බැඳුම්කර කොමි-සමයමේ කාලය දිගු කිරීමේ ඇත්ත හේතුව එස්බීගේ කතාවකින් හෙලිවේ..!

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.28,  පෙ.ව‍‍‍.8.45) බැඳුම්කර නිකුතු වලදී සිදුවන දූෂණ අක්‍රමිකතා වළක්වා ගැනීමේ අපේක්ෂිත අරමුණු පසෙක ලා එජාප නායකයන්ට ව්‍යාජ අවලාද නැගීමට ප්‍රමුඛත්වය දී භාවිතා කිරීම නිසා කොමි-සමයමයක් බවට පත්ව ඇති ජනාධිපති බැඳුම්කර කොමිසම ඊයේ දිනයෙන් කාලය අවසන් වුවද ජනාධිපතිවරයාගේ නියමය පරිදි තවත් සති 6 කට එනම් දෙසැම්බර් මැද දක්වා කාලය දිගු කර තිබේ. මෙවර කාලය දිගු කෙළේ දෙවන වතාවට ය.

මෙහි එකම අරමුණ නම් එළැඹෙන පළාත් පාලන මැතිවරණ සමයේ දී ද එජාපයට පහර දීම සඳහා කොමි-සමයම භාවිතා කිරීම බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. 

මීට හොඳම උදාහරණ මෙසේය‍. කොමිසම තම සාක්කි විමසීම් නවතා දමා කාලය දිගු කිරීමක් අවශ්‍ය යැයි කීවේ වාර්තාව සකස් කිරීමට ය. නමුත් දැන් කාලය දිගු කිරීමෙන් පසු කියන්නේ තවත් පුද්ගලයන් කැඳවා සාක්කි විමසීමට තිබෙන බවයි. මෙය මුල් ප්‍රකාශය අනුව පරස්පර විරෝධීය. ඉන් කාලය දිගු කිරීමේ සැබෑ අරමුණ එනම් පළාත් පාලන මැතිවරණ සමය තුල එජාපයට එරෙහි මඩ ගැසීම තවදුරටත් පවත්වාගෙන යෑමේ අරමුණ මල්ලෙන් එළියට පැන තිබේ. 

කොමි-සමයම එජාප නායකයන් ඉලක්ක කර  බොරු ගොතා අවලාද නගා ඒවාට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දී සිතා මතා අගතියක් සිදුකරන බව සාක්කි සහිතව හෙළිදරව් වූයේ ඇමැතිවරයෙකුගේ ඥාතියෙකු විසින් අනීකාට එරෙහිව මරණ තර්ජන එල්ල කළ බවත් එනිසා ඇය රට හැර ගියා කියා පැවසූ අමූලික අසද්ද බොරුව හේතුවෙනි.  ලංකා ඊ නිව්ස් විසින් පසුගියදා එය සාක්කි සහිතව හෙළිදරව් කෙළේය. එනම් අනීකා රට යන්නේ දුරකථන ඇමැතුමට පෙර බවයි. ඉන්පසු ඔවුන් කීවේ තවත් බොරුවකි. එනම් ඒ තර්ජනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන සීඅයිඩියට ඇමැති දෙපොලක් විසින් බලපෑම් කරන ලද බවයි. ඊට පිළිතුරු ලෙස පෙරේදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පවසා තිබුනේ එවැනි කිසිදු ඇමැති බලපෑමක් සීඅයිඩියට එල්ල නොවූ බවයි. 

මේ සිදුවීම් වලින් ජනාධිපතිගේ බැඳුම්කර කොමි-සමයමේ සැබෑව හෙළිදරව් වුවද ජනාධිපතිවරයාගේ සට්ටැඹි රාල වන කිලී මහාරාජාගේ ‘සිරස‘ හෙවත් “සිරිසේනගේ රහස් සංඛ්‍යාත“ යනුවෙන් මහජනතාව හඳුන්වන නාලිකාව විසින් නිතිපතා එජාප නායකයන්ට මඩ ගැසීමට මෙකී කොමි-සමයම උපයෝගී කර ගනී.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාව මත හිඳ ප්‍රථමයෙන් අගමැතිවරයාද පසුව රවි කරුණානායක ද ඉන්පසුව ලක්ෂ්මන් කිරිඇල්ල ද ඉලක්ක කර මඩ ගැසූ සිරස දැන් අකිල විරාජ්ටද මඩ ගැසීම ආරම්භ කර තිබේ. කලින් මංගල සමරවීරද ඉලක්කයක් වී තිබුනද අංක එකේ ඩබල් ගේම් කාරයෙකු වන සමරවීර මාධ්‍ය ඇමැති සහ මුදල් ඇමැති වීමෙන් පසු මහාරාජා ෂේප් කරගෙන දැන් නිරුපද්‍රිතව සිටී. 

මේ මඩ ගැහිල්ල ගැන පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රීලනිප මෛත්‍රී කණ්ඩායමේ හිතවතුන් අතර රැස්වීමක දී එස්.බී. දිසානායක විසින් විරෝධයක් දක්වා ඇත. එහිදී ජනාධිපතිවරයා විමසා ඇත්තේ “ඉතින් ඒ ගැන එස්.බී.ට ඇති අමාරුව කුමක්ද ?“ කියා ය. ඉලක්ක කරන්නේ එජාප ඇමැතිවරුන් වුවද ඉන් සමස්ථ ආණ්ඩුව ගැනම ජනතාව තුල අප්‍රසාදයක් ඇතිවන බව එහිදී එස්.බී. මතුකරන ලද තර්කය යි. තමන්ට එජාපය හීලෑ කිරීමට අවශ්‍ය බවත් ජනාධිපති පුටුවෙන් යන විට තමන්ට ශ්‍රීලනිප ආණ්ඩුවක් හදා දී යා යුතු බවත් එහිදී ජනාධිපතිවරයා පවසා තිබේ. (ජනාධිපතිවරයා සිතාගෙන ඉන්නේ ජනවාරි 8 වෙනිදා හැට දෙලක්ෂයක් ජනතාව ඔහුව ජනාධිපති පුටුවේ තැබුවේ ශ්‍රීලනිපය ගොඩ ගන්න කියා ය)

මේ අනුව ඉතා පැහැදිලිව පෙනී යන්නේ බැඳුම්කර කොමි-සමයමේ කාලය දිගු කිරීමේ ජනාධිපතිවරයාගේ සැබෑ අරමුණ පළාත් පාලන ඡන්දය දක්වා එජාපයට මඩ ගැසීම පවත්වාගෙන යෑම මිස අන් කිසිවක් නොවන බවයි.

---------------------------
by     (2017-10-28 03:34:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is thirty one thousand five hundred and forty nine as a number?

  1 discussion on this news

රනිල් වික්‍රමසිංහ කොන්ද පණ ඇතුව තීන්දුවක් ගන්න ඕන ඔය මඩ කොමිසම ප්‍රතික්ෂේප කරන්න
-- by බැසිල් on 2017-10-28

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more