~

බැඳුම්කර මගඩිය වගේද ‘සංඛ්‍යාත මගඩිය‘..? මෛත්‍රී, මහාරාජාට සංඛ්‍යාත 8 ක් අත යට දී රු.බිලියන 3 කට අධිකව ඍජුවම රටට පාඩු කරලා..! පරීක්ෂණ නිම වන තුරු ජනාධිපති ධූරයෙන් ඉවත් වන්න..!

-දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදියෝ කියති

(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.08,  ප.ව‍‍‍‍‍.11.30) බැඳුම්කර අලෙවියකදී රජයට පාඩුවක් සිදුවීදැයි සෙවීමට පිළිගත් ක්‍රමවේදයක් ලංකාවේ නැතැයි රජයේම විගණකාධිපතිවරයා කියද්දී එසේ නොවී රජයට ඍජුවම පාඩු සිදුකළ ගණුදෙනුවක් වූ, මහජනයා සතු විද්‍යුත් සංඛ්‍යාත 8 ක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මහාරාජා ආයතනයට ජනාධිපතිවරයා විසින් ලබා දීමෙන් රජයට ඍජුවම රුපියල් බිලියන 3 කට අධික පාඩුවක් සිදුකිරීම ගැන පරීක්ෂණ නොකරන්නේ මන්දැයි ‘දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදියෝ‘ (Democrats for anti corruption) සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රශ්න කරයි. 

එම සංවිධානයේ කැඳවුම් කරු සේකර බන්ධුනාථ නමැත්තෙකුගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩි දුරටත් මෙසේ දැක්වේ. 

ලෝකයේ කිසිදු රජයක් මෙග හර්ට්ස් 700 සංඛ්‍යාත සහ ඉන් ඉහළ සංඛ්‍යාත ටී.වී. විකාශය සඳහා ලබා දෙන්නේ නැත. මන්ද යත් එම සංඛ්‍යාත  ටෙලිකොමියුනිකේෂන් ක්ෂේත්‍රයේ බ්‍රෝඩ් බෑන්ඩ් ශක්තිය වැඩි කර ගැනීම සඳහා වඩා වැඩි මුදලකට අලෙවි කළ හැකි බැවිනි.  ශ්‍රී ලංකාවේ රජයද මෙම මෙග හර්ට්ස් 700 සංඛ්‍යාත අවසන් වරට තරඟකාරී ලෙස ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 25 ක් ලබාගෙන තිබේ. එසේ තිබියදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී විදුලි සංදේශණ නියාමන කොමිසම තමා යටතට ලබා ගැනීමෙන් පසු සියළු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් මෙම වටිනා සංඛ්‍යාතයන් 8 ක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මහාරාජා සමාගමට ලබා දී තිබේ. මේ මගින් සිරිසේන මහතා විසින් ඍජුවම රජයට සිදුකර ඇති අලාභය රුපියල් බිලියන 3 ක් හෙවත් රුපියල් කෝටි 300 කට අධිකය. 

මේ අනුව නිසියාකාර ලෙස රජයට පාඩු කළා යැයි සෙවීමට ක්‍රමවේදයක් පවා නොමැති බැඳුම්කර අලෙවිය ගැන විශේෂ කොමිෂන් සභා පවත්වා පරීක්ෂණ කරනවා නම් ඍජුවම රජයට පාඩු සිදුකළ ‘සංඛ්‍යාත මගඩිය‘ ගැන සෙවීමට බලතල නොමැති විශේෂ කොමිෂන් සභා නොව අපරාධ ගැන සෙවීමට රටේ බලය ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස හෝ ඒ සම්බන්ධයෙන් පූර්ණ බලැති පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන ලෙස ‘දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදියෝ‘ ඉල්ලා සිටිති. 

මෙහි වගඋත්තර කරු ජනාධිපතිවරයා වන බැවින් ඔහුට එරෙහිව නඩු පැවරිය හැක්කේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ චෝදනාව යටතේ පමණක් වන නිසා මහජන දේපොලක් තම හිතුමතයේ කිලී මහාරාජාට ලබා දී බිලියන 3 කට අධික පාඩුවක් මහජනයාට සිදුකිරීමෙන් මහජනයාගේ මූලික අයිතිවාසිකම් කඩ කෙළේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන ලෙසද ‘දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදියෝ‘ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටී.

බිලියන 3 කට අධිකව වටිනා සංඛ්‍යාත මහාරාජාට අත යට ලබා දීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ ඔහුගේ පවුලේ අය විසින් මහාරාජාගෙන් අයුතු ප්‍රතිලාභ ලබා ගෙන ඇතිදැයි සොයන ලෙසත්, රජයට සිදුකරන ලද සාපරාධී මූල්‍යමය පාඩුව පිලිබඳ පරීක්ෂණ අවසන් වන තුරු මෛත්‍රීපාල සිරිසේන මහතා සදාචාරයේ නාමයෙන් ජනාධිපති ධූරයේ කටයුතු වලින් ඉවත් විය යුතු බවත් ‘දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදියෝ‘ වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිති.

(එම නිවේදනයේ පිටපතක් පහත දැක්වේ)

---------------------------
by     (2017-08-08 22:29:01)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

මලිත් ජයතිලකගේ අයීයව TRC එකේ ලොකු පුටුවකට දාලා එහෙනම් මේක තමා කරල තියෙන්නේ. .... කොහොමද මලිත් ගේ සුද්දවන්ත ටොක් එහෙම
-- by Face on 2017-08-09

ලෝකයේ කිසිදු රජයක් මෙග හර්ට්ස් 700 සංඛ්‍යාත සහ ඉන් ඉහළ සංඛ්‍යාත ටී.වී. විකාශය සඳහා ලබා දෙන්නේ නැත. මන්ද යත් එම සංඛ්‍යාත ටෙලිකොමියුනිකේෂන් ක්ෂේත්‍රයේ බ්‍රෝඩ් බෑන්ඩ් ශක්තිය වැඩි කර ගැනීම සඳහා වඩා වැඩි මුදලකට අලෙවි කළ හැකි බැවිනි. ශ්‍රී ලංකාවේ රජයද මෙම මෙග හර්ට්ස් 700 සංඛ්‍යාත අවසන් වරට තරඟකාරී ලෙස ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 25 ක් ලබාගෙන තිබේ. එසේ තිබියදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී විදුලි සංදේශණ නියාමන කොමිසම තමා යටතට ලබා ගැනීමෙන් පසු සියළු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් මෙම වටිනා සංඛ්‍යාතයන් 8 ක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මහාරාජා සමාගමට ලබා දී තිබේ. මේ මගින් සිරිසේන මහතා විසින් ඍජුවම රජයට සිදුකර ඇති අලාභය රුපියල් බිලියන 3 ක් හෙවත් රුපියල් කෝටි 300 කට අධිකය.
-- by Sakkili Maharaja on 2017-08-09

"" සිරස කියන්නේ ලංකාවෙ ඉන්න නූගත් මෝඩයින් බලන නුගත් මෝඩයින්ගේ නාලිකාවක්. උඹල එකෙක්වත් ඕකෙ අයිතිකාරය දැකල තියෙනවද? උෟ කල්ලතෝනි පර දෙමලෙක්. ලංකාවෙ ජනතාවගෙ මනස විකෘති කිරීමට, සංස්කෘතික, ආගමික, දේශපාලනික විකෘතියක් ඇති කිරීමට, ලමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට, ජනතාවගේ රැචිකත්වය බාල්දු කර කාබාසිනියා කර දැමීමට සිරස වග කව යුතුයි. සිරිස කරන්නෙ මාධ්‍ය වෙලඳාමක්. ඊට අමතරව ඔවුන් උන්ගේ කඩප්පුලි මාධ්‍ය තුලින් ආගම, මිනිසුන්ගේ මරණය, ෙඛ්දවාචකය, දුප්පත්කම විකුණනවා. වෙසක් කාලෙට කොහොන්දෝ පන්නාගත් ඇට කෑලි කීපයක් හොයාගෙන ඒක බුදු හාමුදුරැවන්ගේ අර ඇටේ මේ ඇටේ කිය කියා විකුණනවා. පහුගිය රාජපක්ෂ ආන්ඩුව කාලෙ පුරාවටම මහින්දට කියල අත්හැර දමපු ස්ටුඩියෝ එකකට ක්ලේමෝ එකක් ගස්සවගෙන එදා ඉඳන් රනිල්ට ගැහුව යූඑන්පි එක විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව මහින්දගෙන් අරගෙන. ඒ ඩීල් එක ගැන ඔප්පු වෙන හොඳම සාක්කිය තමයි බෝම්බ ගහපු දවසට පහු වෙනිද ඉඳල මුන් සුපුරැදු විදිහට ට්‍රාන්ස්මිෂන් කලා කිසි අඩුවක් නැතිව. මේක හොඳට සැලසුම් කරපු ඩිල් එකක් මහින්දත් එක්ක ගහපු. යකෝ ඔය රෑපවාහිනයට එහෙම ඒ වගෙ බෝම්බයක් ගැහුවනම් එහෙම මාස 6 කට වහන්න වෙනව අලුතෙන් ඔක්කොම හදල පටන් ගනනකල්. ඊලඟට නාය යාමක්, ගංවතුරක් වගේ විපතක් උනොත් මූ තමයි මල කඳන් ටික ලේ වේලෙන්නත් කලින් පෙන්නන්නෙ. වෙන රටක නම් අඩුගානෙ මැරිච් බල්ලෙක් වත් පෙන්නන්නෙ නෑ. ඒක තමයි දියුණු රටවල තියෙන විද්‍යාත්මක මාධ්‍ය සදාචාරය සහ අපේ රටේ රාජපක්ෂලගේ සල්ලි වලට කහින තුප්පහි කඩප්පුලි මාධ්‍ය සංස්කෘතිය. සාලාව කෑම්ප් එක පුපුරපු වෙලාවෙ මුගෙ ට්‍රාන්ස්මීටරේ ගලවගෙන ගිහින් එතන හයි කරපු ගානට තමයි විනාශය ලයිව් පෙන්නුවෙ. එතකොට මිනිසුන්ගේ ගැටලුවක් හෝ දුප්පත්කම නිසා ඇති කරන මැවිසිල්ලක් තියෙන්නෙ කොහෙද කිලී මහරාජගෙ පක්කලි හැතිකරේ එතනට පාත්වෙලා මිනිසුන්ගේ දුක ප්‍රශ්න තොරම්බෝල් කරන්න පටන් ගන්නවා. පහුගිය ටිකේම මේ වේසිගෙ පුතාල ටික රට වටේ ගිහින් මිනිස්සුන්ගෙ හිතට ඇතුලු කලා ආන්ඩුව කෙරෙහි වෛරයක් ආන්ඩුව මිනිසුන්ගේ ප්‍රශ්ණ විසඳන්නේ නෑ කියල. ඒකට රැවටිච්ච නූගත් බයියන් තාමත් පාරම් බබා ඉන්නව වරෙව්කො තොපි මේ සැරේ චන්දෙ ඉල්ලන්න කිය කිය. වෙන රටක නම් ජනතාව රැවටීම වැරදි තොරතුරැ සමාජ ගත කිරීම වෛරය පැතිරවීම සහ මිනිසුන්ට චන්දය නොදීමට පෙලඹවිම වගේ චෝදනා යටතේ මුන්ගෙ බලපත්‍රය අහෝසි කරල මේ කඩප්පුලි මාධ්‍ය කඩය වහල දානව. එතකොට මතකද මූ මුලදි පෝට් සිටි එකට විරැද්ධව ඉඳල උදේ ඉඳන් රෑ වෙනකම් පෝට් සිටි එකට විරැද්ධව නිව්ස් දදා ඉඳල එකපාරටම මූ ගඩොලක් උස්සගෙන රට වටේ ගියා පෝට් සිටි එක ප්‍රමෝට් කරන්න. ඒ වෙනුවෙන් චීන සිරසට කීයක් ගෙව්වද කියල තාම කිව්වද රටට? සිරස කියන්නෙ අන්න ඒවගෙ මාධ්‍ය සදාචාරය සහ සංස්කෘතිය ගනිකා වෘර්තියෙ යොදවපු යොදවන කල්ලතෝනි මාධ්‍ය කඩයක්. ඕක බලන උන්ට ඒකෙ පැලකරන අසද්ද බොරැ විශ්වාස කරන උන්ට අබ සරණයි! සිරස කඩප්පුලි කඩමාල්ල ගැන අවුරැද්දක් මේ වගෙ ලියන්න පුලුවන් ඒත් ඉවර කරන්න බෑ. මූ දැන් මෛත්‍රිට ජැක් එක ගහගෙන හමුදාවට ආවුද සැපයීමේ බිස්නස් එකටත් රිංගන්නයි දත කන්නෙ. පරිස්නම් වෙලා හිටපල්ල ඔකගෙන්. සිරස කියන්නෙ ප්‍රභාකරන්ගෙ තුවක්කු උන්ඩයට සමාන්තරව මේ රට දේශපාලනික, ආගමික, සංස්කාතික සහ සදාචාරාත්මක වශයෙන් සිංහල ජාතිය විනාශ කිරීමේ සැලසුමයි. ප්‍රබාකරන් නැතිවුවද කිලී මහරාජා තවම ජීවත් වේ. ප්‍රබාකරන්ගෙ උන්ඩය නිහඬ වුවද ප්‍රභාකරන්ගේ අපේක්ෂාව මහරාජා තුලින් තාමත් ක්‍රියාත්මක වේ. අබ සරණයි. ""
-- by silva on 2017-08-09

මේවා එළිකරන්න රවිට චෝදනාවක් එනකම්ම බලාගෙන හිටියේ මොන හේතුවකටද? රවිට ප්‍රශ්නයක් වුනේ නැතිනම් මේක එලියට එන්නේ නැත්ද?
-- by victor on 2017-08-09

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links