මහින්දත් කැමැති නම් දැන් ජනාධිපති ධූරය අහෝසි කිරීමට මෛත්‍රීට ඇති බාධාව කුමක්ද? පාර්ලිමේන්තුව විසුරුවා, ව්‍යවස්ථාව පැත්තකට දමා, සංඝයා වහන්සේලාට රට භාර දෙමු! -වියන්ගොඩ (Video)

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.24,  ප.ව‍‍‍.2.05) පහුගිය ජනාධිපතිවරණයේදී 58 ලක්ෂයක් ඡන්ද ගත් මහින්ද රාජපක්ෂත් අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැමැත්ත දක්වා තිබෙනවා නම් සිරිසේන ජනාධිපතිවරයාට එය කිරීමට දැන් ඇති බාධාව කුමක්දැයි ගාමිණී වියන්ගොඩ මහතා ප්‍රශ්න කරයි.  පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේද කීය.

“රජ කාලේ පැවතියේ ඉතාමත් ප්‍රාථමික සමාජයකි. උගත් කමක් සහිත සමාජ සංස්ථාවකට පැවතියේ පැවදි සංඝ සමාජය පමණකි. පොතපත ලිවීම, කියවීම ඇතුළු දැනුම අතින් යම් අධ්‍යාපන මට්ටමක සිටියේ ඔවුන් පමණකි. ඒ නිසාවෙන් එකළ රට පාලනය කිරීම සඳහා රජවරු සංඝ සමාජයෙන් අනුසාසනා හා උපදෙස් ලබාගත්තත් අප දැන් පසු වන්නේ ඉංජිනේරුවන්, අධ්‍යාපන විශේෂඥයින්, ආර්ථික විශේෂඥයින්, නීති වේදීන්, ඝණකාධිකාරීන් හා දේශපාලන විශේෂඥයින් ඇතුළු  මුළු සමාජයම දැනුවත්වූ 21 වන සියවසේය.”

“ඒ දැනුවත් සමාජය තියාගෙනත් අපි කියනවනම් එදා රජ්ජුරුවෝ කළා වගේ අදත් සංඝයා වහන්සේගේ අනුදැනුම මත පමණක් රට පාලනය කරන්න කියල මේක විකෘතීමය තත්වයකි.”

ප්‍රවීණ ලේඛක ගාමිණි වියන්ගොඩ මහතා විසින් ඉහත අදහස් පළකළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හා පසුගියදා සංඝ කාරක සභා විසින් කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන්  අදහස් දැක්වීම සඳහා  “අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” විසින් පසුගිය 20 වැනිදා කොළඹ CSR ආයාතනයෙදී පැවත් වූ මාධ්‍ය සාකච්ඡාවේදීය.

වීඩියෝව පහතින් 

---------------------------
by     (2017-10-24 08:45:03)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

කමල් ගුනරත්නලා රාජපක්ෂලගේ පස්සේ වැටිලා පිස්සු දොඩවනවා. වියන්ගොඩලා නිකම්ම පිස්සු වැටිලා අපිත් පිස්සු වට්ටන්න හදනවා
-- by Buddhi Perera on 2017-10-24

අපේ ශ්‍රී ලංකාවෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදන්නේ ඉරානයේ වගේ පුජ්‍ය පක්ෂය පමණක්ද ? නව ව්‍යවස්ථාවක් ගෙන ඒම, විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීම, ස්වාධින කොමිසම් ඇති කර රටේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීම ආදිය මේ රජය මැතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු සහ බහුතර ජනතාව වත්මන් රජය පත් කලේ මේවා රටේ ස්ථාපිත කිරෙමටයි. අපි කාගෙන්ද මේවා ලබා ගන්නේ . පුජ්‍යපක්ෂයෙන්ද
-- by sesathrala on 2017-10-25

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more