මුළු යාපනය අර්ධද්වීපයම එකම මළගමක් බවට පත්වෙයි..!

(ලංකා ඊ නිව්ස් - 2017.ඔක්.29, ප.ව.1.55) යාපනයේ අරියාලේ ප්‍රදේශයේදී මවක් සිය දරුවන් තුන්දෙනාටද වස පොවා මරණයට පත් කොට අයද වස බී පසුගිය සිකුරාදා (27 දා) මරණයට පත්වීමෙන් පසුව ඔවුන්ගේ මළ සිරුරු 28 දා නිවසට රැගෙන ඒමත් සමගම මුළු යාපනය අර්ධද්වීපයම එකම මළගමක් බවට පත්ව තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසුව ඔවුන්ගේ මළ සිරුරු නිවසට රැගෙන ඒම සඳහා විශාල කාලයක් ගතව ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හා සාක්කි සටහන් කරගැනීම සදහා විශාල කාලයක් වැය වීම හේතුවෙනි.

මෙසේ මියගොස් ඇත්තේ විසි අටහැවිරිදි එස්. සුනේත්‍රාදේවී නැමති මවක හා ඇගේ වයස අවුරුදු හතරක දියණිය, වසර දෙකක හා එක්වසරක  පිරිමි ළමුන් දෙදෙනාය.

මෙම මරණ වලට හේතුව වස පානය කිරීම බවත් සියදිවි හානිකරගැනීම හේතුවෙන් මේ පිරිස මරණයට පත්වී ඇති බවත් පරීක්ෂණ කටයුතු වලින් පසුව නිගමනය කොට තිබේ.

මේ මව සිය දරුවන්ට අයිස්ක්‍රීම් සමග වස පොවා ඇයද වස පානය කොට මියගොස් ඇත්තේ සිය සැමියා විසින් ලබා ගන්නා ලද රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයක ණය මුදලක් ණය කරුවන් විසින් ඇගෙන් නිතර නිතර ඉල්ලා සිටීම නිසා බව ඇය විසින් මියයාමට පෙර යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලන්චෙලියන් මහතා වෙත ලියන ලද ලිපියක සඳහන් වෙයි.

මෙම ණය මුදලද ඇගේ සැමියා විසින් ලබා ගන්නා ලද ණය මුදලක් නොව එම මුදල ඔහු ඇපවී වෙනත් අයෙකුට ලබාදෙන ලද ණය මුදලකි. කෙසේ වෙතත් මෙම මුදල් අර්බුදය නිසා ඇයගේ සැමියාද මීට මාස කීපයකට පෙර වස බී සියදිවි හානිකරගෙන ඇත.

ඇය විසින්  විනිසුරුවරයාට ලියන ලද ලිපියේ මෙසේ සඳහන් කොට ඇත.

"ගරු මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතාණනි,

 2017. 09. 03. මගේ සැමියා රු. කෝටියයි ලක්ෂ17 ක් දී  රැවටුණු හේතුවෙන් සිය දිවි නසා ගත්තේය. මගේ සැමියා නැති ජීවිතයෙන් මට පලක් නැත.

මගේ සැමියා අබ්බගාතයකු වී හෝ අපි සමග ජීවත් වුනානම් ඒත් මට සෑහෙන්න තිබුණා. නමුත් අපට ඒකට වාසනාවක් තිබුනේ  නෑ.

දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න කියලා හිතුනත් ළමයි අහන ප්‍රශ්නවලට මට උත්තර නෑ. ළමයි අහනවා තාත්තා කවදා එයිද? තාත්තා පේන්න එන්නේ නැත්තෙ ඇයි? අපේ තාත්තා සුදුයි නේද? තාත්තා ගේ කන්වල පුලුන් ගහලා තිබුණේ ඇයි? අපේ  තාත්තා සුදුයි නේද?  තාත්තා ඇයි කලු පාට  වුනේ? සුදු විදිහටම  තාත්තා ආයිත් එයිද? තාත්තා ආවම අපි පාර්ක් එකට යමුද? 

මේ වගේ මගේ දරුවන් අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බෑ. මම කොච්චර කාලෙකට දරුවන් රවට්ටන්නද? 

අපේ මරනෙට හේතුව ශ්‍රී සංකර් නම් පුද්ගලයා, ඔහුගේ බිරිය සුගන්යා සහ සිරිදරන්.  අපි අද මේ තත්ත්වයට වැටෙන්න මේ අය වග කියන්න ඕන. 

දෙවියන් මේ ලෝකේ සත්‍ය පසිඳලන්න ඉතා සීමිත පිරිසක් තෝරාගෙන එවලා තියෙනවා. මම විශ්වාස කරන විදිහට ඔබ තුමාත් ඒ අයගෙන් එක්කෙනෙක්. අපට වෙච්ච අසාධාරණයට ඔබ තුමා සාධාරණයක් ඉටු කරන්න. අපේ නිර්දෝශි භාවය ඔප්පු කරන්න අපි අපේ පණ දෙනවා."

මීට අමතරව සිය අවසන් කටයුතු කළ යුතු ආකාරය කියා  මිය ගිය කාන්තාව සිය මව් පියන්ට ලියූ ලියුමක්ද හමු වී ඇත. එම ලියුමේ සිංහල පරිවර්ථනය මෙසේය, 

"ආදරණීය අම්මා, තාත්තා, අයියා අක්කා, 

හැමෝම මට සමාවෙන්න. ඉපදුනු හැම කෙනාම මැරෙනවා. ඒක ගැන හිතලා ඔබ හැම දෙනාම හිත හදාගන්න.

අම්මයි තාත්තයි දරුවකු විදිහට මට හැම යුතුකමක්ම කළා. අපි ජීවත් වුනු කාලය අඩු වුණත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා.

මම ඔබ සැම සමඟ එක්ක ජීවත් වෙන්න තිබුණු කාලය සම්පූර්ණයි. අඩු පාඩු දාහක් වටේ තිබුණත් ඒවා එච්චර ලොකු දේවල් නෙවෙයි. 

මගේ සැමියා මට දීපු ජීවිතෙත් සම්පූර්ණයි. නමුත් එක දුකක් තියෙනවා. අපිට පවුලක් විදිහට දිගුකලක් ජීවත් වෙන්න අශාවක් තිබුණා. අවසන් මොහොත දක්වා අපි ඒකට සටන් කළා. දැන් අපි යන්නම්. 

මගේ අම්මාව රැක බලා ගන්න. මගේ සැමියාට මට වඩා අශාවක් තිබුණා මගේ මවුපියන් ළග තියාගෙන මැරනකන් සලකන්න. නමුත් දැන් අපි යන්නම්. 

මීට ආදරණිය සුනේත්‍රා(පවා)    සහ මිණිපිරි, මුණුබුරන්.

මගේ සහ මගේ දරුවනන්ගේ අවසන් කටයුතු මගේ ගෙදරින් කරන්න. කිසිම විදිහකින් ඒක මගේ සැමියාගේ පැත්තට දෙන්න එපා. ඒක තමයි මගේ අවසන් කැමැත්ත. අවශ්‍ය වුනොත් මේ ලියුම පොලිසියට පෙන්නලා බොහෝම චාම් විදිහට හේවිසි බෙර නැතිව අපේ අවසන් කටයුත් ඉක්මනින් ඉවර කරන්න.

මීට ආදණිය දුව සුනේත්‍රා"

මියගිය හතර දෙනාගේ අවසන් කටයුතු 29 දා යාපනය අරියාලේ   පොදු  සුසාන භූමියේදී  එකම ස්ථානයකදී සිදු කිරීමට නියමිතය.

සේයාරූ සහ වාර්තාව දිනසේන රතුගමගේ 

---------------------------
by     (2017-10-29 08:30:26)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

It's very sad.
-- by Daya Ratnayake on 2017-10-29

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more