හදිසියේවත් මෙම හොර නඩය මැරී ගියහොත් අපේ රටේ තානාපතිකම් කරන්නට මිනිස්සු නැද්ද?

ඩිප්ලොමැට්ටා ලියයි

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.26,  ප.ව‍.10.00) තමන්ගේ ජීවිකාව සම්බන්ධයෙන් හිඟන්නන් අතරද පැහැදිළි ප්‍රතිපත්තියක් තිබේ. ඒ අනුව තම සගයන්ට අනර්ථයක් වන ආකාරයෙන් හිඟමනේ යෙදීමෙන් ඔව්හු වැලකී සිටිති. එසේ වුවත් එවන් ප්‍රතිපත්තියක් රාජ්‍ය සේවයේ යෙදී සිටින නිලධාරීන් අතර දක්නට නොමැත. මේ නිසා රටට වන විනාශය කිව නොහැකි තරම්ය.  මෙය විදේශ සේවය තුළද ඇති පදම් දක්නට ලැබේ. විදේශ සේවයේ හෝ විදේශ අමාත්‍යංශයේ පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය දක්ෂතාවන් හෝ කාර්යක්ෂමතාවය අවශ්‍ය වන්නේ නැත. තානාපති පරිචය ගැන ඉහළ අධ්‍යාපනය ලත්  අය පමණක් නොව අචාර්ය උපාධි ලද්දවුන්ට පවා විදේශ සේවයේ තැනක් නැත.

මේ නිසාම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ පශ්චාත් උපාධියක් හෝ නැති විශ්‍රාමික විදේශ සේවා නිලධාරීන්ට ලේකම් පදවි පමණක් නොව තානාපති තනතුරු පවා භුක්ති විඳීමට අවස්ථාව තිබේ. එහෙත් දක්ෂ නිලධාරීන්ට පත්වීම් ලබාදීමේදී ඔවුන් කොළඹ සිටි කාලය සේවය කළ රටවල් පමණත් නොව ඔවුන්ට විරුද්ධව නැති චෝදනා පවා සොයා බැලීමක් කරනු ලැබේ. එහෙත් විදේශ අමාත්‍යංශය අරක් ගෙන සිටින එක්තරා නිලධාරි කොට්ඨාශයකට එවන් බාධක නැත. 

උදාහරණයක් වශයෙන් සඳහන් කරන්නේ නම් විදේශ සේවයේ නිලධාරියෙක් හට තානාපති කාර්යාල පත්වීමක් ලබාදීමට නම් අවම වශයෙන් වසර දෙකක් කොළඹ විදේශ අමාත්‍යංශයේ සේවය කළ යුතුය. එසේම විදේශ තානාපති කාර්යාලයක සේවය කළ හැකි උපරීම කාලය වසර තුනකි. මෙම කොන්දේසි තෝරාගත් පිරිසක් අරභයා ක්‍රියාත්මක නොවන බව දැන ගන්නට ඇත. රට වෙනුවෙන් බම්බු ගැසූ රවිනාථ ආරියසිංහ තානාපති සේවය සඳහා විදේශ ගත වී දැන් වසර දහයක් පිරීමට ආසන්නය. ඔහු ඇමරිකාවට කරන ලද සේවය වෙනුවෙන් ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලැබ අචාර්ය උපාධියක් කරන්නට ගොස් එයද ඇණගත්තෙකි. ඔහු තවමත් ජිනීවා හි ශ්‍රී ලංකා තානාපතිය. 

වසර 08 කට පෙර සේවයෙන් විශ්‍රාම ගොස් පවා තානාපතිකම් කළ ප්‍රසාද් කාරියවසම් දැන් විදේශ ලේකම්ය. එහෙත් ඔහුට ඇත්තේ ගණිත උපාධියක් පමණි. සරෝජා සිරිසේන නැමති ඩිලාන් පෙරේරාගේ හිටපු අඹුව වසර 05 ක් පිටරටය. ඉංග්‍රීසියෙන් වචන හතරක් ගැට ගසා ගන්නට බැරි බැසිල්ගේ හා ගෝඨාභය රාජපක්ෂලාගේ දරුවන්ට නැනීකම් කළ තිස්ස විජේරත්න විශ්‍රාම ගොස් වසර තුනකින් පසුව නැවතත් තානාපතිය. එසේම වසර 05කට වඩා කාලයක් තිස්සේ දකුණු අප්‍රිකාවේ සේවය කරන තිලෝමා අබයජීව දෙපාර්තමේන්තු කඩ ඉම් විභාග සියල්ල අසමත්වීම නිසා සේවයෙන් නෙරපිය යුතු අයෙකි. එහෙත් ඇගේ සහෝදරයා විසින් හිටපු ලේකම් ඉන්දියාවේ වත්මන් තානාපති වාගීස්වරගේ උදරයේ ශෛල්‍යකර්මයක් නොමිලේ කරදීම නිසා තිලෝමාට මෙම වරප්‍රසාද හිමිවී තිබේ. තත්ත්වය මෙසේ වුවත් විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ඇතුලූ පිරිසක් වසර 04 කට වැඩි කාලයක් රාජපක්ෂලාට කඩේ නොගිය වරදට තවම සිටින්නේ කොළඹට වී බව දැන ගන්නට ඇත.
 
රාජපක්ෂලාට කඩේ ගිය නීලකාස හොරෙක් වන රොඩ්නි පෙරේරා වසර 05ක් තිස්සේ තානාපතිය. හේ කෙන්යාවේ තානාපතිව සිටින අවදියේ තානාපති කාර්යාලයට ජලය ලබාදුන් බවට හොර බිල්පත් ඉදිරිපත් කිරීම නිසා දඬුවම් නැතිව උසස්වීම් ලද්දෙකි. ඉතාලියේදී කාර්යාල වාහන සඳහා ඇති ඉන්ධන කූපන්පත් විකුණා මුදල් කළ අයෙකි. ස්ත්‍රී ධූර්තයෙකි. ඔහු දැනට බ්‍රස්ල්ස්හී තානාපතිව සිටියි. දැන් යහපාලනයේ පිහිටෙන් බ්‍රසල්ස් සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවීමට දේශපාලකයින් පසු පස යමින් සිටියි. විදේශ සේවයේ චෞර රැජිණ නම් ලත් ෂේනුකා සෙනෙවිරත්න ද තායිලන්තයේ තානාපති තනතුර දරමින් සිට ඇමෙරිකා එකසත් ජනපදයේ තානාපතිවීමේ සටනට බැස තිබේ. ඇය ජීනීවා නුවර තානාපති කාර්යාලය අලුත්වැඩියාව වෙනුවෙන් ගෙවූ මුදල් වංචා කළ තැනැත්තියකි. හදිසියේවත් මෙම හොර නඩය මැරී ගියහොත් අපේ රටේ තානාපතිකම් කරන්නට මිනිස්සු නැද්ද යන පැනය විදේශ අමාත්‍යංශයේ කවුරුත් අසති.

මෙය කාලකන්නි තත්ත්වයක් නොවේද? හැමදේම අනාගෙන සිටින යහපාලන ජනාධිපතිවරයා විදේශ තානාපතිවරුන් පත් කිරීමට ඇති තම විධායක බලය හරහා විදේශ සේවයද අනා අනුභව කරමින් සිටින බව දැනුම් දිය යුතුය.

ඩිප්ලොමැට්ටා ලියයි

---------------------------
by     (2017-10-26 17:28:29)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

The list finger, blue, yellow and brown contains how many colours?

  3 discussion on this news

මේ සිරිසේන කියන කාලකන්නිය ෙම් රටේ අවාසනාවටම පහල ෙව්ච ජනාධිපතිෙයක්. ලංකාවෙ මහින්දහ ගාවට පහල ෙව්ච්ච අසාර්ථකම නායකය මූයි. මූ මකබෑ ෙවලා යන දවසක යන්නෙ රට අන්තිම ප්‍රපාතයකට අැද දාලයි. ෙම්කට වග කියන්ඩ ඕනැ ෙම් රටේ ඉන්න බත්කන බූරැවොම තමයි. ෙමාකද එදා යූඑන්පි එකට පැහදිලි ජන වරමක් දුන්න නම් ෙම් ෙසවලයවයි උෟ පත්කරපු පැරදිච්චි ෙහාරැයි අද උපේ ඔලුවට පහරන එක වලක්ව ගන්න තිබුන.
-- by silva on 2017-10-27

හැමදේම අනාගෙන සිටින යහපාලන ජනාධිපතිවරයා විදේශ තානාපතිවරුන් පත් කිරීමට ඇති තම විධායක බලය හරහා විදේශ සේවයද අනා අනුභව කරමින් සිටින බව දැනුම් දිය යුතුය.
-- by රංජිත් on 2017-10-28

කිලී මහරාජා කියන කොටි ඔත්තු කාරයට රටේ ආරක්ෂක හමුදාවන්ට ආයුධ සපයන්න ඉඩ හදල දීපු මිනිහෙකුගෙන් රටට ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඔය හැම තැනම වැඩ සිද්ද වෙන්නෙ මහරාජා වගේ තක්කඩියොන්ට ඔින විදියට තමයි!
-- by සිංහලේ on 2017-10-28

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more