පොලිස් ඇසට වැලි ගසමින් සිටි අරඹේපොල රතනසාර නමැති කාසාම්බර මුණ්ඩකයා ගිහි නම් සහිත හොර හැඳුනුම්පත් සමග අල්ලයි

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.20,  ප.ව‍‍‍.7.30) ගල්කිස්සේ දී මියන්මාර සරණාගතයන්ට පහර දී රටත් ආගමත් ලෝක ගර්හාවට ලක් කළ අරඹේපොල රතනසාර නමැති කහ රෙදි පොරවා ගත් තක්කඩි මැරයා තෙන්නකෝන් මුදියන්සේලාගේ චාමර හෙවත් ධර්මසිරි තෙන්නකෝන් ආදී නම් කිහිපයකින් සමන්විත ව්‍යාජ හැඳුනුම්පත් සහිතව අද පොලිස් මුලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.‍

පොලිසියේ ඇසට වැලි ගසමින් සැඟව සිටි මේ තක්කඩියා අද (20) පාන්දර  නුවර සිට බස් රථයකින් පැමිණෙමින් සිටියදී නිට්ටඹුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව ව්‍යාජ හැඳුනුම්පත් දෙකක් තිබී ඇති අතර එකක් තෙන්නකෝන් මුදියන්සේලාගේ චාමර හෙවත් ධර්මසිරි තෙන්නකෝන් නමැති ගිහි පුද්ගලයෙකු ලෙස පෙනී සිටින හැඳුනුම්පතක් විය. 

ලංකා ඊ නිව්ස් නිරන්තරයෙන් පවසන්නේ මොවුන් භික්ෂූන් නොව තම විවිධ අවශ්‍යතා සඳහා බොරුවට කහ රෙදි පොරවා ගත් තක්කඩියන් බවයි. අරඹේපොල රතනසාරයා ඒ බව අද ලෝකයාට තහවුරු කර තිබේ. බොහෝ කාසාම්භර මුණ්ඩකයන් මෙලෙස කලිසම් කමිස හැඳ රහසිගතව බලු වැඩ කර යලිත් කහ රෙදි පොරවා ගන්නා ජාතියේ අධමයන් ය. මෙවැනි බොහෝ ජඩයන් නියමිත ලෙස හිස මුඩු නොකර කොණ්ඩා රැවුල් මඳ වශයෙන් වැවෙන්නට ඉඩ හැර තබා ගනී. ඒ අන් කිසිවකට නොව අවශ්‍ය අවස්ථාවලදී වෙස් මාරු කර ගැනීමට ය. මොවුන්ගේ පැවැත්මේ කිසිදු භික්ෂු විනයක් නොමැත්තේ මේ හේතුව නිසා ය. එබැවින් භික්ෂු විනයක් නොමැතිව දං බත් ගිලමින් අශීලාචාර කමේ යන මෙවැනි පාහරයන්ට පුද පූජා නොකර දුටු තැන අල්ලා ව්‍යාජ කහ රෙදි ගලවා ශාසනයෙන් පන්නා  දමන ලෙස උපාසක උපාසිකාවන්ගෙන් ඉල්ලා සිටිමු. එසේ නොමැතිව බුදුන් වහන්සේ දෙසූ අති උතුම් දර්ශනය රැක ගත නොහැකිය.    

අරඹේපොල රතනසාරයාගේ හොර හැඳුනුම්පත් මෙහි දැක්වේ 

---------------------------
by     (2017-10-20 14:33:15)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Pub, mouse, restaurant, arm or apple: the body part is?

  1 discussion on this news

මෙවැනි කාළකණ්ණි උන් නිසා සැබෑ භික්ෂූන් වහන්සේලා ද අපහසු තත්ත්වය ට පත් වෙති. එසේ හෙයින් මේ තක්කඩි ද උන් රකින ගුරුන් ද පළවා හරින්න කටයුතු කරන්න හාමුදුරුවනේ
-- by Openmind on 2017-10-21

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more