යහපාලන ජනාධිපති යටතේ ඇති ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ‘ගිනස් රැකෝඩ්‘ විභාගයක් පැවැත්වූ හැටි..!

ශ්‍රී ලංකා පදනම රැක ගැනීමේ ව්‍යාපාරය

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.24,  පෙ.ව‍‍‍.6.55) ශ්‍රී ලංකා පදනම්  ආයතනය පිලිබඳ  පසුගිය ඔක්. 14 දා ලංකා ඊ නිව්ස්හි පළ වූ ‘ජනපතිතුමනි, අප ඉල්ලන්නේ ජනාධිපතිකම නොවේ; ශ්‍රී ලංකා පදනම් ආයතනය හරි පාරට ගන්න‘ නමැති පුවත සනාථ කරමින් කළමනාකරණ සහකාර තනතුරු 4 ක් සඳහා තරඟ විභාගයක් පැවැත්වුණි. ඒ සඳහා දිවයිනේ විවිධ පළාත්වලින් රැකියා විරහිත අපේක්ෂකයෝ 800 කට අධික පිරිසක් ඉල්ලුම් කර තිබූ නමුත් ඒ වන විටත් එම තනතුරු පුරවා අවසන් බව ලංකා ඊ නිවුස් පල කළ සත්‍ය ප්‍රවෘත්තිය දැනගැනීම නිසා අයදුම්කරුවන්ගෙන් අඩක් පමණ තරඟ විභාගය සඳහා ඉදිරිපත් නොවීය.

‘ලංකා ඊ නිවුස්‘ දිගින් දිගටම මුදල් හා පරිපාලන අධ්‍යක්ෂවරිය විසින් සිදුකරන දූෂිත ක්‍රියා හෙළිදරව් කළ ද ‘මං වැඩ කරන්නේ ඊ නිවුස්කාරයාට අවශ්‍ය විදිහට නොව මට අවශ්‍ය විදිහට‘ යි  පවසමින් ඇය දිගටම තම දූෂිත ක්‍රියා කරගෙන යයි. ඒ මේ දක්වා ඇයගේ දූෂිත ක්‍රියාවන්ට එරෙහිව කිසිදු විනය පරීක්ෂණයක් සිදු කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවීමේ බල පරාක්‍රමයෙණි. එමෙන්ම ‘ඊ නිවුස් යනු මඩ පුවත්පතක්‘ බවද ඇය පුරසාරම් දොඩවයි. ඔක්. 19 වන දා පැවති කළමනාකරණ සහකාර පුරපුපාඩු  සඳහා  බඳවා ගැනීමේ තරග විභාගය ද ඇය ඉතා දූෂිත අන්දමින් පැවැත්වීමට ක්‍රියා කළා ය.

ඒ කෙසේද යත්,

දැනටමත් මෙම තනතුරු 4 ඇයගේ හිතවතුන් හා ඥාතීන්ගෙන් පුරවා අවසන්කොට ඇත. ඔවුහු දැනටමත් පරිපාලන අංශයේ මුදල් අංශයේ හා බාහිර සේවා සැපයුම් අංශයේ සේවය කරති. මෙම තරග විභාගයට ඉතා දුර බැහැර ප්‍රදේශ වලින් දෙමාපියන් සමග වියදම් දරා විශාල ප්‍රමාණයක්  පැමිණියහ. 

400 කට අධික තරුණ තරුණියක් මෙසේ අතරමං කළේ මෙම මුදල් හා පරිපාලන අධ්‍යක්ෂවරිය වුවද  එහි වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද භාර ගත යුතුය. මන්ද මෙම ආයතනය භාරව ඇත්තේ ජනාධිපති යටතේ බැවිනි. ජනතාව බොරුවට මෙසේ කැඳවන ලද්දේ ජනාධිපති යටතේ ඇති රාජ්‍ය ආයතනයක් විසිනි. එහි යම් දූෂණයක් සිදු වී  ඇත්නම් එය මෙම දූෂිත කාන්තාවගේ බුදලයක් නොව සමස්ථ ජනතාව නියෝජනය කරන රාජ්‍ය ආයතනයක් මෙන්ම ජනාධිපති යටතේ පවතින ආයතනයක් බැවින් වහා පරීක්ෂණයක් කළ යුතුය. මේ දූෂණය සිදුවන බව කලින් පෙන්වා දී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාවක් නොගත් නිසා මේ දූෂණයට ජනාධිපතිවරයාද වග කිව යුතුය.

මුදල් හා පරිපාලන අධ්‍යක්ෂවරිය හා ඇයගේ හිතවත් සේවකයින් එකතු වී සමහර අපේක්ෂක අයදුම්පත්‍ර අස්ථානගත කර ඇත. ඉන් එක් අපේක්ෂිකාවක්  ජනාධිපති තුමා දක්වා ගොස් දැනුවත් කොට විභාගයට පෙනී සිටිමට අවස්ථාව සළසා ගෙන ඇත. ඒ ඇයට ඇති හැකියාව නිසාය. මෙසේ කිරීමට නොහැකි වූවන් තව කොතෙක් ඇත්ද? මෙයින් අප පෙර සඳහන් කළ මෙම ආයතනය මුදල් හා පරිපාලන අධ්‍යක්ෂවරියගේ බුදලයක් ලෙස කටයුතු කිරීම සනාථ නොවන්නේද? මේ පිළිබඳ වත්මන් සභාපති නිහඬ ඇයි?  

තවද ආයතනයේ කාලයක් සේවය කරන සේවකයින්ගේ දරුවන් මෙම විභාගයට ඉදිරිපත් වී ඇති නමුත් ‘ලංකා ඊ නිවුස් ඔත්තුකරුවන්ගේ දරුවන්  කොහොමවත් මෙම ආයතනයට බඳවාගන්නේ නැතැයි‘ ඇය පවසා ඇත. එබැවින් එවන් එක් අපේෂිකාවක් විභාගයට ඉදිරිපත් නොවුනේ මෙය සමත් වුවත් ඵලක් නොවන බව දන්නා හෙයිණි. නමුත් මුදල් හා පරිපාලන අධ්‍යක්ෂවරියගේ නිවසේ වළං හෝදන සේවකයින්ගේ දරුවන් එකෙක් - නොව දෙදෙනා බැගින් මෙම ආයතනයේ සේවයට ස්ථිර ලෙස බඳවාගෙන ඇත. එයට කිසිදු සුදුසුකමන් අවශ්‍යය වූයේ නැත. එකම සුදුසුකම ඇයට කේලාම් කීම හා ගැති වී සිටීමය.

අධ්‍යාපන ආයතනයක් ලෙස මෙම විභාගය සැකසීමට අධ්‍යාපන අංශයට හෝ විභාග අංශයේ හෝ වගකිව යුතු අංශයක නිළධාරියෙක් පත් කළ යුතු වුවත් මේ සියල්ල මුදල් හා පරිපාලන අධ්‍යක්ෂවරියගේ තනි කැමැත්තට සිදුකළේය. ප්‍රශ්න පත්‍රය විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් සකසනවා යැයි බොරු ප්‍රචාරයක් දුන්නද ආයතනයේ විගණන අංශයේ කළමනාකරණ සහකාරවරියක් මෙන්ම මීට පෙරත් ඊ නිවුස් හෙළිකළ පරිදි වයස 82 ආච්චි අම්මා කෙනෙක් වන කාලිංග ඉන්ද්‍රතිස්සගේ මව විසින් ප්‍රශ්න පත්‍රය සකසන ලදී. ඒ බව කාලිංග ඉන්ද්‍රතිස්සගේ මව විසින්ම මෙහි සේවය කරන ගණකාධීකාරිනියක මෙන්ම හා කතිකාචාරිනියක සමග  ප්‍රකාශ කර ඇත. 

මෙවැනි තරග විභාගයක ප්‍රශ්න පත්‍ර සැකසීමට ආයතනයේ ම  කළමනාකරණ සහකාරවරියක් යොදා ගත්තේ ඇයි? මින් ඇති වූ දූෂිත තත්ත්වය නම් ආයතනයේ දැනටමත් සේවය කරන තරඟ විභාගයට මුහුණ දුන් අපේක්ෂිකාවන්ට විභාගයට පෙර මෙම ප්‍රශ්න පත්‍රය පිටවී තිබීමයි. 

විභාග ශාලාධිපතිවරු ලෙස කටයුතු කළේ ද කළමනාකරණ සහකාරයන්ය. සමහර විභාග ශාලාධිපතිවරු රංජිත් බණ්ඩාර සමයේ  බඳවා ගත් අපොස සාපෙවත් නැති අයයි. ආයතනයේ විභාග අංශය හා අධ්‍යාපන අංශය නිද්‍රාශීලී පිළිවෙතකින් මෙදෙස බලා සිටියේය. 

රාජ්‍ය පරිපාලන, විදේශ සේවා වැනි තරඟ විභාග පවා තම මවු භාෂාවෙන් ( සිංහල හා දෙමළ) පවත්වන රටක මෙම විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීම අපේක්ෂකයින් භිරාන්තයට පත් කරන්නක් විය. යහ පාලනය, මානව හිමිකම්, සහ දුප්පත් ගැමි ජනතාව පුහුණු කරන මෙම ආයතනය හදිසියේම ඉංග්‍රීසියෙන් විභාග පැවැත්වීම නිසා මෙම ආයතනය සුද්දන්ට සේවය කරන තැනක් දැයි විභාගයට පෙනී සිටීමට පැමිණ සිටි දරුවන්ගේ දෙමාපියන් ප්‍රශ්න කළහ. අනෙක් අතට පුරප්පාඩු ගැන ප්‍රසිද්ධ කළ දැන්වීමේ ඉංග්‍රීසි භාෂාවෙන් විභාගයක් පවත්වන බව සඳහන් කර නැත. 

විභාග ප්‍රශ්න පත්‍ර වල කිසිදු ප්‍රමිතියක් නොවීය. රියැදුරෙකු පමණක් ගොස් විභාග ප්‍රශ්න පත්‍ර රැගෙන ආ අතර ඒවා සීල් කර නොතිබිණ. මේ සඳහා විභාග අංශයේ කිසිවකු සහභාගී නොවීය. විභාග අයැදුම්පතේ විභාගය විෂයන් 2 ක් සඳහා පැය 2 ක් යැයි සඳහන් වුවද සිසුන්ට ලබා දුන්නේ එක් ප්‍රශ්න පත්‍රයක් පමණි. ප්‍රශ්න පත්‍රයේ පැය 1 ක කාලයක් යැයි සඳහන් කර තිබූ නමුත් සමහර  විභාග ශාලාවල පැය එක හමාරක් ලබා දුන්නේ ය. එබැවින් එකම විභාගය සමහරු පැයක් ද තවත් සමහරුන්ට පැය එකහමාරක්ද හිමි වු අරුම පුදුම විභාගයක් ලෙස ඉතිහාස ගතවනු ඇත.

ගරු ජනතාවෙනි, ( කලින් අපි ගරු ජනාධිපතිතුමනි කියා ඔහුට මේ දූෂණ ගැන කීවද එය බීරි අලින්ට වීණා ගායනාවක් වී ඇති බැවින් දැන් ජනතාවට කියමු)

ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනයක් මෙලෙස ඉච්ඡාභංගත්වයට පත් කළේ අපේ රටේ තරුණ අනාගතයි. තමන් යටතේ පවතින එක කුඩා ආයතනයක කුඩා විභාගයක් යහපාලන ගුණාංගයන්ගෙන් යුක්තව පවත්වා ගත නොහැකි ජනාධිපතිවරයා රටට යහපාලනයක් ගෙන එතැයි සිතීම විහිළුවකි. ශ්‍රී ලංකා පදනම් ආයතනය මහජනතාවගේය. එය රැක ගැනීම ඔබ සතු යුතුකමකි .! 

-ශ්‍රී ලංකා පදනම රැක ගැනීමේ ව්‍යාපාරය-

---------------------------
by     (2017-10-24 01:37:53)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Which of nine, 94 or 65 is the biggest?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more