භික්ෂුවක් දැරියකගේ රහසඟට ඇඟිල්ල දැමීමෙන් දැරිය මරණයට පත්වුනත් භික්ෂුව කෙළේ සුළුවරදක් යැයි කියන ‘සංඝාධිසේසය‘ පිළිගත හැකිද? -ථෙරවාදයද? චෝරවාදයද? (අංක 27)

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.23,  පෙ.ව‍‍‍.6.30) ලංකා ඊ නිවුස් ගෙන එන “ථේරවාදය ද ? චෝරවාදයද ?“ ලිපි පෙළ සම්බන්ධයෙන් පාඨක ඔබ දක්වන සියළු ආකාරයේ ප්‍රතිචාරයන් කෙරෙහි කෘතඥතාවය පළ කර සිටිමු. ඒ අතර මාගේ විද්‍යුත් ලිපිනයට ද විවිධ  මාදිළියේ ලිපි විශාල වශයෙන් ලැබෙමින් තිබේ. ඒ සියල්ලටම පෞද්ගලිකව පිළිතුරු  සැපයීම අපහසු බව කාරුණිකව සිහිපත් කරමි. එහෙත්  “ථේරවාදය ද? චෝරවාදය ද?“ තුල ඔබගේ  පෙන්වාදීම් සමග ඔබටද විග්‍රයන් ද ඇති බව අප ඇමතූ මහත්ම මහත්මීන්ගෙන් මෙන්ම සිල්වත් භික්ෂූන් වහන්සේලාගෙන් ද අවබෝධ වී ඇත. පසුගිය 18 වන දා ඊ නිවුස් හි පළවූ “සච්චක දමනය..! මල්වතු මහ නාහිමියන් සති දෙකක් තුල කළ දෙවන දමනය..!“ යන හිසින් පළමූ  නිකායෙන් එළවා වියැයි බියෙන් තැති ගත් නූතන බර්ත් ඩේ බුදු  හාමුදුරුවෝ ගැන පළ වූ  ලිපිය පාදක කරගනිමින් ද බොහෝ  දෙනෙකු මා වෙත විවිධ යෝජනා ඉදිරිපත් කර තිබේ. පහත ලිපිය එයින් එකකි. 

ගරු ධර්මදාස මහත්මයාණනි,

“යෝ පන භික්ඛවේ  මේථූන ධම්මං පතිසේවෙය්‍ය අන්තමසෝ තිරච්ඡානගතායපි පාරාජිකා හෝති“. වශයෙන් තථාගතයෝ ස්ත්‍රී ලිංගික තිරිසනෙකු සමඟ වුව ද කාම සේවනය භික්ෂුවට මුළුමනින්ම තහනම් කළහ. යම් පැවිද්දෙක් මෙම නීතිය කඩ කළ  සැණින් ඔහු පාරාජිකයෙකු  වේ. එනම් ගිහි භාවයට පත්වේ.

පළමුව ඔබගේ මෙම සියලු ලිපි අති විශිෂ්ට කරුණු කාරණාවලින් පිරිපුන් හරවත් ලිපි බවට අවංකවම අගැයීමක් කරමි. ඔබගේ ඉහත ඡේදයට අනුව යම් පැවිද්දෙක් පුරුෂ පක්ෂය සමග ලිංගිකව හැසිරුනු විට එය පරාජිකාවක් වේද නොවේද යන්න පැහැදිලි නොවේ. එමනිසා එයට එක්විය යුතු 'උදායි' තෙරුන්ගේ විවිධ උදාහරණ රාශියක් පිරිවෙන් මුලික ශ්‍රේණි පොත්වල ඇති බව සඳහන් කරමි.

නොමැතිනම් ඔබ ජීවත්වන්නේ බණ්ඩාරගම ආසන්නයේ නම් හෝ ඔබට බණ්ඩාරගම සබඳතා ඇත්නම් හෝ මෙයට වත්මන් උදාහරණ සපයන 'විහාරාධිපති - විදුහල්පති' පැවිද්දෙක් ගොදුරක් අපේක්ෂාවෙන් හවස පටන් රෑ 10.00 - 12.00 වනතෙක් පානදුර හොරණ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා ඇති ඓතිහාසික රජමහා විහාරස්ථානයක දොරටුව අභියස සිටගෙන සිටින අශෝබන දර්ශණය උදාහරණ කොට දැක්විය හැකිය. (අවශ්‍යනම් සතියේ ඕනෑම දිනක පැමිණ ඡායාරුප හෝ වීඩියෝ කරගත හැකිය)

එසේම ලංකාවේ උපාධිධාරි තරුණ තරුණියන් රැකියා විරහිතභාවයෙන් අසරණව සිටිද්දී පැවිද්දන්ට ගුරු රැකියා දෙන රජයේ අඳ බාල ප්‍රතිපත්තිය වහා වෙනස් කළ යුතු බව කරුණාකර ලියන්න. අවශ්‍ය තරම් සිංහල, ඉතිහාසය උපාධිලෙස සමත් දරුවන් ඇඳුම් ආහාර නිවාස නොමැතිව සිටියදී සිව්පසය නොමිලේ ලබන පැවිද්දන් රජයේ ගුරු රැකියා කර මුදල් හම්බ කර ගනිති. මදි උන් tution  කරති. පැවිද්දන්ගේ ගුරු භූමිකාව පිරිවෙන් වලට සීමා කළ යුතු  කාලය පැමිණ තිබේ. කරුණාකර මේ ගැනත් ලියන්න. 

ස්තුතියි ! 

ඔබට යහපතම වේවා ! 

ඉහත ලිපියෙන් විශේෂ කාරණයක්  මතු කරයි. ඒ පුරුෂ පක්ෂය සමඟ ලිංගිකව හැසිරීමෙන් භික්ෂුවක් පාරාජිකා භාවයට පත්නොවන්නේද යන්න විස්තර කරන ලෙසය. උපසපන් භික්ෂුවකට මහණකම අහිමිවෙන හේතු හතරක් ‘ආණා පාතිමෝක්ෂයෙහි‘ දක්වා තිබේ. මෛතුන්‍ය සේවනය, මනුෂ්‍ය ඝාතනය, සොරකම, මාර්ග ඵල ධ්‍යාන ආදී උත්තරීතර  තත්වයන්ට පත්ව ඇතැයි නැති ගුණ මවා පෑම, ( පිටිදූවේ සිරිධම්ම සිදු කළ වරද මෙයයි)  එම වැරදි සතරය. 

මෙයින් එක් වරදකට හෝ හසු වූ භික්ෂුවක් වෙයි  නම් ඔහුට තවදුරටත් චීවරය දරා සිටිය නොහැකිය. ඉබේම මහණකම අහිමිවෙයි. නැවත පැවිදි විය නොහැකිය. එහෙත් සතර පාරාජිකාවටම පත් වූ සිවුරු පෙරවා ගත් හිස මුඩු කර ගත් ගිහියෝ අප අතර අතොරක් නැතිව සිටිති. 

මෙහිදී මෙවුන් දම් සෙවීම සම්බන්ධයෙන් සම්බුද්ධ නියමය මෙසේය.  

“යෝ පන භික්ඛු භික්ඛූනං සික්ඛා සාජීව සමාපන්නෝ සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්‍යං අනාවිකත්වා මේථුනං ධම්මං පතිසේවෙය්‍ය අන්තමසෝ තිරච්ඡානගතායපි පාරාජිකෝ හෝති අසංවාසෝ.” 

මෙම විනය නීතියට අනුව කිසියම් භික්ෂුවක් මිනිස් හෝ තිරිසන් සත්වයෙකුගේ  මුඛය, ගුදය හෝ ස්ත්‍රී නිමිත්ත  තුලට සිය පුරුෂ නිමිත්ත ඇතුල්  කළ සැණින්  උපසම්පදාවත්, පැවිද්දත් අහිමි ගිහියෙකු බවට පත්වේ. ඔහු සිවුරු පොරවා සිටියත් ගිහියෙකි. වෙනත් ආකාරයකින් සිය ලිංගික අවශ්‍යතා ඉටුකර ගැනීමෙන්  පාරාජිකාවට පත්වෙන බවක් දේශණා කර නැත. අපගේ පෙර ලිපියේ සඳහන්  කාන්තාවකගේ දෙකලවා අතර ගැටූ භික්ෂුව එවැන්නක් කිරීමෙන් සිය මහණකම නැතිවේදැයි බුදුන්ගෙන් විමසූ කල්හී උන්වන්සේ  ඔහුට ප්‍රකාශකර ඇත්තේ පාරාජිකාවක් නොව ‘සංඝාධිසේසයක්‘ සිදුවෙන බවයි. 

එකල එක් භික්ෂුවක්  පිණ්ඩපාතයෙහි වඩිද්දී නිවසක අසුනක වාඩිවී සිටි  දැරියකගේ රහසඟ දැක කාමයෙන් ඇවිළී ගොස් ඇයගේ ලිඟුව තුලට ඇඟිල්ල දැමීය. වේදනාව දරාගත නොහුණු දැරිය ඒ නිසාම මරණයට පත්වූවා ය. බියටපත් භික්ෂුව බුදුහිමියන් වෙත ගොස් මේ නිසා තමාට පාරාජිකාවක් වෙයිදැයි විමසා ඇත. එම කාරණය සම්බන්ධයෙන් ද බුදු පිළිවදන වූයේ ‘සංඝාදිසේසයක්‘ පමණක් සිදුවෙන බවයි .  

‘සංඝාධිසේසය‘ යනු “ සීමාව“ තුලදී ඇවත් දෙසා ගැනීමෙන්   නිදහස් විය හැකි වරදකි. ලී බෝනික්කන්, කාන්තා ඇටසැකිළි, ආදිය සමඟ රමණය කළ භික්ෂූන් ද එකල සිට ඇත. ‘ප්‍රාතිමෝක්ෂ පාලියට‘ අනුව එවැනි වැරදි  නිවැරැදි කරගත හැකි ‘දුකුලා ඇවත්‘  (සුළු වැරැදි) ගණයට වැටේ . කෙටියෙන් සඳහන් කරන්නේනම් බාහිර සංසර්ගයෙන් භික්ෂුවගේ මහණකම අහිමි නොවේ. සමලිංගික සංසර්ගයට ඔවුන් ප්‍රසිද්ධියේ විරුද්ධ වුවද අප්‍රසිද්ධියේ කරගෙන යන බාහිර අභ්‍යන්තර වැඩකටයුතු මොනවාදැයි අපවෙත එවා ඇති ලිපිය සාක්ෂි දරයි.

අනෙකුත් වැරැදී කෙසේ වෙතත්  කුඩා දැරියකට බරපතල ලිංගික හිංසනයක් කොට ඇය මරා දැමීම අද කාලයේ නම් ලොවම කම්පාවට පත්වෙන භයානක අපරාධයකි. එහෙත් පාරාජිකා පාලියට අනුව  එය සාමාන්‍ය වරදකි. සැබවින්ම මෙය දැඩි සංවාදයකට ලක්විය යුතු මාතෘකාවකි. එක්කෝ අටුවා කතා කරුවන් භික්ෂුවගේ වාසියට බුද්ධ නීතිය වෙනස්කර තිබේ. නැතිනම් උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ගේ ලිංගික අවශ්‍යතාවයන්  පාරාජිකාවට පත් නොවී ඉටුකර ගැනීමට අනු බල දී තිබේ. 

ආනන්ද හිමියන් ද බුදුන් සමඟ එකම  කුටියේ විසීම ප්‍රතික්ෂේප කර ඇත. අග්‍ර උපස්ථායක තනතුර  භාර ගැනීමට උන්වහන්සේ කැමැත්ත පළකළේ එම ඉල්ලීම ද ඇතුළුව තවත් යෝජනා කීපයක් ඉදිරිපත් කීමෙන් පසුවය. බුදු රදුන් සියලු ඉල්ලීම් අනුමත කළහ . මතුපිටට වඩා ගැඹුරු අරුතක් මෙහි ඇතුලත ඇතැයි කෙනෙකුට සිතෙන්නට ද බැරි නැත. මෙවැනි  උභතෝකෝටික ගැටළු නිරාකරණයකර දීම සඳහා ධර්මධර විනයධර ව්‍යක්ත ප්‍රතිබල සම්පන්න මහා යතිවරයන් වහන්සේලා මැදිහත්වීම ඉතා අගනේය.  

බුදු සිරිත වටා ගොතා ඇති මායා කාරී ඇස්බැන්දුම්, ගම කථා නිසා උන්වහන්සේගේ සත්‍ය දර්ශණය යටපත් වී ඇති බවයි අපගේ පිළිගැනීම. උන්වහන්සේ වෙහෙසුනේ සාමානාත්මතාවය පිරුණු  සාධනීය සමාජ පරිවර්ථනයක් සඳහාය. එය සිය බඩගෝස්තරය බවට පත්කරගත් චෝර වාදීන් බුදු මඟ විෂ ගෝර කටු කොහොල් වලින් අහුරා තිබේ.  ගිහියන් විසින් මෙවැනි ප්‍රශ්ණවාදී කරුණු කාරණා තව තවත් හාරා ඇවිස්සීමට පෙර උදර පෝෂණයත් දේශපාලනයත් ගැන වැඩ නවතා ධර්මයට වැඩක් ඇති යමක් කරන ලෙස භික්ෂු ප්‍රතිරූපකයන්ගෙන් ද ඉල්ලා සිටිමු.

නුඹලා කරන බොරුව අපි අතැඹුලක් සේ දන්නෙමු.

ආර්. ජී. ධර්මදාස විසිනි

[email protected]

පෙර ලිපි එකතුව පහත දිගුවෙන් කියැවිය හැකිය
http://www.lankaenews.com/category/38

---------------------------
by     (2017-10-23 15:01:28)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

බෞධ දර්සනයේ සඳහන් වී ඇත්තේ චේතනාවම කර්මය වීමයි.භික්ෂුවක් දැරියකගේ රහසඟට ඇඟිල්ල ඇතුළුකර අත්තේ රාගයෙන් මත්වී මිස මරණ චේතනාවෙන් නොවේ.එබැවින් එය පරාජික වීමට හේතුවක් නොවේ.
-- by Munidasa on 2017-10-23

විනය පිටකයේ සඳහන් පරිදි භික්‍ෂුවක් යම් කාම ක්‍රියාවලියක යෙදේද හෙතෙම එවක් පටන් භික්‍ෂුවක් නොවේ. ශික්ශා පනවන ලද්දේ මෙවැනි නොකට යුතුකම් බුදුන් කලද සිදුවූ බැවිනි
-- by Sudath Sri on 2017-10-23

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more