~

අයි-ජී-පී-මී-මා..! ඓතිහාසික වීඩියෝ හෙලිදරව්ව..!!

(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.14,  පෙ.ව‍.7.20) ශ්‍රී ලංකාවේ පොලිස්පති පූජිත ජයසුන්දර නමැත්තා තම පුද්ගලික ව්‍යාපෘතියක් වූ උදෑසන 8.30 සිට 8.45 දක්වා පොලිසියේ සියළුම දෙනා ‘පූජිතානුකූලව භාවනා කළ යුතුය‘ යන ඔහුගේ අන්තවාදී නියමය කඩකළ පොලිස් මූලස්ථානයේ අන්‍ය ආගමික අයට 2017 අප්‍රේල් 11 වෙනිදා පහර දුන්නේ ය. 

ආගමික අන්තවාදියෙකුට එහා ගොස් විකෘති භ්‍රන්තවාදියෙකු වූ පූජිත ජයසුන්දර එදින පහර දුන් අය අතර මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් ස්ථානාධිපති ‘ලුඩොවයික්‘ නමැති බර්ගර් ජාතික පොලිස් නිලධාරියා ද වූ අතර ඔහුට එහිදී ඇතිවූ කම්පනය නිසා රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දීමට ද සිදුවිය. ලුඩොවයික්ට අමතරව එදින පොලිස් මූලස්ථානයේ ලිෆ්ට් ඔපරේටර් වරයා වූ එම්. සමරකෝන් බණ්ඩා නම්  සිවිල් සේවකයෙකුට ද ‘පූජිතානුකූල භාවනාව‘ නොකලා කියා පොලිස්පතිවරයා විසින් කමිස කොලරයෙන් ඇද පහර දුන්නේය. ‘පූජිතානුකූල භාවනාව‘ නොකළා කියා පොලිස් මූලස්ථානයේ විමසීම් අංශයේ නම්බුකාර නිලධාරිනියකටද ‘මං උඹවත් දූෂනය කරනවා‘ යි තර්ජනය කෙළේය. මේවා සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් එකල වාර්තා කෙළේය. (අද මෙහි දැක්වෙන්නේ ඒ සම්බන්ධ CCTV වීඩියෝ සාක්කිය) 

‘ලුඩොවයික්‘ සහ ලිෆ්ට් ඔපරේටර් ‘බණ්ඩා‘,  පූජිත නමැති විකෘති භ්‍රන්තවාදී පොලිස්පතිවරයාට එරෙහිව නීතිය හමුවට නොගියද, දූෂණය කරන බවට පොලිස්පතිවරයාගේ තර්ජනය ලද පෙර කී ‘නම්බුකාර‘ පොලිස් නිලධාරිනිය (‘දූෂණය කරනවා‘ යැයි කටින් තර්ජන කළ විට එය තමන්ව දූෂණය කලා හා සමාන යැයි හැඟීමක් ඇතිවන්නේ නම්බුකාර අයෙකුට පමණි, නීතිය සහ තම අයිතිවාසිකම් ගැන සත්‍ය අවබෝධයක් ඇති කෙනෙකුට එය දැනේ) මේ වන විට ‘පූජිත මීමාගේ කුලප්පුවට‘ එරෙහිව නීතිය හමුවට ගොස් තිබේ.

වනචර මීමුන් කුලප්පු වූ විට නොසොයා නොබලා අනින බව ඕනෑම ශිෂ්ඨාචාරගත මානවයෙකු මානවිකාවක විසින් දන්නා කාරණයකි. ප්‍රශ්නය වන්නේ ගෝත්‍රික හැඟීම් මත කුලප්පු වන මීමෙකුට ශිෂ්ඨාචාරගත රටක පොලිස්පතිධූරයක් ලබා දී නිහඬව සිටින ‘හාවුන්‘ කව්ද  යන්නය. 

අඩුම වශයෙන් පහත දැක්වෙන වීඩියෝව බලා හෝ  හාවුන්ගේ ශිෂ්ඨවන්ත හෘද සාක්කිය අවදි විය යුතුය. හාවුන් කුලප්පු වුවහොත් මීමුන්ගේ වලිප්පුව සුව කළ හැකි බව ‘හාවුන්ගේ හෘද සාක්කිය‘ තම පපුවට අත තියා සාක්ෂාත් කර ගත යුතුය.

සබැඳි පුවත
භාවනා නොකළැයි සුළු සේවකයන්ට අතින් පයින් පහරදෙයි: කිතුණු නිලධාරීන්ට තිත්ත කුණුහරුපයෙන් ප්‍රසිද්ධියේ බැන වදියි: කුජීත පොලිස්පති කෝලම පොලිසියේ විනය බින්දුවට බස්සයි

අයි-ජී-පී-මී-මා වීඩියෝව බලන්න 

---------------------------
by     (2017-08-14 08:15:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links