රන්ජන්ට එරෙහිව අධිකරණ කුමන්ත්‍රණයක්..! නොතීසිය අන්තරස්ධාන කරලා: අධිකරණ ශාලාව තුල දී පුදුම දෙයක් සිදුවෙලා..! (Video)

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.26,  පෙ.ව‍‍‍.2.00) නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අධිකරණය මග හරින්නෙකු යැයි පෙන්වීම සඳහා අධිකරණය තුලින් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති බව පෙනී යයි.

අධිකරණයට අපහාස කළා යැයි රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ 25 වෙනිදා විභාගයට ගත්තේය. රන්ජන් රාමනායක මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස 23 වෙනිදා නොතීසි නිකුත් කර ඇතත් මෙම ලිපිය ලියන 25 වෙනිදා රාත්‍රී දක්වාද ඔහුට එම නොතීසිය ලැබී තිබුනේ නැත. 

පුවත් පත් වලින් දිනය පිලිබඳ දැනගත් රාමනායක මහතා තමන්ට නොලැබුණු මෙකී නොතීසිය කොහිදැයි තැපැල් දෙපාර්තමේන්තුව පීරා සොයා තිබේ. ඒ අනුව සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලිපි බාර දෙන කොළඹ තැපැල් කාර්යාල වලද, තමන්ට ලිපි ලැබෙන නුගේගොඩ තැපැල් කාර්යාලයේද, පෝස්ට් මාස්ටර් ජෙනරාල්වරයාද විමසා මෙම නොතීසිය කොහි ඇතිදැයි සොයා බැලුවත් එවැන්නක් කොහේවත් තිබී නැත.

කෙසේ වෙතත් ඊයේ 25 වෙනිදා නඩුව කැඳවූ අවස්ථාවේ දී රන්ජන් රාමනායක මහතා සහ ඔහුගේ නීතිවේදියා වන සුප්‍රකට නීතිඥ පා.ම. සුමන්තිරන් මහතා අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් තමන්ට නොතීසි නොලැබුනත් තමන් අධිකරණය මග නොහරින බව පෙන්වීම සඳහා අද අධිකරණය ඉදිරියේ පෙනී සිටින බව දැන්වීය. එහිදී විනිසුරුවරුයා පවසා ඇත්තේ 23 වෙනිදා තමන් විසින් නොතීසිය නිකුත් කරන ලද බවයි.

ඉන් පෙනී යන්නේ රන්ජන් රාමනායක මහතා අධිකරණයට ඒම වලක්වා ඔහු අධිකරණය මග හරින බව ඒත්තු ගැන්වීම සඳහා අධිකරණය තුලින් කිසියම් කුමන්ත්‍රණයක් දියත්ව තිබූ බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද නොතීසි අන්තර්ස්ධාන කරන්නේ කව්දැයි සොයා බැලීම උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීමක් විය යුතුය. 

මේ අතර රන්ජන් රාමනායක මහතා නඩුවෙන් පසු ලංකා ඊ නිව්ස් වෙත අදහස් දක්වමින් කියා සිටියේ නඩුශාලාවේ දී අරුම පුදුම සිද්ධියක් වූ බවයි. එනම් නඩුවේ පැමිණිලි පාර්ශවය වූ ‘සුදන්ත‘ නමැති භික්ෂුව තමන් වෙත පැමිණ අත අල්ලාගෙන ඔහුට රන්ජන්ට විරුද්ධව නඩු දැමීමේ වුවමනාවක් නොතිබුනු බව පවසා සිටි බවත් තමන් රන්ජන් රාමනායකට ගරුකරන බව කියා සිටි වගය.

සුදන්ත භික්ෂුව අප්‍රසිද්ධියේ එසේ කියන්නේ නම් ඔහු නඩු දැම්මේ කාගේ වුවමනාවටදැයි ප්‍රසිද්ධියේ කිව යුතුය.  

කෙසේ වෙතත් නඩුව නොවැම්බර් 21 දිනට කල් ගියේ ය. රන්ජන් රාමනායක මහතා නඩු විභාගයෙන් පසු මාධ්‍යයට දැක්වූ අදහස් සහ ඔහුගේ නීතිඥ පා.ම. සුමන්තිරන් මහතා දැක්වූ අදහස් සහිත වීඩියෝවක් පහත දැක්වේ 

---------------------------
by     (2017-10-26 00:38:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is forty two thousand five hundred and seventy seven as digits?

  4 discussion on this news

රන්ජන් වගේ කෙනෙකුටත් මුං මෙහෙම නං කරන්නෙ මේ රටේ අහිංසක මිනිස්සු කී දෙනෙකුට ඔය වගේ තිරිසන් වැඩ කරල හිරගෙවල් වලට දක්කල ඇද්ද? ඕකුන්ගෙ දරුවොන්ටත් සාප වෙන්න ඕන!
-- by latha on 2017-10-25

ඕක කරන්න ඇත්තෙ රටේ දේපල හොරා කාපු බැසිල සුද්ද වන්තයෙක් කරන්න හදන, උගේ හොර සල්ලි වලින් යැපෙන, ලෝයර් සංගමේ මහ පුටුවෙ ඉන්න අමන පාදඩ වේ..වේ..වේ..වේ..වේ..සිගෙ පුතා තමයි!
-- by සිංහලේ on 2017-10-25

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද නොතීසි අන්තර්ස්ධාන කරන්නේ කව්දැයි සොයා බැලීම උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීමක් විය යුතුය. Sobithawathara.
-- by Sobithawathara on 2017-10-26

අධිකරණය දූෂිතයන් ගෙන් ද යුක්ත බව මේ සිද්ධියෙනුත් පේනවා වත් ද?
-- by Openmind on 2017-10-26

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more