ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ‘ප්‍රොජෙක්ට් තිලක‘ ජනපති ඉදිරියේ එයාර් ටෙල් ලොක්කා පීචං කරයි: ‘මතු පරපුර‘ හැර දා එයාර් ටෙල් යන්න යයි

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.26,  ප.ව‍.9.00) ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක හෙවත් ‘ප්‍රොජෙක්ට් තිලක‘ නමැත්තාගේ ‘මඤ්ඤම‘ නිසා දෙස් විදෙස් සුපතල දුරකථන සන්නිවේදන සමාගමක් වන එයාර් ටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී(CEO) ගොපාල් විටල් මහතා පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දැඩි අපහසුතාවයට පත් කළ පුවතක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තාවේ. 

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක විසින් එයාර්ටෙල් සමාගම සහ අයි.ඩී.එම්. සමාගම සම්බන්ධ කරගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ආරම්භ කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතියක් ලෙස එළිදැක්වීමට සුදානම් කළ 'මතුපරපුර' නැමැති ව්‍යාපෘතිය හඳුන්වාදීමට ගිය අවස්ථාවේදී එයාර්ටෙල් ප්‍රධාන විධායක නිලධාරී(CEO)  ගෝපාල් විටල් මහතාට  මෙම අතවරය සිදුව ඇත. 

පසුගියදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති 'ග්‍රාමශක්ති' වැඩසටහන ජනගත කිරීමේ උළෙල අතරමැද එයාර් ටෙල් ආයතනය ප්‍රධාන අනුග්‍රහය දක්වන 'මතු පරපුර' වැඩසටහනේ හැඳින්වීම සිදුකිරීමට සැලසුම් කර තිබී ඇත. එම අවස්ථාවේ ජනාධිපතිවරයා සමඟ එක්ව එකම වේදිකාවකදී සංකේතාත්මකව සුවිශේෂී තිළිණයක් හුවමාරු කරගනිමින් එය සිදුකිරීමේ අවස්ථාව ලබාදෙන බව පවසා විදෙස් ගතව සිටි එයාර්ටෙල් ප්‍රධානියාව ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම ගෙන්වා ගෙන ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා එම සමාගම රුපියල් මිලියන ගණනක් ලබාදීමටද එකඟ වී ඒ වන විටත් පූර්ව ප්‍රචාරක වැඩකටයුතු රාශියක් සිදුකරමින් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කර තිබිණ. එහෙත් එම වැඩසටහන සම්බන්ධීකරණය කළ ශිරාල් ලක්තිලකගේ ඉතා දුර්වල සම්බන්ධීකරණය හේතුවෙන් එයාර්ටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වෙනුවට ඉදිරි අසුන් පෙළේ සිටි වෙනත් විදේශිකයෙකුව වේදිකාවට කැඳවා ජනාධිපතිගේ තිළිණ හුවමාරුව ඔහු සමඟ සිදුකොට ඇත්තේ එයාර්ටෙල් ප්‍රධානියා සහ එම සමාගමේ අනෙකුත් අධ්‍යක්ෂකවරුන් අන්දුන් කුන්දුන් වී බලා සිටියදීය. 

මේ හේතුවෙන් එයාර්ටෙල් ආයතන ප්‍රධානියා දැඩි ලැජ්ජාවටත්, කෝපයටත් පත්ව ඇත. එසේම මෙම ව්‍යාපෘතිය ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක සමඟ සම්බන්ධීකරණය කළ නිලධාරීන්ද තම ප්‍රධානියා ඉදිරියේ දැඩි ලෙස අසරණභාවයටත්, කළකිරීමකටත් පත්ව ඇත. 

'වැඩසටහනක් වත් සැලසුම් කරගත නොහැකි අය සමඟ ව්‍යාපෘති සිදුකරන්නේ කෙසේදැ'යි ප්‍රශ්න කරමින්, ‘මෙය වහාම නවතා දමන්නැයි' එයාර්ටෙල් ප්‍රධානියා තම අධ්‍යක්ෂවරුන්ට ඒ මොහොතේම දැනුම් දී ඇත. 

ඒ අනුව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක හෙවත් ‘ප්‍රොජෙක්ට් තිලක‘ අත ගසන්නට ගිය තවත් ව්‍යාපෘතියක්, අත තැබීමටත් මත්තෙන් තමන්ගේ මඤ්ඤම නිසා අවසන් වී ඇත.

---------------------------
by     (2017-10-26 16:47:14)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Which day from Sunday, Monday, Friday or Thursday is part of the weekend?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more