~

මහරගම විජේරාම ප්‍රදේශවල මුස්ලිම් කඩ ගිනි තැබූ පුද්ගලයා හසුවේ: බොදු බල සේනා යාවජීව සාමාජිකයෙක්: ඥානසාර විජේදාස රහසිගතව හමුවෙලා: අතරමැදියා ගෝඨා (Video)

(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.08, ප.ව‍‍‍‍.5.25) රටේ ජාතිවාදය ඇවිස්වීමේ අරමුණින් මහරගම සහ විජේරාම ප්‍රදේශයේ මුස්ලිම් කඩ කිහිපයකට පෙට්ට්‍රල් බෝම්බ ගසා ගිනි තැබීමේ වෛරී අපරාධ (Hate Crime) වලට සම්බන්ධ පුද්ගලයකු මහරගම ප්‍රදේශයේ දී  පොලිස්  බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (08) අලුයම අත්අඩංගුවට  ගන්නා ලදී.

ගිනි තැබීමට ලක් වුු වෙළෙඳ සැල්  අවට සවිකර තිබූ සීසීටීවී කැමරා  වල ප්‍රතිරූපන අනුව පරීක්ෂණ පවත්වා මෙම සැකකරු හඳුනාගෙන  ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට පත් පුද්ගලයා මහරගම පාසල් මාවතේ අංක 67 ඒ ලිපිනයේ පදිංචි වන්නිආරච්චිගේ කසුන් කුමාර (33) නැමැත්තෙකු බවත් ඔහු මහරගම දෙහිවල පාරේ භෝජනාගාරයක සේවය කරන්නකු බවත් පොලිසිය සඳහන් කරයි. සැකකරු  බොදුබල සේනා සංවිධානයේ යාව ජීව සාමාජිකයකු බවටද තොරතුරු හෙළි වී තිබේ.

මොහු රාත්‍රී කාලයේ පාපැදියකින් පැමිණ වසා ඇති වෙළෙඳ සැල් වෙත යන අයුරුත් ඒ සමග වෙළෙඳ සැල් දෙසින් ගිනි ජාලා නැගෙන අයුරුත් සීසීටීවී කැමරා ප්‍රතිරූපන වල සටහන්ව තිබිණ. (විජේරාමේ සිද්ධියේ සීසීටීවී දර්ශනයක් මෙහි පහත දැක්වේ)

පසුගිය මැයි මස 22 දා  මහරගම හයිලෙවල් පාරේ වෙළෙද සැලකට  ද,  මැයි මස 24 දා විජේරාමේ  ඖෂධ අලෙවි හලකට ද,  ඉකුත් ජුනි 6 වැනි දින යලි විජේරාමේ පිහිටි කුෂන් වෙළඳ සලකටද සහ ඊයේ 7 දින  මහරගම පිහිටි තවත් වෙළෙඳ සැලකට ද ගිනි තබා තිබූ අතර ගිනි තැබීම් වලින් එම වෙළෙද සැල් වලට විශාල හානි සිදුව තිබිණ.

සැකකරු මෙම වෙළෙදසැල් ගිනි තැබුවේ කාගේ  අවශ්‍යතාවකට යන්න හෙළි කර ගැනීමට බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන් සහ මිරිහාන පොලිස් බුද්ධි නිලධාරීන් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මේ අතර ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වන අන්දමට බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර නමැති සිවුරුකරු පසුගිය කාලයේ අවස්ථා රැසකම මහරගම ප්‍රදේශය නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා රහසිගතව හමුවී තිබේ. ඒ සෑම අවස්ථාවකදීම ඥානසාර ඇමැති හමුවීමට එන බව විජයදාස රාජපක්ෂට දැනුම් දී අවස්ථාව සලසා දී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවද වාර්තා වේ. සමහර දිනවල විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු නොගොසින් ඥානසාර හමුවීමට නිවසට වී බලා හිඳ තිබේ. අවශ්‍ය අයෙකුට මේ සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂගේ නිවසේ දුරකථනයට ලැබී ඇති දුරකථන ඇමැතුම් පරීක්ෂා කිරීමෙන් සත්‍ය අසත්‍යතාවය දැන ගත හැකිය.

වෛරී අපරාධ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී ඇති ගලගොඩඅත්තේ ඥානසාර මෙතෙක් අත් අඩංගුවට ගත්තේ නැත. පොලිසිය බාර ඇමැතිවරයා හෝ පොලිස්පතිවරයා හෝ ඔහුව අත් අඩංගුවට ගැනීම පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වන සීඅයිඩියට බාර දී ද නැත 

---------------------------
by     (2017-06-08 12:13:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

විජේදාස රාජපක්ෂ ඉස්සරම කරපු මාලු අල්ලන රස්සාව කරගෙන හිටියනං ඔච්චරම පච වෙන්නෙ නෑ මං හිතන්නෙ!
-- by Jayani Silva on 2017-06-09

ගෝට කතාකරන කොට විජේදාසය හිටගෙන උත්තර දෙන්නෙ! අනේ මූ වගේ අධිකරණ ඇමති ගොනෙක්!
-- by දයානි on 2017-06-09

මේ තරං වීර නානසිරි ගොයිය ඇයි මේ එක එකාට බැගෑපත් වෙවී හැංගිල ඉන්නෙකියල මට හිතා ගන්න බෑ!
-- by ලලිත් on 2017-06-09

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links