(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.30, පෙ.ව.6.05) ඔටාවා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දින දෙකක් තුල කැනේඩියානුවන් 34200 කට සාර්ථක දැලක් එළා තිබේ.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහයෝගීතාවයෙන් කැනඩා මහ කොමසාරිස් කාර්යාලය විසින් දෙවන වරට මොන්ට්රීයල්හි පැවති 29 වැනි ජාත්‍යන්තර සංචාරක හා ගමනාගමන ප්‍රදර්ශනයේ දී මේ වික්‍රමය කර තිබිණ. පසුගිය ඔක්තෝම්බර් 20 දා සිට 22 දක්වා සහභාගී එම ප්‍රදර්ශනය පැවැති අතර රටවල් සිය ගණනකටත් වඩා වැඩි ගණනක් සිය සංචාරක කාර්යාල, සංචාරක මෙහෙයුම්කරුවන් හා සංචාරක නියෝජිතයින් මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් වූහ.
මෙම ප්‍රදර්ශනයේ දී නරඹන්නන් 34,200 ක් සහභාගී වූ අතර ඔවුහු සිය නිවාඩු චාරිකාව සූදානම් කිරීම, නව විදේශ ගමනාන්තයන් සොයා ගැනීම සහ විශේෂඥ උපදෙස් ලබාගැනීම සඳහා මෙයට සහභාගී වූහ.
ශ්‍රී ලංකා ප්‍රදර්ශනය කුටිය වෙත පැමිණි සියලුම නරඹන්නන් සඳහා ශ්‍රී ලංකා සිතියම්, ප්‍රංශ සහ ඉංග්‍රීසි සංචාරක පත්‍රිකා සහ ලංකා තේ සාම්පල් ලබා දෙන ලදී. ප්‍රදර්ශනය කුටිය තුල ශ්‍රී ලංකාවේ ආකර්ශනීය සංචාරක ස්ථාන, සංස්කෘතික උරුමයන්, අලංකාර භූ දර්ශන, වනජීවීන් හා ලංකා තේ ප්‍රදර්ශණය කර තිබුණි. කුඩා දිවයිනක් තුල විවිධත්වයෙන් යුතු සංචාරක අත්දැකීමක් ලබා ගතහැකි යැයි වටහා ගැනීමට මෙය කදිම අවස්ථාවක් විය.
නරඹන්නන් ශ්‍රී ලංකාවේ අලංකාරය දැක පුදුමයට පත්වූ අතර දනටමත් ශ්‍රී ලංකාවට පැමිණි ඇති අය ඇතුළුව බොහෝ නරඹන්නෝ ශ්‍රී ලංකාව ඔවුන්ගේ ඊළඟ විදේශ නිවාඩු ගමනාන්තය ලෙසේ තොර ගැනීමට කැමැත්ත පල කළහ.
2016 දී කැනේඩියානු සංචාරකයන් 50,087 ක් ශ්‍රී ලංකාවට සංචාරය කළ අතර එය ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව අන්තර්ජාතික සංචාරක හා ගමනාගමන ප්‍රදර්ශනයට සඳහා සහභාගිවූ වසරයි.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික සංඛ්‍යාලේඛනවලට අනුව, 2016 දී කැනඩාවේ සිට ශ්‍රී ලංකාවෙන් පැමිණි සංචාරකයන්ගෙන් 29% ක වර්ධනයක් දැක්වේ.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අනුග්‍රහය සහ සහයෝගීතාවයෙන් මිතිලා පෙරේරා, ජුඩිත් ඇල්ලේපොළ සහ අබ්දුල් මනන් ඔටාවා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගි වූහ.
---------------------------
by (2017-10-30 00:38:01)
Leave a Reply