ජාතික දීපවාලී උත්සවයට එන්නැයි රටේ ප්‍රධාන දෙමළ නායකයාට ආරාධනා කර, පැමිණි පසු ජනාධිපති ආරක්ෂකයන් විසින් අගෞරවයට ලක් කරලා

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.23,  ප.ව‍‍‍.11.30) ජාතික දීපවාලී උළෙලට සහභාගී වන්නැයි ආරාධනා කර එහි ගිය පසු ජනාධිපති ආරක්ෂක අංශය විසින් තමන්ට කරන ලද අගෞරව සහගත අපහාසයක් පිලිබඳ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාගේ හිත පෑරී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. 

පසුගිය 15 වෙනිදා ජනාධිපති අගමැති දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මැදුරේ දී පැවැති ජාතික දීපවාලී උළෙලට සහභාගී වන්නැයි රටේ ප්‍රධාන දෙමළ නායකයාද රටේ විපක්ෂ නායකයාද මෙන්ම 85 වැනි වියට ආසන්නව සිටින රටේ වියපත්ම දේශපාලන නායකයා ද වන රාජවරෝදියම් සම්බන්ධන් මහතාට ආරාධනා කර තිබිණ. 

දෙමළ ජාතික උත්සවයකදී රටේ ප්‍රධාන දෙමළ නායකයා පැමිණෙන විට ගෞරවනීය ලෙස පිළිගැනීමක් කළ යුතුව තිබුනද සම්බන්ධන් මහතා පැමිණෙද්දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුගේ ඉන ඉහ රහස් අංග අත පත ගාමින් පරීක්ෂාවකට ලක් කර තිබේ. ඉන් අනතුරුව බෝම්බ බැඳගෙන සිටීදැයි සොයන ස්කෑනින් යන්ත්‍රය හරහා යවා ඇත. එම අවස්ථාවේ දී ස්කෑනින් යන්ත්‍රයේ යම් ආබාධයක් ඇතිවීම නිසා යන්නට ගිය සම්බන්ධන් මහතා යළි කැඳවා දෙවන වරටත්  ස්කෑනින් යන්ත්‍රය හරහා ගමන් කරවා තිබේ. සම්බන්ධන් මහතාගේ වයස අනුව ඔහු ඇවිදින්නේ ද අමාරුවෙන් බව හෝ ජනාධිපතිගේ ආරක්ෂක ගොයියන් සලකා නැත. 

දීපවාලී දිනයේ දී මෙවැනි අශෝභන අගෞරව සහගත අපහාසාත්මක සිද්ධියකට මුහුණ දීමට සිදුවීම නිසා රටේ ජ්‍යෙෂ්ඨතම දෙමළ ජාතික නායකයාගේ හිත රිදී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ එතැන සිටි දෙමළ මාධ්‍යවේදීන් සාක්ෂි දරනු ඇත. 

ජනාධිපතිවරයා සහභාගී වන උත්සව වලදී එම ස්ථානයේ සියලු ආරක්ෂාවන් බාර ගන්නේ ජනාධිපති ආරක්ෂක අංශය විසිනි. අගමැති ආරක්ෂක අංශය පවා එහිදී ජනාධිපති ආරක්ෂක අංශයට ඉඩ දී පසු වළල්ලකට යා යුතුය. 

ජනාධිපතිවරයෙකුට ආරක්ෂාවක් තිබිය යුතු නමුත් යුද තත්ත්වයක් නැති මෙකල එය ජ්‍යෙෂ්ඨ නායකයන් අපහසුතාවයට පත් නොකරනවාටත් වඩා අගෞරවයට පත් නොකරන්නක් විය යුතුය.   

සිරිසේන ජනාධිපතිවරයාට පමණක් නොව සිරිසේන මහතා ජනාධිපතිවීමට පෙර පොළොන්නරුවේ ස්ටුඩියෝවක් කරමින් සිටි නමුත් මේ වන විට ප්‍රකෝටිපතියෙකු වී සිටින  ජනාධිපති ඩීල් බෑණාට පවා ආරක්ෂක පරිවාර රථ 6 ක් සමග 50 කගේ පමණ ආරක්ෂාවක් ලබා දී තිබේ.  

---------------------------
by     (2017-10-24 15:20:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

The 3rd number from thirty five, thirty three, 14 and twenty nine is?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more