“කතානායක ලෙස මා සිටින තුරු රටට අහිතකර ව්‍යවස්ථාවක් සම්මත නොකරන බවට සහතික වෙනවා” -දේශමාන්‍ය කරු ජයසූරියගෙන් ප්‍රතිඥාවක්

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.22,  ප.ව‍‍‍.9.15) ව්‍යවස්ථාවක් පිළිබඳ ව විවිධ පාර්ශවයන්ගෙන් විවිධාකාර  යෝජනා ඉදිරිපත්ව ඇති නමුත් මේ වන තෙක් කිසිදු අවසන් කෙටුම්පතක් සකස් කර නොමැති බවද එබැවින් පටු කෝණ වලින් බලා විවිධ අසමගිකම් පැතිරවීමට උත්සාහ නොකළ යුතු බවද කතානායකවරයා ලෙස තමා කටයුතු කරන තෙක් රටට ජනතාවට බුදු දහමට හෝ වෙනත් ආගමකට සුළු හෝ හානියක් වන කිසිදු ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඉඩ නොතබන බව ද කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කතානායකවරයා මේ බව  සඳහන් කළේ අද පෙරවරුවෙහි මීරිගම කතෝලික දේවස්ථාන (ජපමාල මෑණියන්ගේ දේවස්ථානය) සියවස් පූර්ණය වෙනුවෙන් පැවති සමරු උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. 

මෙහිදී තවදුරටත් කතානායක වරයා පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන ඕනෑම ව්‍යවස්ථාවක්  අවසන් වශයෙන් බල  ගැන්වෙන්නේ ස්වකීය අත්සනින් බවත් එහිදී ඉතා සුපරීක්ෂාකාරීව සහ වගකීමෙන් කටයුතු කිරීමට මුලු මහත් ජාතියටම තමා ප්‍රතිඥා දෙන බවත් ය. එබැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ව කිසිදු අවසන් කෙටුම්පතක් ඉදිරිපත්ව නැති මේ අවස්ථාවේ කලබල වීම අවශ්‍ය නොවන බව ද හෙතෙම සඳහන් කළේය.

---------------------------
by     (2017-10-22 16:10:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

73, twenty six or 2: the highest is?

  2 discussion on this news

සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් ‘දෙමළුන්ට මේ රටේ ඉඩක් නෑ’ නමැති ආතල්සහගත හීනයෙන් ඇහැරෙන්නේ ඊලාම් රාජ්‍යයක් බිහිවූ පසුවද? ඉන්දියානු ආක්‍රමණිකයා යැයි කීවාට, වඳුරු හමුදාව යැයි කීවාට ඊලාම් යුද්ධය පවා ජයගන්නට ඉන්දියාව නොසිටියා නම් ලංකාවට හැකි නොවේ. නමුත් මේ යන විදිහට ගියොත්, ඊලාම් රාජ්‍යයක් බිහිවන්නේ කවදාද යන්න කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. එය හෙට හිරු නැගෙනවා සේ ඒකාන්ත දෙයකි. ඉන්දියාව ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය ගැන කියන්නේ කුමක්ද? ඉතා සරල බසින් කියනවා නම්, “මේ මිනිස්සුන්ටත් මොනව හරි දෙන්න. ඔවුන් කාලයක් තිස්සේ දුක් වින්දා” කියා ය. මේ සරල කාරණය බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන ඊනියා සිංහල නායකයන්ට නොතේරෙන්නේ ජාතියේ පවකටද? ඔවුන් හීනෙන් ඇහැරෙන්නේ වෙනම රාජ්‍යයක් ඉල්ලන ලංකාවේ දමිල බෙදුම්වාදීන් සමග තමිල්නාඩුව ජැක් එක ගැසූ දිනයටද? සැබෑ අනතුර තිබෙන්නේ එතැන ය. අප අනෙකාගේ දුකට සංවේදී වන දිනයක් එන තෙක් සංහිඳියාව යන වචනය තවත් එක් වචනයක්ම පමණි. සැබෑ සංහිඳියාව වන්නේ අනෙකාගේ වේදනාවට සංවේදී වීමයි. ඒ වේදනාව සංහිඳවීමයි. ලංකාවේ දකුණ, උතුරේ වේදනාවට සංහිඳක් වන්නේ කවදාද...? ලංකාවේ සිංහල අපි කොහොමටත්, ‘තේරුමක් නැතිව ආඩම්බර වන’ ජාතියකි!
-- by mahinda on 2017-10-23

We know Sir, about you. We are sure how you would work on this matter. We have no any suspicious....
-- by Sanjeewa on 2017-10-24

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more