ශ්‍රී ලංකාව හා ඉරානය අතර සිරකරුවන් හුවමාරු කිරිමේ ගිවිසුමකට අත්සන්: දඬුවම එලෙසමයි: රට වෙනස් වෙයි

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.28, පෙ.ව.7.00) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර දඬුවම් පමුණුවනු ලැබ ඇති තැනැත්තන් හුවමාරුකර ගැනීම සම්බන්ධයෙන්  ගිවිසුමක් සඳහා අධිකරණ හා  විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය විසින් පසුගියදා අත්සන් කෙරිණ.

මෙම ගිවිසුම සදහා ඉරාන ඉස්ලාමීය ජනරජය වෙනුවෙන් එරට අධිකරණ අමාත්‍ය ඇලි රාසා අවායි මහතා එරටදී අත්සන් තබා ඇති අතර , අතුකෝරාල මහත්මිය විසින් ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Mohamed Zari Amirani මහතා හා ඇමැතිනිය අතර ගිවිසුම හුවමාරු කිරීම සිදු විය.

සිරකරුවන් හුවමාරු කිරීමේ මෙම ගිවිසුම  යටතේ සිරකරුවන්ට නිදහසක් හිමි නොවන අතර  එම සිරකරුවා ලැබු දඬුවම ඒ ආකාරයෙන්ම තම මව් රට තුළ බන්ධනාගාරවලදි විඳීමට සිදු වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
 
මෙම සිරකරුවන් හුවමාරුකිරීමේ ගිවිසුම 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ අත්සන් කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ගිවිසුම අත්සන් කිරීමේ  අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න ,ඉරාන නියෝජ්‍ය තානාපති Mohomed Reza ahamadi ,විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති අංශයේ විධායක සහකාර මීනා පීරිස්  යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

---------------------------
by     (2017-10-28 01:27:26)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

The list pub, chest, foot, glove, soup and bread contains how many body parts?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more