සිරසේ මෛත්‍රී වැඩීමේ මාධ්‍යකරණය සමග ‘බීප් බීප් සිට අඩෝකරණය‘ දක්වා ටියුන් වීම

ගානි වාසුහේවාගේ සටහනක්

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.29,  ප.ව‍‍‍.12.25) ‘සිරස‘ යනු හිස යයි සම්මතයක් තිබුනද  මහාරාජාගේ ‘සිරස‘ යන්නෙහි නවතම අරුත ‘සිරිසේනගේ රහස් සංඛ්‍යාත‘ යන්නය. උපන්ගෙයි අපත ගනයට වැටෙන සිරස හිස මුදුනේ අසූචි තබාගත් ඉස්සාට දෙවැනි වන්නේ නැත. මාධ්‍ය යනු රටක් ලෝකයක් නිවැරදිව නගා සිටුවිය හැකි මෙන්ම යුතු කලාවකි. තම ප්‍රධානියාගේ බඩගෝස්තරය වෙනුවෙන් තම හෘද සාක්ෂිය පවා උලාකමින් නිරුවත්වීම කොහෙත්ම මාධ්‍යකරුවන්ට නොවටනේය. වරක් දෙවරක් නොව එකෙක් දෙදෙනෙක් නොව අසීමිත ලෙස වරදේ බැඳෙමින් මාධ්‍යකරණය ගණිකා වෘත්තියේ යොදවමින් මේ කරණ නින්දිත රංගනයට තිත තැබීමට සූදානම් විය යුතුය. මහාරාජාලා මෙල්ල කිරීමට පුංචිරාලලා පෙරට පැමිණිය යුතුය.

සිරස මහාරාජාගේ බූදලයක් බව සැබෑය. නමුත් ඒ මගින් රටම තම බූදලයක් නිධානයක් කරගන්නට ආක්‍රමණයක යෙදෙන මහාරාජාලාගේ බත්බැලකම් කරන සට්ටැඹි නිවේදකයන් තමනට ලැබෙන සන්තෝෂම් වෙනුවෙන් පාවා නොදෙන්නේ  තම මව පමණකැයි ස්ථිරව කිව නොහැකිය. මොවුන් තම මව වුව පාවා දීමට සූදානම් ය.  මෙහි පරම ඛෙදවාචකය නම් මොවුන් මෙලෙස සට්ටැඹි කම් කරන්නේ ස්ථීර සේවයේ වත් නොපිහිටා වීමය. අවම වෘත්තීය අයිතිවාසිකම් පවා නොදී  සට්ටැඹි කම් කරවා ගැනීමට මහාරාජා සූරයෙකි. තම රෙද්ද අසූචියෙන් පිරී තිබුනද අනෙකාගේ රෙද්දේ මලකඩ පැල්ලම ගැන මහා හඬක් නගන සිරසේ වහල් සට්ටඹිරාළලා රට තුළ පවතින දූෂණ වංචා දකිනුයේද පංගු පේරුවට ය. සමහරක් ඇහේ වැදුනද ඒවා නොපෙනෙන අතර ලොක්කා අනුමත දූෂණ ගැන පමණක් ‘දූෂණ විරෝධී‘ අවිය ඔසවති. 

සිරස තරම් මාධ්‍ය කලාව අවජාතක කරණයට ලක්කළ වෙනත් මාධ්‍යයක් මෙරට නොව පරසක්වලවත් ඇද්ද යන්න සැක සහිතය. තම දේශපාලන අවශ්‍යතාවන් සඳහා ජනයාගේ තොරතුරු දැනගැනීමේ කාලය වන ප්‍රවෘත්ති විකාශන කාලය ඉතා අශීලාචාර ආකාරයෙන් ඩැහැගෙන තම ප්‍රධානියා සනහන මඩ ගොහොරුවක් බවට පත්කිරීම මාධ්‍යයටත් ජනතාවටත් කරන සාහසික අපරාධයක් නොවන්නේද?

රටක ජනයාට ඕනෑම දේශපාලන පක‍්ෂයක් වැළඳගැනීම හෝ ඉවත ලෑම කළ හැකිය. සිරසටත් එය පොදු නමුදු සිරසට අමනාප දේශපාලකයන් පක‍්ෂ නායකත්වයෙන් පළවා හැරීමේ දීන ක්‍රියාවට යොදා ගන්නේද අපගේ ප්‍රවෘත්ති විකාශන කාලයයි. “මොහු නායකයෙක්ද?“, “ලැජ්ජා නැති නායකයා“, “පළවා හැරිය යුතු නායකයා“ වැනි ප්‍රකාශ ඉදිරිපත් කරමින් රනිල්ට දිවා රෑ පෙරලාගෙන පහර දුන්නද ඔහු පක‍්ෂ නායකත්වයෙන් බැහැර කරලීමට නොහැකිවූවා පමණක් නොව රටේ අගමැතිවරයා බවට ද පත්විය.  සිරස කලක් අගමැති කරන්නට තැටමූ  මිලින්ද මොරගොඩට අද ඇඩ්‍රසුත් නැතිය. සජිත් ප්‍රේමදාස යාන්තම් නිවාස ඇමැතිකමකින් ජාම බේරා ගෙන සිටී. බුද්ධික පතිරණ විනාශ කෙළේ ද සිරස ය. මේ ලැයිස්තුව විශාල ය. මේවායින් ගම්‍යවන්නේ සිරස ලොකුවට පුම්බා ගත්තද සිරස යනු තමුන් සිතුවාට රජුන් තනන්නෙක් නොවන බවය. 

අතයට ලැබෙන කාසියට වාසියට නිරුවත් රංගනයක යෙදුනද මුලූමහත් රටවැසියා නොමග යැවීමට සිරසට නොහැකිය. මේ වග රටේ ජනයා තේරුම්ගත් පමණට වත්මන් ජනපති තේරුම්ගෙන නැත. “සිරස නිසා මට තව වරක් බලය ලැබීමට හැකිය“ යන්න මිත්‍යාවක් බව වත්මන් ජනපතිට තේරුම් යෑමට වන පමාව තුළ සිදුවනුයේ අත යට ලාභ ප්‍රයෝජන භුක්ති විඳිමින් මහාරාජා පොහොසත් වීම පමණි. (ජනපති සුදනාම යැයි උපකල්පනය කරමු) 

සිරස නිතරම තමුන්ට එරෙහිව එල්ලවන චෝදනාවලට ඉතා උස්හඬින් කෑ ගසමින් අපේ ප්‍රවෘත්ති කාලය කා දමයි. ඒ තමනට එල්ල වන චෝදනාවලට පිළිතුරු දීමට නොව චෝදනා එල්ල කළ එකාලාට පහර දීමට ය. වරෙක රනිල් මහාරාජා ගැටුමකදී රනිල් විසින් පැවසුවේ කිලී තමාගෙන් ජාතික ලැයිස්තු මංත්‍රී පදවි දෙකක් ඉල්ලූ නමුත් තමන් නොදුන් බවයි. හැකිනම් එය බොරු යයි කියන ලෙසද රනිල් අභියෝග කෙළේය. සර්ව නිර්දෝශී සිරස එදා පිළිතුරු දුන් හැටි අපට මතකය. “ඔය වගේ දේවලට පිළිතුරු දීමට තමන්ට අවශ්‍ය නැතැයි“ මහාරාජා  පැවසූ බව වහල් නිවේදකයා ආඩම්බරයෙන් වැමෑරූ හැටි අමතක නැත. අභියෝගයට මුහුණ දෙන සිරසේ පිළිතුරු දීමේ කලාව එවැනි ය. 

මේ මොහොතේද මෛත්‍රී වැඩීම පිණිස මහාරාජා සහ සිරස අගමැති රනිල් ලුහුබඳිමින් පහර පිට පහර දෙමින් සිටිති. අපට රනිල් ගැන අමුතු ලැදියාවක් නැත. අපට ව්‍යාපාර ද නැත. නමුදු අපට අමු අශීලාචාර ප්‍රහාර මගින් මාධ්‍යකරණය වේසාකමේ යෙදවීම ගැන කැක්කුමක් ඇත. එය රනිල්ට ද බැසිල්ට ද මෛත්‍රීට ද මහින්දට ද යන්න වැදගත් නොවේ. වරදට පහරදීම කළ යුතුම නමුත් එය සිරසේ මගඩියක් හෙළි කළ විට හෙළිකළ එකාට ‘අඩෝ‘ කියමින් පහර දීම සම්පූර්ණයෙන් මාධ්‍යකරණය වේසාකමේ යෙදැවීමක් හෙවත් මාධ්‍ය ‘අඩෝකරණය‘ කිරීමකි.  බැසිල් චෝදනා කළ සිරසේ සංඛ්‍යාත මගඩියට සිරසට පිළිතුරු තිබිය යුතුය. තමාගේ දූෂණය ගැන මීක් නොකියා බැසිල්ගේ දූෂණ වලට තඩි බෑම වේසාකමටත් එහා ගිය එකකි. තමන් සිරිසේනගේ රහස්‍ය සංඛ්‍යාත නොවේ යයි දැන්වත් සිරසට කිව හැකිද?

මහින්ද රාජපක‍්ෂ යුගයේ දී ඔහුට එල්ල වූ චෝදනාවලදී මේ සිරස රාජපක‍්ෂ නම් වලට ‘බීප් බීප්‘ කියමින් මග හැරිය බව රටම දනිති. ඒ බිය නිසා නොවේ නම් ගෞරවය නිසා විය යුතුය. නිර්භීත කමටත් බීප් බීප් ගානවා ද යන්න දන්නේ උඩ සිටිනා  දෙවියන් පමණි. පාලකයා කවුරු වුවද ඔහුව පුම්බා උඩ දමා තම බඩගෝස්තරය වඩා ගැනීම සිරසේ ජන්ම ගතිය බව ජනයා නොදන්නවා නොවේ. ඊටම සරිලන නරි රෑණක්ම සිරිසේ සිටින අතර ඔව්හු මහාරාජාගේ අසූචි වුව බුදිමින් එය මනාව ඉටුකරති

රටේම දූෂණ වංචා ගැන මහා පම්පෝරි ගසන සිරසේ සුරංග සේනානායක තම දෙවන වසරේ දියණිය හොර පාරෙන් ජනප්‍රිය පාසලකට ඇතුලත්කර ගැනීමට කළ දූෂණ ගැන නිහඬය.  එහෙව් සුරංග අනෙකාගේ දූෂණ ගැන දොඩන්නේ හතර අතට උඩ පනිමිනි. (එම දියණියගේ නම පාසල සහ ඇතුලත් කරගත් ආකාරය සියල්ල අප සතුව ඇතත් අප එය හෙළි නොකර සිටින්නේ සිරසට වඩා සදාචාරයක් අපට තිබෙන නිසාය)

වරක් සරත් ෆොන්සේකා සහභාගි වූ සංවාදයක දී තම පක්ෂයෙන් පැන්නූ සිරසේ ආවතේව කිඳෙල්පිටිය අනෙකුත් ප්‍රධාන පක‍ෂවලින් පවා ප්‍රතික්ෂේප වූ විට ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම ගැන ප්‍රකාශ කරන්න යද්දී පොළවේ හැපෙමින් එයට බාධා කරමින් එය වැලැක්වූයේ චන්දන සූරියබණ්ඩාර සහ සුරංග සේනානායකය. දූෂිතයා, අපතයා තම සනුහරේ නම් ඌව රැක ගැනීම මොවුන්ගේ ‘සත්‍යයේ සටහන‘ ය.  ‘බුද්ධියේ විමසුම‘ ය.

බැසිල් යනු දූෂිතයෙකි. එය අප නොව ඔහු විසින් දශකයක් පුරා පෙන්වූ වීරක්‍රියා වලින් ලබාගත් ‘නම්බු නාමයකි‘. බැසිල් සෝදා පිරිසිදු කිරීම හෝ ඔහුට සිදුවන ප්‍රහාරයන්ට පලිහක් වීමට ලියුම්කරුට මොළයේ අමාරුවක් ද නැත. නමුත් අප කතාකරන ගැටළුව වන්නේ හෙළුවෙන් එකට සිටින දෙදෙනෙකු ගෙන් එකෙකුට අනෙකාගේ හෙළුව පමණක් මහ මෙරක් ලෙස පෙනීමය. ප්‍රවෘත්ති විකාශය කරන අතරට කඩා පැන රොෂාන් වටවල නම් මහාරාජාගේ වහලා එදා සිදුකළ ප්‍රාතිහාර්ය අහම්බයක් ලෙස හුවා දක්වා නිදොස් වීමට වලිකෑවද ඒ අහම්බයද දූෂිතයෙකුගේ ජන්ම ගතිය බව මහජනතාව දනිති.

දූෂිත බැසිල්ගේ ප්‍රකාශය වූයේ රටේ ජනතාවගේ අයිතියක් වන විද්‍යුත් සංඛ්‍යාත හොර පාරෙන් අත යටින් රජයට කෝටි ගණනක් අලාභ කරමින් සිරස ලබා ගැනීම පිළිබඳවය. මෛත්‍රීපාල සිරිසේනට තව වරක් ජනපති අසුනේ පශ්චත්භාගය තබා ගැනීමට උදව් දෙනවා යන කොන්දේසිය මත අතයට ලබාගත් ජනතා දේපලක් වන විද්‍යුත් සංඛ්‍යාත ගැන දූෂිත බැසිල් ගේ ප්‍රකාශයට රොෂාන් වටවල නම් මහාරාජා ගේ වහලා දුන් ප්‍රකාශයේ පිළිතුරක් තිබුනේද? නැත. එපමනක්ද? සහෝදර සමාගම්, පුත්‍ර සමාගම්, අඹු සමාගම් වලින් බැට කෑ ජනයාට නවතම බෑණා සමාගම් හරහා රුසියානු පරණ යකඩ නැව් වලින් (gepard  වර්ගයේ  Frigate class නැව) කොමිස් පෙරා ගැනීමට ඇප කැප වී රජුට සේවය සලසන මහාරාජාගේ  ආදර්ශ පාඨය වී ඇත්තේ “මාමාට රජකම පෙන්වා බෑණා හරහා අපට ගණුදෙනුව“ යන්න විය යුතුය. 

වරක් පෝට් සිටියට එරෙහිව මරාගෙන මැරෙන සටනක් කළ මේ මහාරාජාලා කොට්ට උරය කනපිට ගසන්නා සේ කනපිට ගසා රට වටේ ගඩොලක් ඔසවාගෙන ගොස් පෝට් සිටිය අභිෂේක කෙළෝ ය. ගමනේ සහ ක්‍රියාවේ අතයට ලාභය කෝටි සිය ගණනක් නොවන්නේද? පට්ට යහපාලනයක් පවතින මේ යුගයේ ගිනි අව්වේ සාරි පොට අල්ලාගෙන සිටි ළමුන් ගැන මෙන්ම ගිනි අව්වේ ගඩොල් අතින් අත පාස් කිරීමට පාසල් සිසු සිසුවියන් භාවිතා කළ වුන් ගැනද සාධාරණ පරීක‍්ෂණයක් පැවැත්විය යුතු නැතිද ? 

අවසාන වශයෙන් හුදී ජනයා සංවේගයට පත්ව ඇත්තේ තමන්ගේ දේපලක් ජනාධිපතිවරයා අත යටින් දූෂිත ව්‍යාපාරිකයින්ට ප්‍රදානය කිරීමට වඩා එම කාරණාව හෙළිවීමෙන් පසු ජනාධිපතිවරයා ගොලු බවට පත් වී, කසාය ද බී, දෑතින් නිරුවත වසා ගැනීමට කරන වෑයම නිසාය. අත යට සංඛ්‍යාත ලබාගත් මහාරාජලාට සහ ඔවුන්ගේ සට්ටැඹි වහලුන්ට නම් නිරුවත්වීම ගැටලුවක් වන්නේ නැත. මන්ද අත යට ලාභ උදෙසා ඕනෑම පාලකයෙක් උඩ දමමින් අමු අශීලාචාර මාධ්‍යකරණයේ යෙදීම  උන්ගේ උපන් ගතිය නිසාය. පෙරදී දූෂණ විරෝධීන් සේ කතා කළ නමුත් දැන් රජ වූ පාලකයාගේ සට්ටැඹියන් වී සිටින අවස්ථාවාදී අපතයන්ද ‘සිරිසේනගේ රහසිගත සංඛ්‍යාත‘ දූෂණය ගැනත් නැව් දූෂණය ගැනත් ඉන්නේ මුඛ පූට්ටුවෙන් බවද ලියා තැබිය යුතුය.  

ගානි වාසුහේවා

---------------------------
by     (2017-10-29 07:17:10)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  6 discussion on this news

පහුගිය කාලය පුරාම හමුදාව සමච්චලේට ලක් කරපු මහාරාජාලාගේ වැසිකිලි සිරසේ බඩගෝස්තර නිවේදකයන් තමනට ලැබෙන සන්තෝෂම් වෙනුවෙන් තම ගෑණිද දූලාද පාවාදෙන බව ආයතනයේ බොහෝ දෙනෙක් දන්නව...- සිරසෙ දම්මික
-- by දම්මික on 2017-10-29

‘ලොක්ක අපිට කියනව නං කක්ක උනත් අපි කන්නං‘ සිරස ටීවී රේඩියෝ මාධ්‍ය වේදීන්ගෙ තේමා පාඨය!
-- by ඩයස් on 2017-10-29

බැසිල්ගේ ප්‍රකාශය වූයේ රටේ ජනතාවගේ අයිතියක් වන විද්‍යුත් සංඛ්‍යාත හොර පාරෙන් අත යටින් රජයට කෝටි ගණනක් අලාභ කරමින් සිරස ලබා ගැනීම පිළිබඳවය. මෛත්‍රීපාල සිරිසේනට තව වරක් ජනපති අසුනේ පශ්චත්භාගය තබා ගැනීමට උදව් දෙනවා යන කොන්දේසිය මත අතයට ලබාගත් ජනතා දේපලක් වන විද්‍යුත් සංඛ්‍යාත ගැන දූෂිත බැසිල් ගේ ප්‍රකාශයට රොෂාන් වටවල නම් මහාරාජා ගේ වහලා දුන් ප්‍රකාශයේ පිළිතුරක් තිබුනේද? නැත. එපමනක්ද? සහෝදර සමාගම්, පුත්‍ර සමාගම්, අඹු සමාගම් වලින් බැට කෑ ජනයාට නවතම බෑණා සමාගම් හරහා රුසියානු පරණ යකඩ නැව් වලින් (gepard වර්ගයේ Frigate class නැව) කොමිස් පෙරා ගැනීමට ඇප කැප වී රජුට සේවය සලසන මහාරාජාගේ ආදර්ශ පාඨය වී ඇත්තේ “මාමාට රජකම පෙන්වා බෑණා හරහා අපට ගණුදෙනුව“ යන්න විය යුතුය
-- by දම්මික on 2017-10-29

සුරංග සේනානායක ඇතුළු පහල එවුන් ටික කරන්නෙ උසි උසි කිව්වහම බුග් බුග් ගාන එක විතරයි, ඔතන දෙන්නෙක් ඉන්නව උන් දෙන්න තමයි කොටි මහරාජගෙ වෛරය ප්‍රවෘත්ති කරන්නෙ...
-- by tuwo on 2017-10-29

සිරස කියන කාලකන්නි චැනල් එක අපේ රටේ තිබුණු තැන්පත් සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාස කලා.
-- by නාලිනී on 2017-10-30

දකුණු ඉන්දියානුවෙක් වගේම කොටි හිතවතෙක් වන කීලී මහරාජට අයිති සක්කිලි සිරස චැනල් එක ගම්බද ගෑණු ලමයි සුපර් ස්ටාර්ල කරන්න කියල ගෙන්නගෙන ඔවුන්ගෙ විලිබිය නැති කරනව, ඒකට උන් කියන්නෙ සබකෝලය නැතිකරනවැයි කියල. උන්ට බදාගෙන නටන්න පුරුදු කරනව එතකොට උන් බිලි ගන්න සිරසෙ කාමුකයන්ට ලේසියි. පහුගිය කාලෙ, තරඟ වලට ආපු ලාබාල ගෑනු ලමයින්ගෙ නිරුවත් ඡායාරූප අරගෙන අන්තර් ජාලෙට දාල තිබුනෙත් මුංගෙ උන්, ඒ පරීක්ෂන වලට වුනු දෙයක් නෑ!
-- by අයන්ති on 2017-10-30

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more