බිලි පූජා තහනම්..! මාංශ පූජා කළ යුතු නම් ලයිෂන් මස් කඩ වලින් මස් අරගන්න..!! -ඉලංචෙලියන්ගෙන් ඓතිහාසික තීන්දුවක්..!

(ලංකං ඊ නිව්ස්  -2017.ඔක්.25, 10.45) හින්දු ආගමික උළෙලවල් සඳහා සතුන් බිලිදීම හා කෝවිල් ඉදිරිපිට  සතුන් මැරීම අත් හිටුවමින් යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන් මහතා විසින් 24 දා නියෝගයක් නිකුත් කොට තිබේ.

අවිහිංසාවාදී හින්දු පූජකවරුන් පිරිසක් විසින් යාපනය මහාධිකරණයට ගොණු කරණ ලද පෙත්සමක් සලකා බැලීමෙන් පසුව විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කොට තිබේ.

පෙත්සමට අනුව ඉන් කියවුණේ ගතවූ වසර 300 ක කාලය තුළ හින්දු කෝවිල්වල විවිධ උත්සව වෙණුවෙන් එළුවන් 3000 ක් පමණ වසරකට මරා දමන බවයි. ඊට අමතරව කුකුළන් 10000 ක් පමණ වසරකට මරාදමන බවද පෙත්සමේ සඳහන් වෙයි.

හින්දු දහමට අනුව එක් පාර්ශ්වයක් සම්පූර්නයෙන්ම නිර්මාංශ වන අතර තවත් කොටසක් බිලි පූජා දෙමින් මස් අනුභව කරමින් දෙවියන් උදෙසාද මාංශ පූජා  කරණු ලබයි.

පෙත්සම විභාග කළ අවස්ථාවේදී හින්දු එක් පාර්ශ්වයකට මාංශ පූජාව ඉතා අත්‍යවශ්‍ය පූජාවක් බවට මතයක් ඉදිරිපත් වූ අතර එය සැලකිල්ලට ගත් විනිසුරුවරයා එවැනි අවශ්‍යතාවයන් සඳහා රජයේ ලියාපදිංචි මස් අලෙවි සැල් වලින් ඊට අවශ්‍ය මාංශ මිලට ගෙන පූජාවන් පවත්වන ලෙසද නියෝග කොට තිබේ.

මෙම නියෝගයෙන් පසුව උතුරේ නිර්මාංශ හින්දු කණ්ඩායම්වල ප්‍රණාමය යාපනය මහාධිකරණ විනිසුරුවරයා වෙත පුදවී ඇති අතර ඊට එරෙහි කණ්ඩායම් පවසා ඇත්තේ මෙම අධිකරණ නියෝගයට එරෙහිව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවයි.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-10-25 17:28:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Enter the number seventeen thousand and fifty four in digits:

  2 discussion on this news

What a Great Intelligent Judge for the Sri Lankan Judiciary. Dear Sir , Your an asset for this Country among the most of corrupted Judiciary Officers . God bless You! Theruwan -Saranai ! As per the Buddhist Philosophy , Definitely you are getting Healthy Long life for the meritorious deeds what you are doing. Once Again Sir, Your a God among the Judiciary service .
-- by Bandula on 2017-10-26

You should see the ground swell of adoration this judge is getting in predominently Sinhala Buddhist gossip sites.
-- by Janaka on 2017-10-26

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more