සේනක ටයිටස් හදිසියේ ස්වර්ගස්ථ වෙයි

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.27, ප.ව. 4.00) රංග ශිල්පියෙකු සේම පුවත්පත් කලාවේදියෙකුද වූ සේනක ටයිටස් මහතා සිංගප්පූරුවේ දී හදිසියේ ස්වර්ගස්ථ වී තිබේ.

ඔහු රඟපාන සිංහල වේදිකා නාට්‍යයක් සිංගප්පූරුවේ දර්ශනයක් පැවැත්වීම සඳහා සහභාගී වී ආපසු සිය රට බලා එද්දී ගුවන් තොටේදී හදිසියේම අසනීප වී තිබේ. රෝහල් ගත කළද ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත. 

සේනක ටයිටස් මහතා ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් සොයුරා ය. 

දිගු කලක් ළමා පුවත් පත් කතුවරයෙකු ලෙසත් වේදිකා නළුවෙකු ලෙසත් කටයුතු කර ඇති සේනක, චිත්‍ර ශිල්පියෙකි. පුවත් පත් කලාවේදියෙකි, චරිතාංග නළුවෙකි. සුන්දර මිනිසෙකි. 

මල්ටි පැක්ස් ආයතනයේ නිකුත් වූ ළමා හා විශේෂාංග පුවත් පත් රැසක උප කර්තෘ වරයෙකු වශයෙන් කටයුතු කළ සේනක ටයිටස් ළමා පුවත්පත් සංස්කරණයෙහි ලා විශේෂ සමත්කම් දැක්වූවෙකි.  ඇපා ප්‍රකාශන සමාගම ප්‍රකාශයට පත් කළ කැකුළු ළමාපුවත්පත ඔහු විසින් සංස්කරණය කළ අලෙවි වාර්තා තැබූ ළමා පුවත් පතකි.

ඔහුවේදිකා, ටෙලි, සිනමා මාධ්‍ය තිත්වයේම දස්කම් දැක් වූ විශිෂ්ඨ චාරිතාංග නළුවෙක් විය. ප්‍රචාරක දැන්වීම් මාධ්‍යයේ ද කලක්-දස්කම් දැක්වූවෙකි.
රසවත් විකට කතා කියමින් මිතුරන් පිනවමින් කොක් හඬලා සිනාසෙන ඔහුගේ මිත්‍රශීලිභාවය ඔහු ඇසුරු කළ මිතුරන්හට කිසිදා අමතක නොවනු ඇත. 

වසර කිහිපයකට ප්‍රථම පොළ‍ඟෙකු දෂ්ඨ කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ ඔහු ඉන් දිවි බේරාගත්තේය. ඉන් පසු ඔහු කීවේ ‘පොළඟ ගහල මැරුණෙ නැති එකේ සෑහෙන කාලෙකට මාව මැරෙන්න නැති වෙයි‘ කියාය. කෙසේ නමුත් ඔහුට ජීවන රඟ මඬලෙන් සමුගැනීමට සිදු විය.
නිතරම සිනහමුසු මුහුණින් සිටි සේනක ටයිටස් මිතුරාගේ සමු ගැනීම දුකකි. ඔහුගේ ආත්මය දෙව්මව් තුරුලේ සැත‍පේවා!

සේනක ටයිටස් මහතාගේ හදිසි වියෝවෙන් තැවෙන බිරිඳ දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත ලංකා ඊ නිව්ස්හි ශෝකය පළ කරමු.

මනෝජ් රූපසිංහ  

---------------------------
by     (2017-10-27 12:39:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more