ගෝඨාගේ ‘විපත් මග‘ ත්‍රස්තවාදී මගට: ව්‍යවස්ථාවට සහාය දෙන අය දේශද්‍රෝහීන්: 88-89 දී වගේ ඔවුන් මරා දැමිය යුතුයි: මිනිය දනහිසෙන් පහලට එල්ලා ගෙන යා යුතුයි- කමල් ගුණරත්න (Video)

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.24,  ප.ව‍‍‍.4.00) ගෝඨාභය රාජපක්ෂගේ ‘විපත් මග‘ නමැති සංවිධානය පැහැදිලිවම ත්‍රස්තවාදී මග පිළිගනිමින් නව ව්‍යවස්ථාව විසින් රට බෙදන බවත් ඊට සහාය දක්වන්නන් දේශද්‍රෝහීන් බවත් ඒ දේශද්‍රෝහීන්ට මරණය ලබා දිය යුතු බවත් පවසයි.

විපත් මග විසින් පසුගිය 21 වෙනිදා ගම්පහදී පැවැති රැස්වීමකදී එහි ප්‍රධානියෙකු වන හිටපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එසේ පවසන ලදී.

88-89 කාලයේ ත්‍රස්තවාදීන් විසින් ‘දේශද්‍රෝහීන්ට මරණය‘ කියා ලියා තිබුනා සේ මේ දේශද්‍රෝහීන්ට ද මරනය ලබා දිය යුතු යැයි පවසන කමල් ගුණරත්න ඉන් නොනැවතී 88-89 කාලයේ දී එසේ මරා දැමූ අයගේ මිනිය දනහිසෙන් පහලට එල්ලාගෙන කනත්තට රැගෙන ගියා සේ අගෞරව කළ යුතු බවද පැවසීය. 

කතාවේ මුල් කොටසේ දී එදා හමුදාව ජනතාවට බොරු කී බවද කමල් ගුණරත්න පාපෝච්ඡාරණය කළේය. යුද්දයේ දී මිය ගිය හමුදාවේ අය ගැන හමුදා ප්‍රකාශයක බොරු කී බවත් නිවැරදි ගණන දැන ගෙන සිටියේ මල්ශාලා හිමියන් බවත් ප්‍රකාශ කරන කමල් ගුණරත්න ‘අපි  ඔබට කොපමණ බොරු කීවාදැයි‘ පැවසීය. 

මේ ප්‍රකාශ කරද්දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද ඉදිරියේ සිටියේ ය. මෙවැනි උම්මත්තක ප්‍රකාශයක් කළ කමල් ගුණරත්න බ්‍රසීලයේ තානාපති කාර්යාලයේ සේවයේ සිටියදී එහි සේවකයෙකුට යකඩ පොල්ලකින් ගසා මරා දමා ඝාතනය යට ගසා දමා තිබේ. වත්මන් යහපාලන ආණ්ඩුව කාලයේ දී ඒ ගැන පැමිණිලි ලැබුනද ලංකා ඊ නිව්ස් විසින් සාක්කි සහිතව හෙළිදරව් කළද  ජනාධිපති නියමයෙන් ඒ පරීක්ෂණය යලිත් යට ගසා දමා ඇත. 

කමල් ගුණරත්නගේ කතාවේ අදාල කොටස් පහත වීඩියෝවේ දැක්වේ 

---------------------------
by     (2017-10-24 10:48:21)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Which digit is 3rd in the number 8568368?

  9 discussion on this news

Can you call them learned persons (Viyathun) ?They are actually ruthless murderers who can not bear the opinions of the others .It seems that they are trying their best to drag the country to 87/89 in which period about 60000 Sinhala youths belonged to the down trodden class were ruthlessly killed by Sinhala Dessapremee Army in which this man was also a member.
-- by wipula on 2017-10-25

එතකොට තව කොච්චර බොරු අපරාධ ඇද්ද මුං එලිකරන්නෙ නැතුව හංග ගෙන ඉන්න!
-- by රෝනි on 2017-10-25

ගෝට පොරොන්දු වෙලා තියෙනව ගෝටගෙ ආන්ඩුවක ආරක්ෂක ඇමති දුරය කමල් ගුනරත්නට දෙන්න...
-- by ඩයස් on 2017-10-25

ඈ බං කමල් ගුණරත්න! රට බේර ගන්න කරපු යුද්දෙට නායකත්වෙ දීපු රණ විරුවා ඇද ගෙන ගිහින් හිරේ දාද්දි, ඒ රණ විරුවට ආරස්සාව දීපු අසරණ රණවිරු සොල්දාදුවන් ගිනි කාස්ටක අව්වෙ කසල ගොඩවල් උඩ දන ගස්ස වද්දි, අද උඹේ ඔය චූ එකෙන් බේරෙන දේස ප්‍රේමය එදා වැක්කුරුනෙ නැත්තෙ ඇයි? කොටි කප්පං සල්ලි නිසාද?
-- by Evans perera on 2017-10-25

මුල්ලේරියාව කියල තැනක් තියෙනව, එතැන මිනිස්සු 'මුල්ලේරියා' කියන රෝගෙන් පෙළෙනව. ඔවුන් අති දක්ෂ හමුදා නිලධාරීන්, බුද්ධිමතුන්, මහා දේසපාලකයන්, දොස්තරවරුන් හැටියට තමයි හිතාගෙන ඉන්නෙ. තවත් තැනක් තියෙනව 'විපත් මග' කියල, එතැන මිනිස්සුත් 'මුල්ලේරියා' කියන රෝගෙන් පෙළෙනව. එතැන මිනිස්සුත් දක්ෂ හමුදා නිලධාරීන්, බුද්ධිමතුන්, මහා දේසපාලකයන්, දොස්තරවරුන් හැටියට පෙනී ඉන්නව. කොටින්ම කියනව නං එතන ලොක්ක පවා සහතික ලත් මුල්ලේරියා කාරයෙක්!
-- by ජයනි on 2017-10-25

88-89 කාලෙ දේශද්‍රෝහීන් හැටියට හංවඩු ගහල ඝාතනය කරපු වැඩි පිරිසක් හමුදා පොලිස් සාමාජිකයන්, ඔවුන්ගෙ පවුල්වල සාමාජිකයන්, ඒ වගෙම රටේ ප්‍රජාත්‍රන්ත වාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටපු ජනතාව. ඔවුන්ගේ මිනිය තමයි දනහිසෙන් පහලට එල්ලාගෙන කනත්තට රැගෙන ගිහින් අගෞරව කරන්න එදා ජනතා විමුක්ති පෙරමුණ නියෝග කලේ. ජවිපෙ පහුගිය කාලෙ ඒ පිළිබඳ ජාතියෙන් සමාවත් ඉල්ලුවා, ඒත් අද, හමුදාවෙ හිටපු එකෙක්ම ඒ සියල්ල නැවත කල යුතුයි කීමෙන් ඇඟවෙන්නෙ අතීතයේ තම හමුදා සාමාජිකයන්ට පවා සිදුවූ සියල්ල අනුමත කිරීමක්! මෙහෙව් බල්ලෙකු හමුදාවෙ නෙවෙයි හමුදා වැසිකිළියක් ගාව හමුදා කොල්ලොන්ගෙ ගූ ටික බුදින්න වත් ගැට ගසා තියන්න සුදුසු නෑ!
-- by S.Arabewela on 2017-10-25

මූ වගේ ගොබ්බ මී හරකෙකුට තානාපති කාර්යාලෙක ටොයිලට් එකක්වත් හරියට හෝදන්න පුළුවන්ද? - සිංහලේ
-- by සිංහලේ on 2017-10-25

ගෝටා ජනාදිපති වෙන්න හදන්නෙ කමල් වගේ නාකි ගොන්නු එකතු කරගෙන තමයි!
-- by බැසිල් on 2017-10-25

යුද මානසිකත්වය. ජීවිතයේ වැඩි කාලයක් යුද්දයකට මුහුන දුන්නම ඔහොම තමයි. පුනුරුත්තාපනය කල යුතුයි එය අවශ්‍යයි. 88, 89 භීශනයවත් අපේක්ශා කරන්නේ ඒ නිසයි. කරුනාකර මෝඩයාට අනුකම්පා කරන්න.
-- by Bathiya on 2017-10-26

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more