සැලොන් ක්ෂේත්‍රය ඉන්ටර්නැෂනල් කොලිටියට..! “SED Salon” ඇරඹේ..!!

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.28,  පෙ.ව‍‍‍‍.7.15) රට පුරා විසිරී සිටින රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ සහ රූපලාවන්‍යාගාරයන්හි ගුණාත්මකභාවය වර්ධනය කිරීම අරමුණ කරගත් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය අගමැතිවරයා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හරහා “SED Salon” නමින් ක්‍රියාත්මක වේ. 

මෙම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යනු 1980 දශකයේ රනිල් වික්‍රමසිංහ මහතා යෞවන කටයුතු හා රැකීරක‍්ෂා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අවධියේ ජාත්‍යයන්තර කම්කරු සංවිධානයේ සහාය ඇතිව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවීමේ අරමුණින් ආරම්භ කරන ලද අංශයකි. මෙම ව්‍යාපෘතියට මගින් දැනුම ආකල්ප කුසලතා සංවර්ධන වැඩසටහන්, පාරිභෝගික සත්කාර පිළිබඳව වැඩසටහන්, අලෙවිකරණ හා කළමනාකරණ දැනුම ලබාදෙන වැඩසටහන් ආදී වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වේ.

රූපලාවන්‍ය ක්ෂේත්‍රය පොදුවේ සියළු දෙනාටම ගුණාත්මක සේවාවන් සපයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීම මෙහි මූලික අරමුණ යි.

මෙම වැඩසටහන සඳහා මේ වන විටත් දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි අයදුම්පත්‍ර 4328 ක් පමණ ලැබී ඇත. රූපලාවන්‍යාගාරවල සම්මත ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඒකාබද්ධව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගිය ජූලි මාසයේ ආරම්භ කර මේ වනවිට සියලුම දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කර අවසන් කර ඇති අතර ඒ සඳහා කළුතර, කෑගල්ල, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ඉහල සහභාගීත්වයක් ලැබී තිබුනි. 

රූපලාවන්‍ය ශිල්පීන්/ශිල්පිණියන් සදහා ජාත්‍යයන්තරව පිළිගත් ජාතික පුහුණ සහතිකය (NVQ) ලබාගැනීම සඳහා යොමු කිරීම මගින් ඔවුන්ගේ වෘත්තිය සඳහා ජාත්‍යයන්තර පිළිගැනීමක් ලබා දීමට ද කටයුතු කරමින් ඇත. මෙම ව්‍යාපෘතිය පිළිබඳව තොරතුරු සහ එයට සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳව සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම ඇති කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ලබාගත හැකිය. 

රූපලාවන්‍ය ක්ෂේත්‍රය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දීමත් කුසලතා පූර්ණ රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිණියන් වාර්ෂිකව ඇගයීමට ලක් කර සම්මානයට පාත්‍ර කිරීමත් මෙම “SED Salon” ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට නියමිත අතර පළමු සම්මාන ලබාදීමේ වැඩසටහන ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට ද නියමිතය. 

වර්තමානයේ තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රිය ක්ෂේත්‍රයක් වන රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රමිතීන් ඇති කරවමින් ආකර්ෂණීය පෞරුෂයක් සහ සෞඛ්‍යමත් දිවියක් සඳහා තරුණ තරුණියන් දිරිමත් කරවීමට මේ තුළින් බලාපොරොත්තු වේ.   

---------------------------
by     (2017-10-28 01:44:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

John's name is?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more