ටීඑන්ඒ ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් හමුවී ඇත්ත පහදා දෙන්න යයි

(ලංකා ඊ නිව්ස් - 2017.ඔක්.24, ප.ව.1.45) දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාවේ  නියෝජිතයින් පිරිසක් වහාම ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්  හමුවී සාකච්ඡා කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය අද (24) තීරණය කොට තිබේ

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් යාපනයේදී මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ දෙමල ජාතික සන්ධානයේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි.

නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් විසින් කළේ යැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් රජයේ විවිධ පාර්ශ්වයන් විවිධ අදහස් පලකරණ බැවින් දෙමළ ජාතික සන්ධානයට මෙහි ඇති සත්‍යතාවය නිවැරදිව දැනගනීමට මේ අවස්ථාවේදී දැඩි වුවමනාවක් පවතින බැවින් දෙමළ ජාතික සන්ධානය මේ තීරණය ගත්  බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට තිබේ.

මහානයක හිමිවරුන්ට රටේ පාලනය සම්බන්ධයෙන් ඕනෑම ප්‍රකාශයක් කිරීමට අයිතියක් ඇති බව පවසන මන්ත්‍රීවරයා එසේ කරණු ලබන ප්‍රකාශයන් එකිනෙකට පරස්පරතාවයකින් යුතුව විවිධ පාර්ශ්වයන් මහජනතාව වෙත ඉදිරිපත් කිරීම යුක්ති සහගත නොවන බවද ප්‍රකාශ කොට තිබේ.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් සියළු මහානායක හිමිවරුන් හමුවී මේ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය නව ව්‍යවස්ථා සංශෝධනයකින් බලාපොරොත්තුවන අපේක්ෂාවන් හා ඒවා තුල පවතින සාධාරණ ස්වභාවය පිළිබඳව මහානායක හිමිවරුන් දැණුවත් කිරීමෙන් පසුව ඉතා සුබවාදී ආකල්පයක් රට තුළ ගොඩනැගෙනු ඇතැයිද සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියි.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-10-24 08:16:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more