අතේ පත්තු සාලාව විනාශයෙන් විපතට පත් ජනතාව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව හෙට..!

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.29,  පෙ.ව‍‍‍.5.40) ලෝකයේ හමුදාවක් තම ප්‍රධාන අවි ගබඩාව තමා අතින්ම පුපුරා යෑමට කිසි සේත් ඉඩ හරින්නේ නැති නමුත් සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පැවැතියදී යුධ හමුදාවේ ප්‍රධාන අවි ගබඩාව වූ සාලාව අවි ගබඩාව පිපිරීමෙන් හානි වූ නිවාස හා දේපළ වලට සාධාරණ විසඳුමක් ලබා දීමට රජයට නියෝග කරන ලෙස ඉල්ලා සාලාව ජනතා එකමුතුවත් පීඩාවට පත් ජනතාවත් ගොනු කළ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුව හෙට සඳුදා (30) උදේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවීමට නියමිත ඇත. 

අවි ගබඩාව පුපුරා ගොස් මාස 16 ක කාලයක් ගෙවී ඇති නමුත් පිපිරීමෙන් හානි වූ ජනතාවගේ නිවාස සහ භාන්ඩ, විනාශ වූ රථවාහන, ව්‍යාපාරික අලාභ ඇතුළු කරුණු වලට සාධාරන විසඳුමක් අපේක්ෂාවෙන් මූලික අයිතිවාසිකම් නඩුව ගොනු කර ඇත. 

සේනාධිනායක ජනාධිපතිවරයාගේ විධාන යටතේ පවතින රජයේ හමුදාවක් මහජන ආරක්ෂාවෙන් තොරව කටයුතු කිරීම හේතුවෙන් ජනතාවට සිදු කළ අනර්ථයක් වන මෙම සිදුවීමේදී රජය පාර්ශවයෙන් ජනතාවට සාධාරන හා යුක්ති සහගත විසඳුමක් ප‍්‍රමාණවත්ව නොලැබීම නිසා එම යුක්තිය, සාධාරණය වෙනුවෙන් ජනතාව මෙම ක‍්‍රියාදාමයට අවතීර්ණය වී ඇත. 

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ විභාග වූ පරීක්ෂණයේදී නිකුත් කළ අතුරු වාර්ථා නිර්දේශ රාජ්‍ය ආයතන මගින් ක‍්‍රියාත්මක නොකිරීම නිසා ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක් අපේක්ෂා කිරීමට සිදුවිය.

මෙම අවි ගබඩාව පුපුරා යෑමේ වගකීම් දැරිය යුතු ප්‍රධානියෙක් වන හිටපු හමුදාපති ‘අතේ පත්තු බාස් උන්නැහේට‘ සිද්ධියෙන් පසුව වසරක සේවා දිගුවක් ලබා දීමත්, විශ්‍රාම යෑමෙන් අනතුරුව විදේශ තානාපතිවරයෙකු ලෙස පත් කිරීමත් පුදුම සහගත වන්නේ කිසිදු අවි ගබඩාවක් අතේ පුපුරුවා නොගත්තා පමණක් නොව සතුරු නැව් 10 ක් මුහුද මැදදී වැනසූ, රටට ලැබුණු අති දක්ෂතම නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මාස 2 ක සේවා කාලයකින් විශ්‍රාම ගැන්වීම හා සසඳා බලන විට ය. 

---------------------------
by     (2017-10-29 00:15:25)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

කිලී මහරාජාටයි තමන්ගෙ බෑනටයි රටේ ධනය හොරා කන්න ක්‍රම හදල දෙන මෛත්‍රිපාල මේ මනුස්සයන්ට වෙච්ච අලාභ හානි වලට වන්දි ගෙවන්නෙ නැත්තෙ ඇයි?
-- by සිංහලේ on 2017-10-29

‘අතේ පත්තු බාස් උන්නැහේට‘ වසරක සේවා දිගුවක් හා විශ්‍රාම යෑමෙන් අනතුරුව විදේශ තානාපතිකමක්! සතුරු නැව් 10 ක් මුහුද මැදදී වැනසූ, රටට ලැබුණු අති දක්ෂතම නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියාට මාස 2 කින් විශ්‍රාම ගන්වා ගෙදර යැවීමක්! .......ගිරාම සේවකගෙ හමුදා දැනුම මාරයි!
-- by ඩයස් on 2017-10-29

අවි ගබඩා සේරම පිපිරුනාවෙ, මායි වැසිකිලි චැනල් එකේ මහරාජයි එකතු වෙලා සේරම අවි ගබඩා පුරවනවා බොලව්...
-- by කළුවා on 2017-10-29

Mekath dina kaldaida
-- by Mihikathage Daruwo on 2017-10-29

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more