යාපනයේ පොලිස් වෙඩිල්ලක් ධීවරයෙකුගේ ලය පසාරු කරයි: ජනතාව කැළඹෙයි..!

(ලංකා ඊ නිව්ස් - 2017.ඔක්.22, ප.ව.7.45) යාපනයේ පොලිස් නිලධාරියෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් මහා මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු බරපතල තුවාල ලැබීම හේතුවෙන් යාපනය නගරයේ මනියම් තෝට්ටම් ප්‍රදේශය තුළ අද (22) සවස නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇත.

පස්වරු 3.10 ට පමණ යාපනයේ මනියම් තෝට්ටම් ප්‍රදේශයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ ධීවරයෙකු බව පවසන ප්‍රදේශවාසීන් පොලිස් නිලධාරීන්ට එරෙහිව විරෝධය පලකිරීමට පටන් ගැනීමත් සමගම ඒ අවට නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබේ.

පොලිස් නිලධාරියා හිතාමතාම මෙම වෙඩි තැබීම සිදු කළේද එසේත් නොමැතිනම් අත් වැරැද්දකින් ගිණි අවිය ක්‍රියාත්මක වී මහ මග ගමන් කරමින් සිටි තැනැත්තාට වෙඩි වැදුණේද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

තුවාල කරු වහාම යාපනය ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර ඔහුගේ ලය ප්‍රදේශයට වෙඩි වැදීම නිසා ඔහුගේ තත්ත්වය බරපතල බව යාපනය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය.

යාපනය පොලීසිය විසින් වෙඩි තැබීම සිදු කළ බවට සැකකරණ පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

-දිනසේන රතුගමගේ විසිනි-

---------------------------
by     (2017-10-22 14:30:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is forty five thousand nine hundred and thirty seven as a number?

  1 discussion on this news

Oka maha loku dayakyai dakunayth ona tharam policeyan minissunta wedi thiyannay uthuray kiyala moko wisheshayak ai dakunay wagayma oka gana parikshanayak karama iwarai ai yako uthurata special
-- by manoge on 2017-10-22

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more