~

‘ග්‍රාම ශක්ති‘ ගමට ශක්තියද? ගමරාලලාගේ පවුලට ශක්තියද? ආරම්භක උත්සවයෙන්ම චතුරිකාට රු.කෝටි 3 හමාරයි..! තවත් කෝටි 600 ක් ඉල්ලයි..!!

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.22,  ප.ව‍‍‍.11.15) ජනාධිපති පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතා විසින් ‘ග්‍රාම ශක්ති‘ නමින් පසුගිය 20 වෙනිදා ආරම්භ කරන ලද පරණ කතා අලුත් නමකින් රෙපයාර් කරන වැඩ පිලිවෙල ග්‍රාමයට ශක්තියක් දීම කෙසේ වෙතත් ගමරාලලාගේ පවුලට ශක්තියක් ගෙන දෙන වැඩ පිලිවෙලක් බවට පත් කරගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. 

ඒ 20 වෙනිදා සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැති ග්‍රාම ශක්ති වැඩ සටහනේ ආරම්භක උත්සවය නම් බොරු සෝබන වැඩේ සඳහා පමණක් රුපියල් කෝටි 3 හමාරක් වියදම් කිරීම නිසාම නොවේ. එම කෝටි 3 හමාරේ උත්සවයේ සියළු කටයුතු ජනපති  දියණිය චතුරිකා සිරිසේනගේ ‘මීඩියා ගැන්ග් පුද්ගලික සමාගම‘ (Media Gang Pvt Ltd) නම් ප්‍රචාරක ආයතනයට ලබා දීම නිසාය. රජයේ වියදමක් නම් ටෙන්ඩර් කැඳවා ලබා දිය යුතු නමුත් මෙහි කිසිදු ටෙන්ඩර් කැඳවීමක් නැත. මෙය ‘ජනාධිපති තාත්තාගේ‘ නම හදන වැඩේ ‘ජනාධිපති දුව‘ විසින් සිදු කර කෝටි තුන හමාරක මහජන මුදල දුවගේ පර්ස් එකට දමා ගැනීමකි.

ජනවාරි 8 වෙනිදා ලංකාවේ ජනතාව රාජපක්ෂලා එළවා දැම්මේ මෙවැනි තක්කඩි වැඩ වලින් රාජපක්ෂ පවුලේ වුන් කෝටිපතියන් වීම නිසාය. දැන් එය සිරිසේන පවුල විසින් කිසිදු ලැජ්ජාවක් නැතිව කරගෙන යති. වෙනසකට ඇත්තේ රාජපක්ෂලා මේවා කරන්නට වසර 5 ක් පමණ යනතුරු බලා සිටි නමුත් සිරිසේන පවුල වසර 2 න්ම ආරම්භ කිරීම ය.

මීට අමතරව ‘ග්‍රාම ශක්ති‘ වංචාව ‘ප්‍රමෝෂන්‘ කරන්න කියා තවත් කෝටි 2 ක් ද මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

‘ග්‍රාම ශක්ති‘ වංචාව කරගෙන යෑමට ලබන වසර සඳහා තවත් රුපියල් කෝටි 600 ක් මීලඟ බජට්ටුවෙන් වෙන් කර දෙන්නැයි ද මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇත.

ලංකාවේ පට්ටා ගසා ප්‍රතිඵලයක් දී නැති ‘සිරිලක දේ සිරිසැප දේ‘ සටන් පාඨය යලි අලුත් නමකින් රෙපයාර් කරන මේ ප්‍රොජෙක්ට් එක මාතර දී කුරුඳු පොලු පහර කෑ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක නමැති නීතිඥයා ගේ ය.   මේ ලෝකේ ආර්ථික විද්‍යා දැනුමක් තබා, දන්නා නීතිඥ රස්සාවෙන් පවා කතා කොට දිනූ එකදු නඩුවක් හෝ නැති ශිරාල් ලක්තිලක වනාහී තමන් කියනා දේ අනුන්ට තබා තමන්ටවත් තේරෙන ලෙස කියා ගන්නට බැරි හාදයෙකි. 

ඔහු විසින් මෙම ග්‍රාම ශක්තියේ ‘වංචාව‘ වසන් කිරීම සඳහා ලියා ඇති සටහන් වල මුලදී කියන දේ අගදී ඔහු විසින්ම ප්‍රතික්ෂේප කරයි. ඍජු විදේශ ආයෝජකයන් ලංකාවට එන්නේ නැතැයිද ඒ නිසා ‘සියරට දේ සිරිසැප‘ දේ නමැති සටන් පාඨය ඉදිරියට ගෙන යා යුතු යැයි මුලදී කියන ‘ප්‍රොජෙක්ට් තිලක‘ අවසානය වන විට ඒ සඳහා නව තාක්ෂණය, යන්ත්‍ර සූත්‍ර, නව ප්‍රාග්ධනය අවශ්‍යයැයි කියයි. විදේශ ආයෝජකයන් අවශ්‍ය වන්නේ ඒ නිසාම බව ප්‍රොජෙක්ට් තිලකට ටිකක් දුර යද්දී අමතක වෙයි. (ඔහු මේ සම්බන්ධයෙන් තම ෆේස් බුක්හි තබා ඇති සටහන කියවන්න)

මේවා කිසිදු නවීන ආර්ථික දැක්මක් නැති බහුබූත ගොබ්බ ප්‍රොජෙක්ට් ය. මනෝරාජික කතා ය. මේවා මගින් කරන්න යන්නේ ගමේ මිනිසුන්ට සෙතක් කිරීම හෝ ග්‍රාමයට ශක්තියක් දීම නොව ආරම්භක උත්සවයේ දීම කළා සේ සිරිසේනලාගේ පවුලට කෝටි ගානක් කපා ගැනීමේ වැඩක් හදා දී ප්‍රොජෙක්ට් තිලක ද ගානක් කපා ගැනීම ය. ලබන වසරට කෝටි 600 ක් ඉල්ලන්නේ නම් ඉන් කෝටි 60 ක් අවම වශයෙන් මොවුන්ගේ සාක්කු වලට වැටීමට වැඩ සලසා ගැනීම ස්ථිරය.

ගම් උදා, ගැමි දිරිය, ග්‍රාමෝදය, ගම හදා රට හදමු ආදී අතෝරක් නැති ගම විකුණා ගාණ සාක්කුවේ දා ගත් මෙවැනි වංචනික ප්‍රොජෙක්ට් ලංකාවේ ඕනෑ තරම් තිබී ඇති අතර මෙයද එවැනිම ප්‍රොජෙක්ට් එක බව කැට තියා කිව හැකිය. ඒ මන්ද යත් ලබන වසරට අදාල ආර්ථික සැලැස්ම සම්බන්ධයෙන් අගමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැඩ පිලිවෙල හා මොවුන්ගේ ග්‍රාම ශක්ති ප්‍රොජෙක්ට් එක සංකල්පීය වශයෙන්ම පරස්පර බැවිනි.

ලංකාව නිදහස ලබා ගැනීමට එනම් මෙයට වසර 70 කට පෙර එංගලන්තයේ ගම තිබූ හැටිත් ලංකාවේ ගම තිබූ හැටිත් අතර මහා ලොකු වෙනසක් නැත. එකම පරිපාලන ව්‍යුහයකි.  එංගලන්තය අපෙන් මිදී තමුන්ගේ ගම පසුගිය වසර 70 තුල නගා සිටුවා ගත් හැටිත් අපි පසුගිය වසර 70 තුල අපේ ගම කා ගත් හැටිත් එංගලන්තයට පැමිණ මාස කිහිපයක් අධ්‍යයනය කර තම ප්‍රොජෙක්ට් එක ලීවා නම් ප්‍රොජෙක්ට් තිලකට ද ‘මිනිහෙක්‘ වන්නට ඉඩ තිබිණ. එවිට ගමේ ප්‍රොජෙක්ට් එක ගමේ එවුන්ට සැලසුම් කර ගන්නට ඉඩ දී ජනාධිපති මන්දිරයෙන් ප්‍රොජෙක්ට් නොලියා සිටීමට හෝ ඔහු ඉගෙන ගන්නවා ඇත. 

---------------------------
by     (2017-10-26 15:22:50)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

ජඩාධිපති කියන ඔය පාදඩ පුටුවේ වාඩි ගත් හැම එකාගේම දවසේ පැය විසි හතරම ගත වන්නේ කොහොම ද මහා පරිමාණයෙන් හොරකම් කරන්නේ කියා සැලසුම් සකස් කිරීමටයි! අනිත් අතට, දැන් ඉන්න ජඩාතිපතිට පොඩි පහේ හීනමානයකුත් ඇති, තවම ලොකු සොරකමක් කරන්න බැරි වීම ගැන! කොහොම වෙතත් අපේ රට පිරිහීමට පත් වුනේ කවදා සිට ද යන්න ගැන තවම කාටවත් නිශ්චිත අවබෝධයක් නැති බවත් පේනවා!
-- by Chan on 2017-10-23

ජනවාරි 8 වෙනිදා ලංකාවේ ජනතාව රාජපක්ෂලා එළවා දැම්මේ මෙවැනි තක්කඩි වැඩ වලින් රාජපක්ෂ පවුලේ වුන් කෝටිපතියන් වීම නිසාය.
-- by Sobithawathara on 2017-10-23

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links