කෝප්, කෝපා වාර්තා ක්‍රියාත්මක නොකිරීම පාපකර්මයක්..! වාර්තා සක්‍රීය කිරීමට කතානායක පෙරමුණ ගනී

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.26,  ප.ව‍‍‍.9.45) රාජ්‍ය ගිණුම්කාරක සභාව (COPA) පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව (COPE)  යන කාරක සභාවන්ගෙන් ඉදිරිපත් වන වාර්තා ක්‍රියාවට නැංවීම පිලිබඳව වැදගත් සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්විනි.

මේ සඳහා මුදල් හා ජනමාධය ඇමතිවරයා, මුදල් රාජ්‍ය අමාත්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති (COPA) ලසන්ත අලගියවන්න, පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාවේ (COPE)  සභාපති සුනිල් හඳුන්නෙත්ති යන මැති ඇමතිවරුන්ට  අමතරව පාර්ලිමේන්තු මහලේකම්, මුදල් අමාත්‍යංශ ලේකම්, විගනකාධිපති, නීතිපති ඇතුලු විෂයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

මෙම විශේෂ සාකච්ඡාවේදී කථානායකවරයා සඳහන් කළේ ඉතිහාසයේ කිසිදු යුගයක නොවූ තරම් කෝප් කෝපා යන කාරක සභාවන් බල ගන්වා ඇති අතර,  අද වන විට එම කාරක දෙක ඉතා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීම 8 වන පාර්ලිමේන්තුව ලද ජයග්‍රහණයක් බවයි. 

ඉහත කාරක සභාවන් කැපවීමෙන් යුතුව ස්වකීය වගකීම ඉටු කරමින් මේ වන විට රාජ්‍ය ගිණුම් කාරක සභාව (COPA) මගින් වාර්තා 03 ක් සහ පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව (COPE)  මගින් වාර්තා 05 ක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්ව ඇති බව හෙ‍තෙම පෙන්වා දුන්නේය.‍

මහජන මුදල් අපයෝජනය නාස්තිය හා අකාර්යක්ෂම භාවිතය පිලිබඳ අවස්ථා ගණනාවක් මෙම වාර්තා මගින් අනාවරණය කර තිබීම තම බෙහෙවින් අගය කරන බව ද කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. 

පසුගිය දශක ගණනාවක් මෙම වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කළ නමුත් කිසිදු පියවරක් ගැනීමට කටයුතු නොකිරීම පාප කර්මයක් ලෙස හඳුන්වා දුන් කථානායකවරයා යෝජනා කළේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව මෙම වාර්තා සඳහා ඊලග පියවර ගැනීම භාණ්ඩාගාරය විසින් සිදු කළ යුතු බවයි. 

මෙහිදී අදහස් දැක්වූ මුදල් ඇමතිවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙය ඉතා බැරෑරුම් කාර්යයක් වුවත්, එය ක්‍රියාත්මක කිරිමේ දී  ලෝකයේ දියුණු රටවල පවතින ක්‍රමවේදයන්ද අධ්‍යයනය කර  ඒ අනුව ක්‍රියා කිරීම යෝග්‍ය බවයි. 

පූර්ණ බලැති යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැදගත්කම ගැන විගනකාධිපති හා නීතිපති විසින් ද කරුණු දක්වන ලදී.  සාකච්ජාවේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ද දීර්ඝ ලෙස අදහස් ප්‍රකාශ කල අතර, රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තා (COPA)  ක්‍රියාත්මක කිරීම සඳහා දැනට ක්‍රියාදාමයක් ඇතත් පසුගිය අවුරුදු ගණනාවක් ක්‍රියාත්මක නොවූ බව පෙන්වා දුන්නේය. ඒ ගැන වහාම පියවර ගැනීමට හැකි නමුත් පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව (COPE) වෙනුවෙන් කිසිම යාන්ත්‍රණයක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

මෙම පාර්ලිමේන්තු සැසිවාරය තුල එක්සත් ජනපද ආධාර වැඩ සටහන (USAID) හා එංගලන්තයේ වෙස්මිනිස්ටර් පදනම හරහා වැඩමුළු ගණනාවක් පවත්වා මෙම ක්‍රියාවලීන් පිලිබඳ මන්ත්‍රීවරු දැනුවත් කර ඇති බවත් යාන්ත්‍රණය සැකසීමේ දී අන්තර් ජාතික සහයෝගය ද ලබා ගත හැකි බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

පැමිණි සියළු දෙනාගේ හට පොදු අදහස වූයේ මෙම රැස්වීම ඉතා වැදගත් හා කාලෝචිත බවත්, නොවැම්බර් මාසයේ නැවතත් රැස් වී ඵලදායී  ක්‍රියාමාර්ගයක් ගැනීම ජාතික යුතුකමක් බවයි   

---------------------------
by     (2017-10-26 19:02:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

HI LEN, If you have any contact in parliament find out the who is Miss. Nayana and what is her connection with Mr.Speaker. When everyone in parliament including the parliament secretory says to transfer her from her department ,find out why Mr.Speaker not letting them to transfer her.(find out how he involve with the Parliament recruitment process too.) If you need more info you know how to contact me.Ill provide you with all the evidence you need.
-- by madawa on 2017-10-26

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more