හිරුණිකාගේ රවිගේ බල මණ්ඩල රැස්වීම් වලට ගිය රනිල් අලුත් සංවිධාකයන් 33 ක් පත් කරයි

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.31,  පෙ.ව‍‍‍.0.30) එක්සත් ජාතික පක්‍ෂ රත්මලාන ආසන සංවිධායිකා ලෙස පත් කළ පා.ම.  හිරුණිකා ප්‍රේර්මචන්ද්‍ර මහත්මිය විසින් සංවිධානය කළ රත්මලාන, ෆාම් බීජ් හෝටලයේ  පැවැති එජාප බල මණ්ඩල රැස්වීමට සහභාගී වූ අගමැතිවරයා පසුව එක්සත් ජාතික පක්‍ෂ උතුරු කොළඹ ආසන සංවිධායක පා.ම. රවී කරුණානායක මහතා විසින් සංවිධානය කර තිබූ මෝදර, මනිමන්දපම් ශාලාවේ පැවැති  එක්සත් ජාතික පක්‍ෂ උතුරු කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමට ද  සහභාගී විය. 

රත්මලානේ පැවැති රැස්වීමට මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, හිටපු ඇමැතිනි සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ විපක්‍ෂ නායිකා සුනේත්‍රා රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ක්‍රියාකාරීහු රැසක් සහභාගී වී සිටියහ. 

මෝදර පැවැති රැස්වීමට අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබුර් රහුමාන්, කාවින්ද ජයවර්ධන සහ අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී නැගෙනහිර කොළඹ එජාව සංවිධායිකා රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු ඇතුළු පක්‍ෂ ක්‍රියාකාරීහු රැසක් ද සහභාගී වී සිටියහ. 

මේ අතර ඊයේ එක්සත් ජාතික පක්ෂය පත් කරන ලද නව ආසන සංවිධායකවරුන් 33 කගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදිය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර - රත්මලාන
හිරන්‍යා හේරත් - වලපනේ 
රෝසි සේනානායක - නැගෙනහිර කොළඹ
තලතා අතුකෝරාල - බලන්ගොඩ
ලකී ජයවර්ධන - ගම්පොළ
අජිත් පතිරණ - බොරැල්ල
අශෝක ප්‍රියන්ත - නාත්තන්ඩිය
හෙක්ටර් අප්පුහාමි - පුත්තලම
නවීන් දිසානායක - නුවරඑළිය
අයි. මහරුෆ් - ත්‍රිකුණාමලය
නාලක ප්‍රසාද් කොලොන්නේ - මින්නේරිය
හේෂාන් විතාන - රක්වාන
ශාන්ත අබේසේකර  හලාවත
අනුරාධ අනුරාධනායක - හොරොව්පතාන
නාසි - පුත්තලම 02
සේහිදු - හොරොව්පතාන 01
රොයිස් ප්‍රනාන්දු - මීගමුව
අශෝක ප්‍රියන්ත බණ්ඩාර හේරත් - කොත්මලේ
චන්ද්‍රසෝම සේනාධීර - අත්තනගල්ල
ජයරත්න - පොල්ගහවෙල 02
ආචාර්ය අරුණ සිරිසේන - සේරුවිල
අජිත් රෝහන - පොල්ගහවෙල 01
කිත්සිරි මංචනායක - දිවුලපිටිය
හසන් අලී -  සමන්තුරේ 
හර්ෂ කුමාර ගලප්පත්ති - දෙවිනුවර 
ගනේෂ් මූර්ති - පදිරිප්පුව
සංජීව කරුණාතිලක - රත්ගම
තාරක නානායක්කාර - හබරාදුව
චන්න ගලප්පත්ති - තෙල්දෙණිය
ජීම් මාමිකර් - බේරුවල

කපිල කළුපහණ -  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්
මදීෂා පෙරේරා - කළුතර දිස්ත්‍රික්
කිංස් නෙල්සන් - පොළොන්නරුව දිස්ත්‍රික්

හිරුණිකාගේ සහ රවිගේ ආසන බල මණ්ඩල රැස්වීම් වල සේයාරූ පහත දැක්වේ. 

---------------------------
by     (2017-10-31 02:27:04)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Seventeen, 1, twenty one and 28: the 1st number is?

  2 discussion on this news

It shows clearly that Ranil is taking any revenge from Ranjan, and thats the end of Ranil's politics. RW bangawewa, RM jayawewa who is the most popular and genuine UNPer.
-- by sara on 2017-10-31

mahinda rajapakshage nama nahane
-- by appuva on 2017-10-31

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more