පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ යුතු යැයි වීරවංශගේ ප්‍රකාශය ගැන කතානායකතුමාගෙන් නිවේදනයක්

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.24,  ප.ව‍‍‍.2.25) වරක් පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාගේ මස්සිනා වන විමල් වීරවංශ මහතා (1987 අගෝස්තු 18 දා පාර්ලිමේන්තුවට ග්‍රෙනේඩ් ප්‍රහාරයක් එල්ල කළ අජිත් කුමාර නමැති ත්‍රස්තවාදියා යනු විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශගේ අයියා වේ. එම ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයෙකු ඇතුළු 2 ක් මිය ගිය අතර ඇමැතිවරු ඇතුළු 16 ක් තුවාල ලැබීය) ‘ව්‍යවස්ථාව සම්මත කළහොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යැයි‘ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කතානායක මාධ්‍ය අංශය මීට සුලු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එය සම්පූර්ණයෙන් පහත දැක්වේ. 

පාර්ලිමේන්තුව වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පසුගිය දිනක කර තිබූ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම මෙන්ම මහජන නියෝජිතයන්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධව ද බලවත් තර්ජනයක් උද්ගත කර ඇති බැවින්,  මේ පිලිබඳව දැඩිව සැලකිලිමත් වන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම විවිධ පාර්ශවයන් විසින් ද දිගින් දිගටම ගරු කථානායකතුමන්ගේ විශේෂ අවධානයට යොමු කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ කේන්ද්‍රස්ථානය වන පාර්ලිමේන්තුව පිලිබඳව පළ කර ඇති මෙම තර්ජනාත්මක ප්‍රකාශය කිසි ලෙසකින් හෝ සුළුවෙන් නොකතන ලෙස එම සෑම පාර්ශවයක් විසින්ම ගරු කථානායකතුමන්ගෙන් ඉල්ලීම් කර ඇත.

යළි පාර්ලිමේන්තුව රැස් වූ විගසම එය පාර්ලිමේන්තුවේ අවධානයට ද යොමු කර, සුදුසු ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බව ගරු කථානායකතුමන් දන්වා සිටියි.
 

කථානායක මාධ්‍ය ඒකකය

---------------------------
by     (2017-10-24 15:44:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Speaker should punish him severely. He should be out of bounds for minimum of 6 months, and take legal action immediately.
-- by sara on 2017-10-25

වහාම දැඩි පරීක්ෂණයක් පවත්වා නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කල යුතුයි!
-- by රනිල් on 2017-10-25

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more