උතුරේ ඉඩම් අල්ලාගෙන එල්ටීටීඊය කෙළිය ‘පිස්සුව සනීප කරන්න‘ ආණ්ඩුවට අදත් නොහැකි වෙලා

(ලංකා ඊ නිව්ස්- 2017.ඔක්.24, පෙ.ව.9.45) එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් උතුරු පළාත පාලනය කළ කාලයේදී සාමාන්‍ය වැසියන් සතු ඉඩම් විශාල ප්‍රමාණයක් ඔවුන් විසින් අත්පත් කරගෙන එම ඉඩම් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයින්ට හා එම සංවිධානයේ සිට මියගිය පිරිස් මහා විරුවන් ලෙස සලකූ පිරිසට ලබාදීම නිසා යළි පදිංචියට පමිණ සිටින වැසියන් විශාල ගැටළුවකට මුහුණ පා සිටිති.

යුද සමයේදී උතුරේ වැසියන් තම ඉඩම් අතහැර දමා වෙනත් ප්‍රදේශවලට ගොස් සිට දැන් යළි පදිංචිය සදහා පමිණ ඇතත් ඉඩම් බලපත්‍ර පරීක්ෂා කොට බලීමේදී තමන්ට වසර ගණනාවක් අයත්ව තිබූ ඉඩම් දැන් තමන්ට අහිමි වී ගොස් ඇති බව පෙනී ගොස් තිබේ.

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ බලපෑම් මත ඉඩම් ඔවුන් වෙත බලපත්‍ර ලියා බාරදීම පිණිස රාජ්‍ය නිලධාරීන් කටයුතු කොට ඇතත් ඒවායෙහි මුල් අයිතිකරුවන් තම ඉඩම් මේ අන්දමට වෙනත් පිරිසක් වෙත පවරා ඇති බව දැන සිට නොමැත.

යළි පදිංචිය සදහා පැමිණ බලන විට තම ඉඩම් වල වෙනත් පිරිසක් පදිංචිව සිටින බවත් ඔවුන්ටද තම ඉඩම් සදහා බලපත්‍ර නිකුත් කොට ඇති බවත් පවසන ඉඩම් වල මුල් අයිතිකරුවෝ ඇතැම් පුද්ගලයින්ගේ නම්වලට තම ඉඩම පවරා ඇතත් එවැනි නමක් ඇති අයිතිකරුවෙකු සොයා ගැනීමට පව නොහැකි බව කියා සිටිති.

උදාවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් උතුරේ නිලධාරීන්ට ගත හැකි එකම පියවර වී අත්තේ සිවිල් නඩුවක් දමා ඉඩමේ අයිතිය තහවුරු කරගන්නා මෙන් උපදෙස් දීම පමණි.තවත් ප්‍රදේශ කීපයක එකම ඉඩම දෙකට බෙදා කොටසක් මුල් අයිතිකරුවාටද අනෙක් කොටස පසුව බලපත්‍ර සකසාගෙන ඇති තැනැත්තාටද ලබාදී තිබේ.

ඉඩම්වල පසුව අයිතිය ලබාදී ඇති පිරිසෙන් විශාල ප්‍රමානයක් එල්.ටී.ටී.ඊ.නායකයින් වීමත් එම සංවිධානයේ මහාවිරුවන්වීමත් ඔවුන්ගෙන් විශාල ප්‍රමානයක් මේ වනවිට මියගොස් සිටීමත් නිසා ඉඩම්වල අයිතිය යළි මාරුකිරීමට නොහැකි තත්ත්වයකට නිලධාරීන්ද පත්ව සිටිති.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-10-24 04:48:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more