කොස්ගොඩ මෝටර් සයිකල් වලින් පැමිණ තැබූ වෙඩි ප්‍රහාර වැලකින් 4 ක් මරුට: සිසුවකුට තුවාල (Video)

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.29,  ප.ව‍‍‍.2.35) ගාල්ල දිස්ත්‍රික්කයට අයත්, කොස්ගොඩ පොලිස් වසමේ යුධපිටිය, මැනික්ගම හා කුරුදුගහපියස යන ප්‍රදේශවලදී අද අළුයම්  කාලය තුල නාඳුනන පුත්ගලයින් කිහිපදෙනකු පැමිණ සිදු කල වෙඩි තැබීම් වලදී, පුද්ගලයින් සිවු දෙනකු මියගොස් පාසැල් සිසුවෙකු තුවාල ලබා තිබේ.

මුල්ම වෙඩි තැබීම කුරුදුගහ පියස පුදේශයහි දී සිදු කර ඇති අතර එම වෙඩි තැබීමෙන් වයස 15 ක පමණ පාසල් සිසුවා තුවාල ලබා ඇත. පසුව දෙවැනි වර වෙඩි තබා ඇත්තේ මැනික්ගම ප්‍රදේශයේදීය. එහිදී වයස 39 ක කපිල රත්න පෙරේරා නම් පුද්ගලයකු මියගොස් තිබේ. අරක්කැමියෙකු වන ඔහු මරණ තර්ජන නිසා වසර 4 කින් පමණ නිවසට පැමිණ ඇත්තේ එදිනය.  තුන්වන වෙඩි තැබීම යුධපිටිය ප්‍රදේශයහි දී සිදු කර ඇති අතර එහිදී එකම පවුලේ පියා (52) , සහ 20 හැවිරිදි හා 13 හැවිරිදි පුතුන් දෙදෙනා වෙඩි වැදී මියගොස් ඇත.

මෙම වෙඩි වැදී මියගිය පිරිස හා තුවාල කරුවන් බලපිටිය මූලික රෝහල වෙත ගෙනැවිත් තිබේ. සිද්ධියට හේතුව ලෙස දැනට සැක කරණුයේ පැරණි ආරවුලක් දුරදිග යාමක් බව පොලීසිය පවසයි. මේ වනවිට කොස්ගොඩ පොලීසිය විමර්ෂණ ආර්ම්භ කර ඇත.

දැනට සිදුකල විමර්ෂණ අනුව තොරතුරු ලැබී ඇත්තේ යතුරු පැදි කිහිපයකින් පැමිණි පිරිසක් මෙම ඝාතන සිදුකර ඇති බවයි

ඉඳුනිල් කැළුම් ජයවීර විසිනි

අදාල වීඩියෝවක් පහතින් 

---------------------------
by     (2017-10-29 09:37:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

How many colours in the list black, white, coat and apple?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more