පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සහ මාධ්‍ය ඒකකයේ ස්ථානාධිපති ‘කූල් ෆුවාඩ්‘ ගහන ගැහිලි වලින් බිඳක් මෙන්න

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.19,  ප.ව‍‍‍.11.40) වසර කිහිපයක් ම කටුගස්තොට පොලිසියේ රැඳෙමින් ජාවාරම්කරුවන් සමග එක්ව  විෂමාචාර ක්‍රියාවන්හි නිරත වෙමින් සිටි පොලිසියේ  65  දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මාරුකර යැවීමේ සිද්ධිය පසුගිය දිනවල මුළු රටේම අවධානයට ලක් විය. 

පොලිස් වෙසින් සිටින එවන් හොරුන්ට  පාඩමක් උගැන්වූ  ජ්‍යෙ. නි. පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ එම ක්‍රියාව රටේ සියලු පොලිසි වෙත ඉගැන්වුවේ අපුරු පාඩමකි.  නමුත් එවැනි ක්‍රියා වල නිරත වෙමින් නිරුපද්‍රිතව සිටින දූෂිත නිලධාරීන්  තවත් කෙතරම් වේද?

මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ එම ක්‍රියාව  ආදර්ශයට ගෙන  ඒ ගමන් මග ඔස්සේ ගොස් දූෂිත පොලිස් නිලධාරීන් සොයා නීතිය ක්‍රියාත්ම කිරීමට පොලිස්පතිවරයාගේ වගකීමය. එය භාවනාවෙන් කළ හැකි ක්‍රියාවක් නොවන බවද පොලිස්පතිවරයා දැන ගත යුතුය.  

එසේ කරන්නේනම්  එය  මුලින්ම ආරම්භ කළ යුත්තේ පොලිස්   මුලස්ථානයේ පොලිස් මාධ්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන පොලිස් පරීක්ෂක  ඒ. එෆ්. ෆුවාඩ් හෙවත් ‘කූල් ෆුවාඩ්‘ ගෙන් බව අපි පොලිස්පතිවරයා වෙත දන්වා සිටිමු. එසේම ඔහුගේ මෙම සොරකම් වංචා වලට ආධාර අනුබල ලබා දෙමින්  බිහිරෙකු අන්ධයෙකු සේ  සිටින රුවන් ගුණසේකර නැමැති අසමත්  අංශ ප්‍රධානියා  පිළිබඳවද සොයා බැලිය යුතුය.

කූල් ෆුවාඩ් ගේ  සියලු වැරදි වලට ආධාර අනුබල ලබා දෙමින්  රුවන් ගුණසේකර අහක බලාගෙන ඉන්නේ ෆුවාඩ්ගෙන් ලැබෙන කප්පම් කොටස, මිළ අධික විස්කි බෝතල් හා ගත සිත පිනවන නාරිලතා සන්තෝසම් නිසාවෙන් බව නොදන්නේ කව්ද?

පොලිස් මාධ්‍ය කොට්ඨාසය  ගණිකා මඩමක් හා, හොර ගුහාවක් බවට පත්කර සිටින්නේ මොවුන් දෙදෙනා විසිනි. 

ආණ්ඩුවේ එක්තරා බලවත් ඇමැතිවරයෙකුගේ දෙකකුල් සිඹිමින්  ලෙවකමින් මාධ්‍ය ප්‍රකාශක ධූරය ලබාගත් රුවන් ගුණසේකර, කූල් ෆුවාඩ්ගේ සන්තෝෂම් වලින්  යැපෙමින් පොලිස්පතිවරයාට කේලාම් සපයන හොඳම සුරතලා වී ඇත. 

අපේ කතානායක ‘කූල් ෆුවාඩ්‘ පොලිස් නීතිය තුට්ටුවකට හෝ  මායිම් නොකර  ඔහුගේ ජඩ නීතියක් පතුරවමින්  පොලිස් මාධ්‍ය ඒකකයේ නිළ නොළත් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් වසර 8  ට ආසන්න කාලයක් පුරා එහි රැඳී සිටිමින් විවිධ චංචනික  ක්‍රියාවන්හි නිරතව නිරුපද්‍රිතව සිටී. 

පොලිස් පරීක්ෂක ඒ.එෆ්. ෆුවාඩ් හෙවත් ‘කූල් ෆුවාඩ්‘ සිදුකරන  වංචා දුෂණ  වලින් කිහිපයක් මෙසේ ඉදිරිපත් කරමු.

ඒ.එෆ්. ෆුවාඩ් සිය  මුහුණු පොතේ  ඔහුගේ නම හඳුන්වන්නේ Managing Director at Arizona Iced Tea සහ ‘කූල් ෆුවාඩ්‘ යනුවෙනි. එම නිසා අපි ඔහු ‘කූල් ෆුවාඩ්‘ යනුවෙන්  හැඳින්වූයෙමු.

මොහු පොලිස් මාධ්‍ය ඒකකයේ  වසර 8 ට ආසන්න කාලයක් රැඳී සිටිමින් පසුව එහි ස්ථානාධිපති ධූරයට පත්වී තිබේ. උප සේවා උප පොලිස් පරීක්ෂකයෙකු එහි ස්ථානාධිපති වීම ද පුදුම සහගතය. මාධ්‍ය  පිළිබඳ මෙලෝ හසරක දැනුමක් නොමැතිව  කිසිදු උපාධියක් හෝ ඩිප්ලෝමාවක් ඒ වෙනුවෙන් හදාරා නොමැති මෙම කූල් ෆුවාඩ් නැමැත්තා  උප සේවා උප පොලිස් පරීක්ෂකවරයෙක්ව සිට මෑතකදී පොලිස් පරීක්ෂක වශයෙන් තරුවක්ද හිමිකරගෙන  තිබේ.  ඒ -1 පොලිස් කොට්ඨාසයක  ස්ථානාධිපතිවරයකු වශයෙන් කටයුතු කිරීමට මොහුට ඇති මුලික සුදුසුකම කුමක් ද ? කියා අපි පොලිස් පතිවරයාගෙන්ද ජාතික පොලිස් කොමිසමෙන්ද ප්‍රශ්ණ කරමු.

ඔහුට ඇති  එකම සුදුසුකම තම අල්ලස් මගින් රුවන් ගුණසේකර ගොනාට අන්දවා ඒ හරහා පොලිස්පතිවරයා කෝළමාට අන්දවා ගැනීමට ඇති හැකියාව පමණක් බව අපට පෙනී යයි. 

පොලිසියේ 368 පෝරමයට අත්සන් තැබීමට බලය ඇත්තේ පොලිස් අධිකාරිවරයකු හෝ  ඔහු නොමැතිනම් සහකාර පොලිස් අධිකාරිවරයකුට පමණි . ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට පවා එය අත්සන් කිරීම තහනම් ක්‍රියාවකි. නමුත් ‘කූල් ෆුවාඩ්‘ නැමැති මෙකී උප සේවා පොලිස් පරීක්ෂකට පමණක් එය ‘ඊසි ගේමකි‘.  ඒ සඳහා ඔහුට සම්පුර්ණ බලය  හිමි වී ඇත. ඔහු මේ 368 පෝරමයට ස්ථානාධිපතිවරයා වශයෙන්  අත්සන් තබා  පොලිස් ගරාජයෙන් සහ වෙනත් තැන් වලින් ඔහුට අවශ්‍ය භාණ්ඩ සහ උපකරණ ඇණැවුම් කිරීම පුදුම සහගතය. මෙවැනි බලයක් ඔහුට ලැබුනේ කෙසේද? 

පොලිස් මාධ්‍ය කොට්ඨාසයට අයත් බොහොමයක් වාහන, විශේෂයෙන්  ‘පොලිස්‘ යනුවෙන් සඳහන්  ජීප් රථය සහ ‘පොලිස්‘ යනුවෙන් සඳහන් කර නොමැති මෝටර් රථය  සම්පුර්ණයෙන්ම පරිහරනය කරන්නේ මොහුගේ සහ මොහුගේ බිරිඳගේ පෞද්ගලික පරිහරනයට ය.  පොලිස් මාධ්‍ය ඒකකයේ ජීප් රථය පොලිසියට වඩා  වැඩි කාලයක් රඳවා තබන්නේ  ඔහුගේ පානදුරේ සහ වැල්ලවත්තේ පිහිටි නිවෙස් වලය. සෙසුරාදා ඉරිදා කියා එහි වෙනසක් නොමැත.  බිරිඳට සාප්පු සවාරි යාම, බෙහෙත් ගැනීමට යාම, කොළඹින් පිට පළාත්වල ඇති  විවිධ පාටි, උත්සව සඳහා යාම,  මෙකී නොකී සියලු කටයුතු වෙනුවෙන්  පොලිස් ජීප් රථය සහ මෝටර් රථය යොදා ගැනේ. එයට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්ධන යහමින් ලැබේ.

සාමාන්‍යයෙන් පොලිස් ස්ථානාධිපතිවරයකු ට නිකුත් කරන  ජීප් රථයෙන් ඔහු නිවසට ගියද රාත්‍රී කාලයේ එම ජීප් රථය නිවසේ තබා ගැනීම පවා නීතියෙන් තහනම්  නමුත්  මෙම කූල් ෆුවාඩ්  ට එම තහනම නොමැත.  සෙනසුරාදා , ඉරිදා දිනවල මාධ්‍ය ඒකකයේ පොලිස් වාහන සියල්ල තිබෙන්නේ ඔහුගේ නිවසේය. බිරිඳ හා දරුවන් සුළු දිය පහ කරන්න යන්නේ ද පොලිස් ජීප් රථවලිනි.

කොළඹින්  පිට  පළාත්වල පැවත්වෙන  පුද්ගලික උත්සව වෙනුවෙන් රැගෙන යන්නේ  පොලිස් ජීප් රථය යි. නැතිනම් පොලිස් මෝටර් රථය යි. සමාන්‍යයෙන් නියමිත  කොට්ඨාසයෙන් පිට වෙනත් කොට්ඨාසයකට  පොලිස් වාහනයක් රැගෙන යන්නේ නම් ඒ පිළිබඳව  උසස් නිලධාරීන්ගෙන් අවසර ලබාගත් යුතු වුව ද ෆුවාඩ්ට එලෙස අවසරයක් අවශ්‍ය නැත. මේ සඳහා මොහු සටහන් ලෙස යොදන්නේ රාජකාරි සඳහා රැගෙන යන බවයි.  නමුත් ඒ රාජකාරිය කුමක් ද කියා දන්නේ පොලිස් මාධ්‍ය ඒකකයේ  පිරිස සහ ‘කූල් ෆුවාඩ්‘ පමණි.

පොලිස් වාහන පුද්ගලික වැඩ සඳහා යොදාගත් අවස්ථාවලදී ඒවා බොහොමයක් අනතුරට ලක් වු අවස්ථා අනන්තය, අප්‍රමාණය.  පොලිස් වාහනයක් අනතුරට ලක්වූ පසු එය වාර්තා කළ යුතු වුවද  පුද්ගලික පරිහරණය යොදාගත් අවස්ථාවන් වලදී  අනතුරට ලක් වු විට එය වාර්තා කිරීමට හැකියාවක් නොමැත. ඒ හෙයින්  ඒවා පොලිසියට නොදන්වා  ‘කූල් ෆුවාඩ්‘  ඔහුගේ හිතවත් ව්‍යාපාරිකයින් මගින් පුද්ගලයන් අනිසි ලෙස බියගන්වා සුක්ෂම ලෙස මුදල් ලබාගෙන  වාහන අලුත් වැඩියා කර ‘වැඩේ ගොඩ දමා‘ ගනී.

ගැහිලි ගැහිලි ගැහිලි

මොහු වාර්ෂිකව ආයතනයට සිදුකරන ලොකුම වංචාව  සිදුකරන්නේ ‘පොලිස් දිනය‘ සමරමින් පොලිස් දෙපාර්තමේන්තුව  ප්‍රසිද්ධ කෙරෙන වාර්ෂික පුවත්පත් දැන්වීම් වලිනි.  පොලිසිය  පොලිස් දිනය වෙනුවෙන්  වාර්ෂිකව පුවත්පත්වල සම්පූර්ණ පිටුව ප්‍රමාණයේ දැන්වීම් දමන අතර එම සියලු දැන්වීම්වල සම්බන්ධීකරණ කටයුතු සියතට ගෙන  කටයුතු කරන්නේ මොහු විසිනි. ඔහුට  හිතවත්  පුවත්පත් දැන්වීම් කාර්යාල වෙත ඒවා ලබා දී ඒ වෙනුවෙන් ලැබෙන රුපියල් ලක්ෂ ගණන් වන කොමිස් මුදල් ඔහුගේ සාක්කුවට දමා ගනී. ඔහුගේ මෙම වංචාව දැනගනු ඇතැයි  බියෙන් කිසිදු නිලධාරියකු ඒ සඳහා සහභාගි කර නොගැනීමට ද ඔහු වගබලා ගනී. ඉකුත් 2016 වසරේ ‘කූල් ෆුවාඩ්‘ සිය පවුල පිටින් මක්කම වන්දනාවේ ගියහ.  ඒ සඳහා වූ මුදල් සොයාගත්තේ පෙර කී ලෙස පුවත්පත් වල දැන්වීම් වලින් ලබාගත් රුපියල් ලක්ෂ ගණන් වු කොමිස් මුදල් වලිනි.

තම ආයතනයේ වැඩ කටයුතු වල දී  කොමිස් මුදල් ලබා ගැනීම පොලිස් නීතිය අනුව පමණක් නොව රාජ්‍ය සේවකයෙකු ලෙසම වරදකි. එය කිසිදු කලෙක යලි රාජ්‍ය සේවයේ රැකියාවක් ලබා ගැනීම පවා තහනම් වන වැරැද්දකි.  රුවන් ගුණසේකර මේවා දැන දැනම කූල් ෆුවාඩ් ටම දැන්වීම් කාරිය පවරන්නේ  එම කොමිස් මුදල් වලින් කොටසක් රුවන් ගුණසේකරටත් යන නිසා බව නොකිවමනා ය. 

‘කූල් ෆුවාඩ්‘ සැමදාම උදේ කාර්යාලයට පැමිණ ගතකරන්නේ  පැයක් දෙකකට අඩු කාලයක් පමණි. පසුව  මොහු  කරන්නේ  මාධ්‍ය කටයුතු සඳහා යන බව පවසමින් පොලිස් වාහන  ගෙන නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට යාමයි. එහි ගොස් ඔහු කරන්නේ තම ව්‍යාපාරික කටයුතුයි.

එහි දවසම ගතකර  සවස නැවත මාධ්‍ය ඒකකය වෙත  පැමිණ  පිටවීමේ අත්සන පමණක් තබා යළිත් වාහනයෙන් පිටව යයි. ඇතැම් දිනවල මොහු  පිටවීමේ සටහන් දමන්නේ කලින් දවසේ  උදේ වරුවේය. මෙය ඔහුගේ දින චරියාවයි. පොලිස් මුලස්ථානයේ ඇති සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කරන්නේනම් මොහුගේ මෙම අවක්‍රියාවේ සත්‍ය අසත්‍යතාවය අල්ලා ගැනීමට  ඕනෑම අයෙකුට හැකිය.

පොලිස් මාධ්‍ය ඒකකයට නිළ වශයෙන් මාධ්‍ය ප්‍රකාශකවරයකු පත්කර නොමැත. රුවන් ගුණසේකර කටයුතු කරන්නේ එහි වැඩ බලන  අධ්‍යක්ෂවරයා වශයෙන් පමණි. එසේ තිබියදී තව තවත් රාජකාරි රුවන් ගුණසේකර ට පැවරීම හේතුවෙන් ඔහු  මාධ්‍ය ඒකකට  පැමිණෙන්නේ  කලාතුරකිනි.  එයින් උපරිම ප්‍රයෝජන ගන්නා ෆුවාඩ් සිය වංචා ක්‍රියාවන් සඳහා තත්ත්වය වෙස් වලාගත් ආශිර්වාදයක් බවට පත්කරගෙන තිබේ. 

පොලිස් මූලස්ථාන මාධ්‍ය ඒකකය පවතින්නේ පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේය. එය විශේෂ වරප්‍රසාද හිමි කොට්ඨාසයකි. එම නිසා මෙම කොට්ඨාසයේ වැඩකටයුතු වලට කිසිදු  පිටස්තර නිලධාරියකු අත නොගසන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට හා ස්ථානාධිපතිවරයාට සිතු සේ  කටයුතු කිරීමට එයද වෙස් වලාගත් ආශිර්වාදයක් වී තිබේ. 

ෆුවාඩ් තම හොරකම් වලින් බොහොමයක් ම සිදුකරන්නේ පොලිස් සැරයන් සුජිත් (18606) නැමැත්තා සමග එක්ව වන අතර සුජිත් නැමැත්තාගෙන් ප්‍රශ්න කරන්නේ නම් මෙම සියලූ සොරකම් එකින් එක් හෙළි කර ගැනීමට හැකියාව ඇති බවද ඉතා වගකීමෙන් කියමු.

කූල් ෆුවාඩ් වාහන සම්බන්ධයෙන් සිදුකළ දූෂිත ක්‍රියා කිහිපයක් පහත දැක්වේ.

1- මාධ්‍ය අංශයේ පොලිස් ජීප් රථයේ අලුත් වැඩියාවක් සඳහා කොම්පඤ්ඥවීදිය ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවි හලක් වන රවීන්ද්‍ර මෝටර්ස් වෙතින් රුපියල් 36,000 ක් ලෙස මිළ ගණන් ඉදිරිපත් කර තිබිණ. එය එම ස්ථානයට නොදී මීගමුවේ තරම් ඈත ඔහුගේ හිතවත් ගරාජයකින් රුපියල් 11,000 ක මිලකට සිදුකර රු.36000 කට බිල දමා ඉතිරි මුදල් රුපියල් 25000 සාක්කුවේ දමා ගත්තේ ය.

2- ඉකුත් ජනවාරි මස පොලිස් අර්ධවාර්ෂික පරීක්ෂණයේ දී පොලිස් මෝටර් රථයේ අලුත්වැඩියා සඳහා රුපියල් 49000 ක මුදල්  හිමිව තිබූ  අතර ෆුවාඩ්ගේ ගෝලයා වන පොලිස් සැරයන් සුජිත් (18606) නැමැත්තා ලවා  සුජිත් ගේ හිතවත් වනවාසල පිහිටි  ගරාජයක් වෙත යොමුකර ( කොළඹ ප්‍රදේශයේ ඕනෑ තරම් ගජාජ් තිබියදි)  සුජිත් ගේ හිතවතා ගේ  හිතවත්කම අනුව එය නොමිලේ කර දී ඇති අතර පොලිසියේ අනුමත වු රුපියල් 49,000 න් සුජිත්ට රුපියල් 3000 ක මුදලක් සන්තෝෂම් වශයෙන් ලබා දී සෙසු මුදල ෆුවාඩ්ගේ සාක්කුවට දමා ගත්තේ ය. කිසියම් ගරාජයක් එලෙස නොමිලේ වැඩ කරන්නේ මන්ද යන්න තවත් ගැටළුවකි. ඒ වෙනුවට වෙනත් නීති විරෝධී ලාභයක් ගරාජ හිමියාට ලබා දිය යුතුය. ජිප් රථයට තවත් මුදල් මේ අකාරයටම වෙන්කළ ද එ්වාට සිදුවූ කිසිවක් මේ දක්වා නොදනී.

3- පොලිසියේ ඇති භාණ්ඩ රිසි සේ කිසිවකුට අලෙවි කිරීම තහනම් වූ නමුත් පොලිස් මෝටර් රථයේ වීල්  4 ඔහුගේ හිතවත් කොම්පඤ්ඤවීදිය ටයර් කඩයකට (මැක් වීල් එලයිමන්ට් ) වෙත හිතුමනාපේ අලෙවි කර ඒ සදහා රුපියල් 7000 ක මුදලක් ලබා ගත්තේ ය. 

5- ඉකුත් මාර්තු මස දිනයක පෞද්ගලික ගමනක් යමින් සිටියදී  අවිස්සාවේල්ලේ දී පොලිස්  මෝටර් රථය අනතුරට ලක්ව වින්ස්ක්‍රීනය සම්පුර්ණයෙන්ම  බිඳී ගියේ ය.  රථය දින කිහිපයක් නිවසේ සඟවා ගෙන සිටි ෆුවාඩ්  එය සුජිත් නැමැත්තා හරහා ඔහුට හිතවත් ගරාජ් හිමිකරුවකු වෙත රැගෙන ගොස් අළුත්වැඩියා කර  ඉකුත් මාර්තු මස 12 - 15 අතර දිනෙක පොලිස් මුලස්ථානය වෙත යළි රැගෙන ආවේ ය.  සුජිත්  නැමැත්තාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර රථය රස පරීක්ෂවරයකු යොදවා පරීක්ෂා කරන්නේනම් මෙම හොර වැඩේ හෙළිවනු ඇත.

6 - වාහන අලුත්වැඩියා කිරීමේ දී කොළඹ අවට ගරාජ ඕනෑ තරම් තිබියදී මොහු හොර වැඩ සිදුකරන ගරාජ රැසක් ඈත පළාත් වල තිබේ. කොටදෙණියාව ප්‍රදේශයේ සහ මීගමුව ප්‍රදේශයේ ගරාජ දෙකකට ඉන් ප්‍රමුඛ තැන හිමිවේ. 

7- මෝටර් රථයේ රේඩියේටරය අලුත්වැඩියා කිරීමට පංචිකාවත්තේ ආයතනයක්  වෙත  රුපියල් 36,000 මුදලක් පාස්  වුවද අලුත්වැඩියා කටයුතු සඳහා එම ස්ථානයට එය යොමු නොකර සුජිත් ලවා එය යොමු කළේ කොටදෙණියාවේ සුජිත් දන්නා වෙනත් ගරාජයක් වෙතය. එසේ රැගෙන ගියද එහි රේඩියේටර්ය අලුත් වැඩියාව සිදු නොවූ අතර අදටත් එම මුදල ෆුවාඩ් ගේ සාක්කුවේය.

මෙම වාහන දූෂණ සඳහා සුජිත් සමග තවත් රියැදුරෙකු  කොටදෙණියාවට රැගෙන යන්නේ ය. එකම වැඩකට ද්විත්ව රියදුරන් යෙදීම තහනම් වුවද ෆුවාඩ්ට ඒවා තහනම් නැත. බොරුවට අවුට් දමා මෙම කටයුතු කර ඇති බවත් ඒ පිළිබද පැහැදිලි සටහන් නොමැති බවත් පරීක්ෂනයක දී හෙළි කරගත හැකිය. කොළඹින් පිට ගරාජ වෙත මාධ්‍ය කොට්ඨාසයේ වාහන  යැවීමේදී උසස් නිලධාරීන්ගේ අනුමැතිය ලබාගත යුතු වුවද ඒ ‘උසස් නිලධාරියා‘ද වන්නේ ෆුවාඩ්ම ය. මේවා සොයන්න බලන්න කිසිවකු මේ දක්වා ඉදිරිපත් ව නොමැත.

ඉහත දැක්වූයේ ෆුවාඩ් කළ හොරකම් වලින් වාහන සම්බන්ධ  සුළු ප්‍රමානයක් පමණි. පොලිස් වෙසින් සිට සිදුකරන ව්‍යාපාර මෙන්ම ව්‍යාපාරිකයින් බ්ලැක් මේල් කර කප්පම් ලබාගන්නා ක්‍රියා රැසක්ද තිබේ. 

ෆුවාඩ්ගේ කප්පම් වලින් කොටසක් රුවන් ගුණසේකරටත්

සත්‍ය වශයෙන්ම ‘ෆුවාඩ්‘ යනු කප්පම්කරුවෙකි. ඔහු පිටකොටුවේ ව්‍යාපාරිකයින් බිය ගන්වා මුදල් ලබා ගන්නා අතර ඔහු පවසන්නේ “මම මීඩියා හරහා තමුන්ගේ වැඩ ලීක් කරනවා නැතිනම්  මට මෙන්න මේ ගාන ඕනෑ“ කියාය. 

පොලිස් උප සේවා පොලිස් පරීක්ෂකවරයකු වන මොහුගේ දරුවන් යන්නේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසැල් වලට ය. එසේම  මෑතකදී ඔහු අලුතින්  වාහන කිහිපයක් ම මිළ දී ගත්තේ ය.  සාමාන්‍යයෙන් උප සේවා පොලිස් පරීක්ෂකවරයකුගේ ආදායමට වඩා වැඩි අදායමක්  ඔහුට තිබේ. නැතිනම් ඉහත වියදම් කළ නොහැකිය. මොහුට මෙලෙස අධික මුදල් ලැබෙණ ආකාරය හෙළි කර ගැනීමට නම් මොහු ලබා ගන්නා කප්පම් මුදල් පිළිබඳව අනාවරණය කර ගත යුතුය. කප්පම් මුදල් අනාවරණය කර ගැනීමට නම් මොහුගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙස වගකිව යුත්තන්ට කියමු. එවිට  ලැබෙන කප්පම් මුදල් ඇතුලු වෙනත් වංචා වලින් උපයා ගන්නා මුදල් පිළිබඳ හෙළි කරගත හැක.
 
මෙහිදී රුවන් ගුණසේකර පිළිබඳව ද කථා කළ යුතුමය.   මාධ්‍ය ප්‍රකාශකවරුන් අතරින් කේලාම් ඇසීමට මනා රුචියක් ඇති මාධ්‍ය ප්‍රකාශවරයා වශයෙන් රුවන් ගුණසේකර ඉතිහාස ගත වන්නේය. ෆුවාඩ් කියන ඕනෑම බොරුවක් හිස් මුදුනින් ගෙඩි පිටින් ගිල දමන රුවන් ගුණසේකර ‘කූල් ෆුවාඩ්ගේ‘ වංචාවන් නොදැක්කා සේ අහක බලාගෙන සිටී. මොහු රුවන් ගුණසේකරගේ අත්සන ද හොරාට ගසයි. රුවන් ගුණසේකර තම ලිපි පිළිබඳව  අවධානය යොමුකර සොයා බලන්නේනම්  ඔහුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඇති අයුරු දැක බලා ගැනීමට හැකියාව ඇත. නමුත් හොරාගේ අප්පා වන රුවන් ගුණසේකරට එවැනි අවශ්‍යතාවක් නැත.

ෆුවාඩ් මාධ්‍යවේදීන් සමග ද ගැටුම් ඇති කර ගන්නා පුද්ගලයෙකි. ඔහුගේ පුද්ගලික දේ, ඔහුගේ හිතවත් පුද්ගලයින්ගේ හා ව්‍යාපාරිකයින්ගේ  ප්‍රවෘත්ති මාධ්‍යවේදීන් වෙත ඉදිරිපත් කරයි . (ඔහු ඉන් කරන්නේ එම ප්‍රවෘත්ති පෙන්වා ව්‍යාපාරිකයින්ගෙන් ගාන කැපීමය). එම  පෞද්ගලික දේ  පුවත්පත්වල දැමීම ප්‍රතික්ෂේප කරන  මාධ්‍යවේදීන්ට   “මගේ ඒවා දාන්න බැරිනම් මීට පස්සේ අපිට නිවුස් වලට කතා කරන්න එපා කිසිම දෙයක් දෙන්නේ නැහැ“ යනුවෙන් ප්‍රසිද්ධියේ බැන වදී.  එයින් නොනැවතී  දෛනික පොලිස් වාර්තා ලබාදෙන  පොලිස් විද්‍යුත් තැපෑලෙන් එම මාධ්‍යවේදීන්ගේ නම්  ඔහුගේ අභිමතය පරිදි ඉවත් කර ඔවුන්ගෙන් පලි ගනී.

ඇතැම් මාධ්‍යවේදීන් මොහු සමග  බහින් බස් වන අවස්ථාවලදී විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්.  ලතීෆ් මහතාගේ නම ඈඳා ගනිමින්  “මම ලතීෆ් ගේ මිනිහෙක්. මීඩියා උන් මට මොනවා කරන්නද?  උන් මට විරුද්ධව කම්ප්ලේන් කරලා මොනවා කරන්න ද? “ යනුවෙන් වහසි බස් දොඩයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් වශයෙන් මීට පෙර කටයුතු කළ අජිත් රෝහණ , ප්‍රියන්ත ජයකොඩි මේ ධුරයේ කටයුතු කරන සමයේ ෆුවාඩ් ගේ මෙම සට කපට කම් දැනගෙන ඔහුට හිමි නිසි ස්ථානයේ තබා අත යටින් රඳවා ගැනීමට වල බලාගත්හ. ෆුවාඩ් කෙතරම් ‘බෝල බැස්සුව‘ ද ඔවුන් සතාගේ තරම හොදින් දැන සිටියහ. නමුත් රුවන් ගුණසේකර තමන්ටද වාසි ගෙන දෙන නිසා වුවමනාවෙන්ම ‘බෝල ගිල‘ තිබේ.  ෆුවාඩ්ගේ හොර වැඩ වලින් ලැබෙන සංතෝසම් වලින් ජීවත් වීම ලැජ්ජාවට කරුණක් බව රුවන් ගුණසේකරට නොතේරෙන්නේ ඔහු ද ආත්මයක් නොමැති නිලධාරියෙක් බැවිනි. මෙවන් නිලධාරීන් කෙලෙසන්නේ සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවේම ගරුත්වයයි.

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි-

---------------------------
by     (2017-10-19 20:39:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Five + 9 is what?

  1 discussion on this news

These information are more than enough for the IGP to investigate and find out whether they are correct or not, of cause if eh wants to do so.
-- by sisira on 2017-10-20

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more