත සඳහන් සියලු දෙනා මෙසේ අපහසුතාවයට සහ හිංසනයට පත් කරනු ලබන්නේ මිහිඳු සෙත් මැදුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට මෑතදී සේනාවිධායක වශයෙන් පත්ව ආ යුද හමුදාපතිගේ හිතවතකු යැයි කියාගන්නා කර්නල් NPA ගුණවර්ධන නැමැති ඉංජිනේරු බළකායට අයත් නිලධාරීයා , ලුතිනන් කර්නල් කරුණරත්න නැමැති විශේෂ බළකායට අයත් නිලධාරීයා සහ ලුතිනන් කර්නල් රාජකරුණා නැමති ගජබා රෙජිමේන්තුවේ නිලධාරීයා විසිනි.

මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ජීවත්වෙනු ලබන බහුතරයක් යුද බිමේ දී මොළයට සහ කශේරුකාවට ඉතා දරුණු ලෙස හානි වූවන් ය. එම රෝගීන්ට අවශ්‍යවන්නේ නිදහස, භෞතික චිතික්සක ව්‍යායාම, වෛද්‍ය ප්‍රතිකාර සහ හොඳින් රැක බලාගැනීමය. 

මෙම මධ්‍යස්ථානය 2011 වසරේ ආරම්භ කරන ලද අතර මෙම නව සේනාවිධායක කර්නල් NPA ගුණවර්ධන පැමිණෙන තෙක්ම රෝගීන් බලාගන්නා සහායක සෙබළුන්ට කිසිදු අපහසුතාවයකට පත්නොවී රාජකාරියේ යෙදීමට  හැකි විය. එම සහායක සෙබළු ඉතාමත් ගෞරවනීය සේවයක් මෙම මධ්‍යස්ථානයේ සිදුකරති. එනම් රෝගීන් නෑවීම, මල පහ ඉවත් කිරීම සහ රැක බලාගැනීමයි. ආබාධිත සෙබළුන් සබැඳිව මෙම කටයුතු සියල්ල කරනු ලැබුවේ මෙම මධ්‍යස්ථානයේ එක් අංශයක් වූ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසිනි.  මධ්‍යස්ථානයේ සේනාවිධායක ඇතුළු අනෙක් කාර්ය මණ්ඩල විසින් කරනු ලැබුවේ ආබාධිත සෙබළුන්ගේ පරිපාලනමය කටයුතු පමණි.

දැන් ඉහත සඳහන් කළ තුන් කට්ටුව  වෛද්‍ය අංශයේ රාජකාරි කිරීමට ගොස් මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය අච්චාරුවකට පත්කර ඇත. මොහු වෛද්‍ය වරයා සමග බද්ධ වෛරයෙන් හැසිරෙන අතර දැනටමත් ආබාධිත සෙබළුන් රැකබලාගන්නා සහායක සෙබළුන් කිහිප දෙනෙක්ම මෙම මධ්‍යස්ථානයෙන් මාරු කර යවා ඇත.  තවද මෙම සේනාවිධායක කර්නල් NPA ගුණවර්ධන නමැති නිලධාරියාගේ බිරිඳ සහ දරුවා ඩුබායිහි ජීවත්වන අතර මොහු මෙම මධ්‍යස්ථානය තුලම ජීවත් වේ.  රාත්‍රීයේ හොඳට මද්‍යසාර බී සූර් වී පසුදා උදෑසන ඔහුගේ මානසික ආතතිය කාගෙන් හෝ පිට කර යවයි. මෙවැනි සියලු දේ ප්‍රසිද්ධියේ කීමෙන් හමුදාවට අපකීර්තියක් වන බැවින් ඉහතින් කීවේ මොහුගේ අමනකමක් ඉතා කෙටියෙනි.
 
එම නිසා ගරු යුද හමුදාපතිතුමනි, මේ ගැන සොයා බලා ඔබගේ ඉතාමත් කිට්ටු හිතවතෙකු යයි කියන මෙම පිස්සාව මෙම මධ්‍යස්ථානයෙන් ඉවත් කර මානුෂීය හැඟීමකින් වැඩ කළ හැකි නිලධාරියකු මෙම ස්ථානයට එවන්න.
 
මෙයට,
රණවිරුවන්ගේ දුක හඳුනන එම මධ්‍යස්ථානයේම පිරිසක්

---------------------------
by     (2017-10-30 23:08:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Ankle, mouse, heart, trousers, leg and cheese: how many body parts in the list?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more