විනිසුරන් අතර විනි-සොරුන් සිටින බවට ලංකා ඊ නිව්ස් කළ හෙළිදරව් කිරීම් අගවිනිසුරුතුමන්ද විනිසුරුවරු ඉදිරියේම තහවුරු කරයි

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.22,  ප.ව‍‍‍.9.05) නඩුකාරයන් අතර හඩුකාරයන්ද සිටින බව හෙවත් විනිසුරන් අතර විනි-සොරුන්ද සිටින බවට ලංකා ඊ නිව්ස් දිගුකලක් තිස්සේ කර ඇති චෝදනා සනාථ කෙරෙන ප්‍රකාශයක් ගරු අග්‍රවිනිශ්චයකාර තැන්පත් ප්‍රියසාද් ඩෙප් මහතා ද ඊයේ විනිසුරුවරුන්ගේ සම්මන්ත්‍රණයකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කෙළේය.

තමන් කරන ලද පරීක්ෂණ වලදී විනිසුරු වෘත්තියට නොගැලපෙන ලෙස ක්‍රියා කරන කිහිප දෙනෙකුම සිටින බව තමන්ට තහවුරු වී ඇතැයිද එය අසත්‍යයක් නොවන්නේ යයි ද අගවිනිසුරුතුමා ඔවුනගේ පුද්ගල නම් හෙලි නොකරමින් ඊයේ පැවසීය. 

ඊයේ (21) උදෑසන 9 සිට සවස දක්වා කොළඹ අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ‘සෙරමෝනියල් කෝට්‘ අංගනයේ දිවයිනේ සිටින මහේස්ත්‍රාත්වරුන් සහ දිස්ත්‍රික් විනිසුරුවරුන් කැඳවා පවත්වන ලද සම්මන්ත්‍රණයේ දී අගවිනිසුරුතුමා මේ බව සිංහල භාෂාවෙන් පැවසීය.

වැඩි දුරටත් විනි-සොරුන් ගැන කී අගවිනිසුරුතුමා විනිසුරුවරුන්ගේ දූෂණ අක්‍රමිකතා ගැන තමන්ට පැමිණිලි රාශියක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරද්දී කොන්ක්‍රීට් සාක්ෂි නොමැති නමුත් බැලූ බැල්මටම විනිසුරු වෘත්තියට නොගැලපෙන ලෙස ක්‍රියා කරන පිරිසක් සිටින බව තහවුරු වී ඇතැයි කීවේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ද එවැනි අය සිටින බවත් ඔවුන් හේතු නොමැතිව නඩු කල්දමන අතර නියමිත කාලය නඩු විමසන්නේ නැතිව කලින් විනිසුරු අසුනින් බැස යන බවත් අගවිනිසුරුතුමා චෝදනා කෙළේය. එවැනි විනිසුරුවරුන් මහාධිකරණ වලද සිටින බව තමන්ගේ අතටම හසුවී ඇතැයි අගවිනිසුරුතුමා කීය. 

කෙසේ වෙතත් ව්‍යවස්ථාදායකය නීති නිෂ්පාදනය කරන අතර විනිසුරුවරුන් එම නීති නිසියාකාර ලෙස අර්ථ ගන්වා යුක්තිය පසිඳලිය යුතු යැයී කී අගවිනිසුරුතුමා දැන්වත් විනිසුරුවරුන් නිවැරදී පීල්ලට පැමිණ ජනතාවට සේවය කළ යුතු යැයි අවධාරණය කෙළේය.

ඉන්පසුව සවස් වරුවේ චුදිතයන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා දේශනයක් පැවැත්වූ අතර එහිදී ඇප පනතේ සඳහන් වන ආකාරයට රිමාන්ඩ් කිරීම ව්‍යතිරේකය මිස රීතිය ඇප දීම බව අවධාරණය කරමින් කතා කෙළේය. ජනතාව සතුටු වන ප්‍රකට කරුණ රිමාන්ඩ් කිරීම වීම කෙසේ වෙතත් නිකරුනේ මිනිසුන් රිමාන්ඩ් කිරීම වැරදි බව බුවනෙක අලුවිහාරේ ගේ දේශනයෙන් ගම්‍ය විය. 

සවස් වරුවේ පරිසර නීතිය ගැන ද දේශණයක් පැවැති අතර සම්මන්ත්‍රණයේ දී ප්‍රශ්න ඇසීමේ වාරයක් ද ලබා දී තිබිණ.

මෙම සම්මන්ත්‍රණයට උතුර නැගෙනහිරද ඇතුළුව දිවයිනේ සියළුම දෙනා පාහේ මහේස්ත්‍රාත්වරුන් දිසා විනිසුරුවරුන් පැමිණ සිටියහ. අවසානයේ බොහෝ විනිසුරුවරුන් සතුටට පත්ව සිටි බවක් පෙනෙන්නට තිබිණ. දිස්ත්‍රික් මට්ටමින් මෙවැනි සම්මන්ත්‍රණ පැවැත්වීමට වඩා දිවයිනේ සියළුම දෙනා එක තැනකට කැඳවීම ගැන බොහෝ දෙනෙක් සතුටට පත්ව සිටියහ. තමන්ගේ බල ප්‍රදේශවල රජවරුන් සේ වැජඹෙන සමහරුන් අගවිනිසුරුතුමා තම වැරදි ගැන කියාවිදැයි බියෙන් සිටිනුද දක්නට ලැබිණ. කෙසේ වෙතත් සියළු විනිසුරුවරුන් එක තැනෙකදී හමුවීමේ සතුට ද පිරිස අතර උතුරා ගලා ගොස් තිබිණ. 

මේ අතර මහාධිකරණ විනිසුරුවරුන් 35 දෙනෙකුගේ හිඟයක් දැනට රටේ පවතී. එය මෙතෙක් පුරවා නැත. අධිකරණ සේවා කොමිසම විසින් ලැයිස්තුවක් ජනාධිපතිවරයා වෙත යවා ඇති අතර ජනාධිපතිවරයා තම තෝරා ගැනීම් සඳහා තවත් වැඩියෙන් කිහිප දෙනෙකුගේ නම් එවන ලෙස කොමිසමට දන්වා ඇතැයි දැන ගන්නට තිබේ. 

කෙසේ වෙතත් විනිසුරුවරුන් අතර ධූරයට නොගැලපෙන ලෙස ක්‍රියා කරන විනි-සොරුන් ගැන ලංකා ඊ නිව්ස් ලියූ දෑට මෙන්ම නි.ඇමැති රන්ජන් රාමනායක මහතාද කළ ප්‍රකාශ වලට එරෙහිව ‘අධිකරණයට අපහාස කළා‘ යැයි නඩු දැමූ ‘පොල් බූරුවන්‘ දැන් අගවිනිසුරුතුමාටත් අධිකරණය අපහාස කළා කියා නඩු දමන අන්දම අපි බලා සිටිමු..!

ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2017-10-22 15:59:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Enter the lowest number of 69, forty three, 84, 48, sixty eight or eighty one:

  5 discussion on this news

.........................කුමට එරට අධිකරනය – නීතිය හා විනිසුරන් Song by – Nanda Malani
-- by Buddhi Perera on 2017-10-22

අනේ අර සරත් පොන්සේකා මහතා හිරේ දාලා මහින්දගේ බෝලේ ලෙව කාලා වරදාන අරගෙන නීතිපති එකේ දි නීතිය අවිනීතිය කරපු මේ රටේ Law and Order යන සංකල්පය අමු අමුවේ විනාශ කරපු මහින්දගේ මුළු පවුලටම කොන්දේසි විරහිතව කඩේ ගිය ඒවට වරදාන වශයෙන් නීතිපති එකේ ඉදලා ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් ආපු බුවනෙක අළුවිහරෙ නැමති පොර ද ඹය දේශණය කලේ? ඇත්තටම බුවනෙක අළුවිහාරෙ කලිසමක් ඇදල ටයි එකක් එහෙම දාලද ඹය දේශණය කරල තියෙන්නෙ???????
-- by Podi Malli on 2017-10-23

මේ සෙමිනාර් එක කොම්පියර් කලේ කුජීත කනාටු ගඩොලා නොහොත් ගඩොල් වසන්ත. ඒ වගේම පොත් ලියන හැම මගුළම දන්නවා කියළා සීනියර්ස් ලව විවේචනය කරන රුපියල් 85000 අධික පැට්‍රෝල් වියදමක් සහ වාහනයක් තිවුනද මුලු විනිසුරු සංහතියටම ලැජ්ජ කරමින් බස් එකේ උසාවි යන සහ සෙමිනාර් එන මෙලෝ ආතක් පාතක් නැතිව තමන්ගේ ආතා ද බූතද කියලා කාලකන්නියෙක් හිඟා කාලා තමාට ඉගැන්නුවා කියන නඩු කාරයා වෙන්න පෙර යූ ටියුබ් එකේ සහ ෆේස්බුක් එකේ දේශපාලනය කරපු හරිස් පැල්පොල කියන ගොබිලා තමන් මහා මී හරකෙක් බව ගොං ප්‍රශ්නයක් අහලා ඔප්පු කලා.
-- by රෙඩ්ඩි on 2017-10-23

අනේ LeN, අදිකරණේ තියන කුණු- හොරකම් කියල ඉවරයක් කරන්න බෑ . උඩින් පටන්ගන්ඩ ඕනේ සුද්ද කරන්ඩ. මහලොකු අගවිනිසුරුගේත් ටිප්පණිය ඉතින් දිගෑර ගන්ඩ ආස ඇති. කොන්ද පන නැති පො....ක් වගේ මහරජා ට තුන්පාරක් පුළුවන් කියල තීන්දුව දුන්නු එකේ රජ පස්කට්ටුවෙන් එක්කෙනෙක් තමා එයා. ලජ්ජා නැතුව 3 පාරක් පුළුවන් කියල කුජීත තීන්දුව මහරජාගේ වාසියට දුන්නේ එයා . සුපිරීම් උසාවියට පත් උනෙත් උඩින්. බුවනෙක වගේම තමා. දැන් මහලොකුවට අධිකරණේ සුද්දකොරන්ඩ පම්පෝරි ගහනවා. මොකද්ද එයා රටට දුන්නු වැදගත් නඩු තීන්දුව. ? අවුරුදු 30 ගානක් පහල අධිකරණේ ඉඳම්ම ආපු චිත්‍රසිරි වගේ විනිසුරන් ඉද්දි උඩින් වැටුනු මෙයාට අග විනිසුරුකම හම්බුනේ අධිකරණේ පුරුවේ කරුමෙට. ව්‍යවස්ථාදායක සභාව මෙව්වා ගැන දන්නේ මොනවද ? නීතිපතියේ ඉඳගන නඩු ගොනු අත ගගා ඉඳන්, කාලේ කකා ඉඳල දේසපාලුවෙක් අල්ලගන [මහරජ] උඩින්ම සුප්රීම් උසාවියට ඇවිත්, ජරහන්ත නඩු තීන්දුවකුත් මහරජාගේම වාසියට දීල, පම්පෝරි ගහනවා. ගොබ්බසේන. අධිකරණේ සුද්ද කොරන්ඩ සුප්රීම් උසවියෙන්ම පටන්ගමු නේද LeN.? බුවනෙක මහත්තය ගැන මෙතන ලියල තියන නිසා ආයේ ලියන්නේ නෑ . එයත් අරයගේම බෝට්ටුවේ තමා. නීතිපති එකේ ගොන් නාම්බෝ ඇවිත් අධිකරණ සේවය කාල දානවා. තව ඉන්නවා මහරජාගේ මල්ලිගේ නීති උපදේශක වෙලා ඉන්න ගමන් ජනාධිපති නීතිඤ පට්ටම් ගහල ඒත් එක්කම කරනමකින් මහරජාගේ රෙද්ද අස්සේ රිංගල සුපිරීම් උසාවියට පත්වෙච්ච ගොය්යෙක් ප්‍රියන්ත ජයවර්ධන කියල. යහපාලනෙන් මොකද්ද ගත්තු පියවර ඒ වගේ හොර නඩුකාරයෝ අධිකරණ සේවයෙන් එලවල දාන්න. ? තව එක්කෙනෙක් ඉන්නවා. ඊවා කියල එක්කෙනෙක්. එයා සුපිරීම් උසාවියට පත් උනේ එයා නීතිපතියේ වැඩ ඉවරවෙලා ගෙදර යන ගමන් ඉද්දි මහරජාගෙන් ආව කෝල් එකකින් . ඊව ඔයා කැමතිද සුපිරීම් උසාවියට නඩුකාරියෙක් වෙලා යන්ඩ .... කියල මහරජ කිව්ව එකට "හා...." කියල හවස්වෙලා ගෙදර ගිහින් කිව්ව ගමන් පහුවදා ඊව සුපිරීම් උසාවියේ. මරු නේ ? . විනිසුරු වරුන්ගේ පුහුණු ආයතනයේ සම්බන්ධීකාරක වෙලා ඉන්නේ සරත් සිල්වා ට බෝධිපූජා කොරපු එකෙක්. රාජකාරිය හැටියට නඩු අහපු එකෙක් නෙවෙ. සරත් සිල්වා පස්සෙම වැටීගෙන අභයගිරියට උසාවියේ සේවකයෝ බලෙන් අරගන ගිහින් ගඩොල් ඇදපු වසන්ත නිසයි. ‘ගඩොල් වසන්ත‘ වුනේ. අද ඒ ගඩොලව අගවිනිසුරු ඩෙපා විනිසුරු පුහුණු ආයතනයේ සම්බන්ධීකාරක කොරල. කුජීතයි නේ ?. අධිකරණ සේවා කොමිසමේ ලේකම් මහත්තයත් මාරු බඩුවක් තමයි. රට වටේ ඉන්න නඩුකාරයන්ට කතාකරනවා නඩුවල තීන්දු නියෝග දෙන්ඩ එයා කියන විදිහට. මෙව්වා මෙහෙම වෙන්නේ නෑ කියනවනම්...... මෙව්වා ලිව්වේ කව්ද කියල හොයනවනම්...... දුරකථන, අංකත් එක්ක LeN ට එවන්නම් බොරුනම්. වර්තමාන ලේකම් මහත්තය කොමිසමේ ඉන්න පිරිමි සේවකයකුගේ නඩත්තු නඩුවක අනිත්පැත්තේ අහිංසක කාන්තාවට විරුද්දව නියෝග දෙන්ඩ ඕනේ හැටි ගලකට කිස් කරන පළාතක තියන උසාවියක නඩුකාර නෝනෙකුට කතකොරලා නඩුව දවසට කියනවා. කොමිසමම දන්නවා . නඩුවේ තමන්ට අවැසි නියෝග ඒ විදිහට ගන්න ඒ සේවකයා මෙව්වා කියකියා හිනාවෙනවා වටේම. ඔන්න අධිකරණ සේවා කොමිසමේ ලේකම් ගේ ටිප්පණිය. ඔය එකක් විතරි. තව දෙන්නම් දුසිම් ගණන්. මේ කට්ටිය අධිකරණ සේවයට උචිතද LeN? අධිකරණය ගැන යන්තම්වත් මහජනාතවගේ ගරුත්වයක් තියෙන්නේ, පහල අධිකරණවල ඉන්න කොන්ද පන තියන, කෙලින් වැඩකරන අතලොස්සක් විනිසුරුවරු නිසා. මෙව්වා ජනාධිපති තුමා, අගමැති තුමා දැනගන්න ඕනේ. අගවිනිසුරු පහල අධිකරණ විනිසුරුවරුට උපදෙස් දෙන්ඩ කලින් එයා පොඩ්ඩක් බැලුවොත් හොඳා එහෙම කියන්ඩ තමන්ට තියන පදනම මොකද්ද කියල. සදාචාරාත්මක අයිතිය මොකද්ද කියල. තමන් කුජීතයෙක් වෙලා ඉඳගන, තමන් වටේම හොරු තක්කඩි කුජීතයෝ තියාගෙන කොහොමද අනිත් අයට හරියට වැඩ කරපල්ලා කියන්නේ.? ඉහල අධිකරණවලට පත්කිරීම් මහරජා කොරපුව ඔක්කොම එහෙම්මමයි. ජරහන්තයෝ ටික අයින්වෙලා යනකම්, අධිකරනේට නම් 33 කෝටියක් දෙවියන්ගේම පිහිටම තමයි. .LeN, මේ විස්තර පොදයි , තව දෙන්නම් ගෝනි ගණන් විස්තර හොර නඩුකාරයෝ ගැන. කොමෙන්ටුව බලල වෙනම ලිපියක් ලියන්ඩ ලෙන්. මොකද කොමෙන්ටුවලින් වැඩක් නෑ.
-- by Kularathna on 2017-10-24

ශ්‍රී ලංකා විනිස්චයකාරවරයනගේ ආයතනයේ ලේකම් තුමිය හට ඉල්ලා අස්වීමට බලකර ඒසදහා අදිකරණ සේවා කොමිසන් සභාවේ සේවය කරන නිලන්ති නම් රෙජිස්ටාර් ශ්‍රී ලංකා විනිස්චයකාරවරයනගේ ආයතනයේ ලේකම් තුමිය ලෙස පත්කර ගැනීමට මහත් උත්සහයක් වසන්ත කුමාර නොහොත් ගඩොලා ගනී. ආරංචිය හැටියට 2017-10-21 අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ‘සෙරමෝනියල් කෝට්‘ අංගනයේ පවතී වැඩ මුළුවේදී නිලන්ති රෙජිස්ටාර් බැහැගෙන වැඩ කරලා තියනවලු. තවද මේ හිවලා ආයතනයේ සේවය කරන research officer කෙනකු වන Lawyer කෙනකුගේ Lawyer තනතුරත් අහිමි කරනවා කියල තර්ජනය කරලත් තියෙනවලු.ආයතනයේ සේවකයන් ගඩොලත් එක වැඩකරන්ඩ බැහැකියල අධ්‍යක්ෂවරයාට කිව්වට අධ්‍යක්ෂවරයාට සද්ද නැතිව ඉන්නවලු. ශ්‍රී ලංකා විනිස්චයකාරවරයනගේ ආයතනයටත් අධිකරණයට දෙවියන්ගේ පිහිට තමා ඉතින්.
-- by podi malli on 2017-10-27

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more