~

භාවනා නොකළැයි සුළු සේවකයන්ට අතින් පයින් පහරදෙයි: කිතුණු නිලධාරීන්ට තිත්ත කුණුහරුපයෙන් ප්‍රසිද්ධියේ බැන වදියි: කුජීත පොලිස්පති කෝලම පොලිසියේ විනය බින්දුවට බස්සයි

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.20, ප.ව‍‍‍.10.35) ශ්‍රී ලංකාවේ පොලිස්පති පුජිත ජයසුන්දර හෙවත් කුජීත පොලිස්පති කෝලමා ගේ අතොරක් නැති බහුබූත ක්‍රියා කලාපයන් නිසා ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ විනය කිසිදා නොතිබූ තරම් පහත වැටී පොලිසිය පිස්සන් කොටුවක් බවට පත්ව තිබෙන බවට තවත් සිදුවීමක් අද වාර්තා විය.

පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබෙන උදේ 8.30 සිට 8.45 දක්වා සියළුම පොලිස් නිලධාරීන් භාවනා කළ යුතුය යන බහු බූත නීතිය හෙවත් Code Name 2553 වැඩ සටහන ක්‍රියාත්ම නොකෙළේ යයි කිතුණු ලබ්ධික පොලිස් පරීක්ෂක ලුඩොවොයික් මහතාට මේ පොලිස්පති කෝලමා විසින් අම්මා මෝ නැතිව බැන වැදී තිබිණ. ඒ සිද්ධිය වූයේ අප්‍රේල් 11 වෙනි දා ය.

ලු‍‍ඩොවොයික් යනු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපතිවරයා වන අතර අතිශය නීති ගරුක නිලධාරියෙකි. පොලිස්පතිගේ භාවනා කාලයේදී බර්ගර් ජාතික කිතුණු ලබ්ධිකයෙකු වූ ලුඩොවොයික් සුපුරුදු පරිදි තම කාර්යාලයෙහි දෛනික රාජකාරි වල නිරත වෙමින් සිටියදී පිස්සෙකු සේ එහි කඩා වැදුණු පොලිස්පති කෝලමා "තෝ මොකද බොල භාවනා කරන්නෙ නැත්තේ ?" යි ලුඩොවොයික්ගෙන් විමසමින් තිත්ත කතාවෙන් බැන වැදිණ. අන්දුන් කුන්දුන් වූ ලුඩොවයික් "සර්, මම මේ කතෝලිකයෙක් නේ, ඇයි සර් මට භාවනා කරන්න බල කරන්නේ ?" යි පිළිතුරු දුන්නේ ය. එම පිළිතුරෙන් තව තවත් කෝප වූ  පොලිස්පති කෝලමා "තෝ මොන ආගමේ උනත් මට කමක් නෑ බල්ලෝ, මං කියන විදියට භාවනා කරපිය" යි නීච අන්දමින් බැන වැදුනේය. පොලිස්පතිවරයාගේ දරුණු, නීච බැන වැදීම නිසා තමන් යටතේ සේවය කරන නිලධාරීන් ඉදිරියේ නින්දාවට පත්වීම හේතුවෙන් රුධිර පීඩනය වැඩි වූ ලුඩොවයික් මහතා අවසානයේ රෝහල් ගත කිරීමට ද සිදු විය. 

මෙය බරපතල සිදුවීමකි. පුරවැසියෙකුට තම ආගම ඇදහීමේ ව්‍යස්ථාවෙන් හිමි මූලික අයිතිය උල්ලංඝනය කරමින් අන් ආගමක් ඇදහීමට බල කිරීමේ බරපතල වරද සිදුකළ මේ පොලිස්පති කෝලමා කිසිදු ප්‍රශ්නයකින් තොරව රාජකාරි කිරීමට ඉඩ දිය හැකිද? 

මේ කුජීත පොලිස්පති කෝලමා ලු‍ඩොවොයික්ට බැන වැදීමට පෙර එදිනම තම විදුලි සෝපාන ක්‍රියා කරු එම්. සමරකෝන් බණ්ඩා නම් සුළු සේවකයා ද භාවනා කාලයේ භාවනා නොකෙළේ යයි පොලිස්පතිවරයෙකු කිසිදු දිනෙක නොකරන ආකාරයෙන් පහර දී තිබේ. පොලිස්පති වරයා සමරකෝන් බණ්ඩාගේ කොලරයෙන් ඇද අතින් පයින් පහර දී තිබිණ. මෙය අසල සිටි අය වීඩියෝ කර ඇතැයි ද දැන ගන්නට තිබේ. මෙය නම් අපූරු බෞද්ධ කමකි. භාවනා කෙළේ නැතැයි කියා අසරණයන්ට පහර දෙන මෙවැනි බූරුවෙකුට තව දුරටත් පොලිස්පති ධූරයේ නිදැල්ලේ හැසිරීමට ඉඩ දිය යුතුදැයි රටේ ප්‍රධානීන් කල්පනා කළ යුතුය.

පොලිස්පතිගේ මෙම සිදුවීම නිසා අද වාර්තා වූ පොලිසියේ විනය බිඳ වැටීමේ බරපතල සිද්ධිය මෙසේය. 

පෙරදා පොලිස්පති ප්‍රසිද්ධියේ බැන වැදුනු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති ලු‍ඩොවොයික් විසින් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පුහුණු පන්තියක් පවත්වමින් සිටියේ ය. ඊට ඉහල නිලධාරීන් වූ මත්ද්‍රව්‍ය නාශක අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී සියඹලාපිටියද, සහකාර පොලිස් අධිකාරී ජගත් රෝහණද සහභාගී වූහ. මෙම පන්තියට සහභාගී වෙමින් සිටි මත්ද්‍රව්‍ය නාශක අංශයේ පැරණි පට්ට දූෂිත නිලධාරියෙකු වූ රංගජීව වෙත ලු‍ඩොවොයික් විසින් චෝදනාවක් එල්ල කෙළේය. එනම් රංගජීව යටතේ සිටින නිලධාරීන් ස්ථානාධිපතිවරයා වූ තමන්ට නොකියා රාජකාරි සඳහා පිටත්ව යෑමෙන් විනය පවත්වා ගත නොහැකි බවයි. ඒ සමගම නැගිට ගත් රංගජීව සියලු ඉහළ නිලධාරීන් ඉදිරියේ තම ස්ථානාධිපතිවරයා වූ ලු‍‍‍ඩොවොයික්ට අමු තිත්ත කුණු හරුපයෙන් බැන වදිමින් “උඹට එදා පොලිස්පතිගෙන් අහ ගත්තා මදිදැ“යි විමසා ඇත. එනම් පොලිස්පතිගේ පූර්වාදර්ශය අනුව රංගජීව විනය විරෝධීව ක්‍රියා කර තිබේ. මේ සිද්ධිය ඉදිරියේ ඉහළ නිලධාරීන් වූ සියඹලා පිටිය සහ ජගත් රෝහණ ද ක්‍රියා කර ඇත්තේ පොන්නයන් විලසිනි. පහළ නිලධාරියෙකු ප්‍රසිද්ධියේ තම ඉහළ නිලධාරියාට කුණු හරුපයෙන් බැන වැදීම බරපතල විනය උල්ලංඝනයක් බැවින් එවෙලේම රංගජීවට එරෙහිව ක්‍රියාත්මක විය යුතු නමුත් ඔවුන් පන්තිය අතරමගින් අවසන් කර යන්නට ගොස් තිබේ. 

පොලිස්පති කෝලමා විසින් පොලිසියේ විනය බින්දුවට බස්සවා ඇත්තේ එලෙසය. මෙවැනි පොලිසියකින් නිසි රාජකාරියක් ජනතාවට ඉටු වේ යැයි සිතන්නේ නම් මුලාවකි. නීතිය හා සාමය බාර ඇමැතිවරයාද, එම කොමිෂන් සභාවද, අගමැති සහ ජනාධිපතිවරයාද, පොලිස්පතිවරයා පත් කරන ලද ව්‍යවස්ථා සභාවද මේ තත්ත්වය ගැන වහාම සැලකිලිමත් නොවුනහොත් මීට වඩා විනාශකාරීත්වයක් ඉදිරියේදී සිදුවනු නිසැක ය.  

පසු සටහන:

පොලිස්පති වරයාගේ කුජීත ක්‍රියා හෙළිදරව් කරන ලංකා ඊ නිව්ස් කතුවරයාට හෙණ 7 වැදිය යුතු බවත් ඔහුට තොරතුරු දෙන පොලිසියේ උන්ට හෙණ 14 ක් වැදිය යුතු බවත් පසුගියදා පොලිස්පති කෝලම විසින් ප්‍රසිද්ධියේ පවසා තිබිණ. 

---------------------------
by     (2017-04-20 17:18:34)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

ඊට ඉහල නිලධාරීන් වූ මත්ද්‍රව්‍ය නාශක අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී සියඹලාපිටියද, සහකාර පොලිස් අධිකාරී ජගත් රෝහණද සහභාගී වූහ. මෙම පන්තියට සහභාගී වෙමින් සිටි මත්ද්‍රව්‍ය නාශක අංශයේ පැරණි පට්ට දූෂිත නිලධාරියෙකු වූ රංගජීව වෙත ලු‍ඩොවොයික් විසින් චෝදනාවක් එල්ල කෙළේය. එනම් රංගජීව යටතේ සිටින නිලධාරීන් ස්ථානාධිපතිවරයා වූ තමන්ට නොකියා රාජකාරි සඳහා පිටත්ව යෑමෙන් විනය පවත්වා ගත නොහැකි බවයි. ඒ සමගම නැගිට ගත් රංගජීව සියලු ඉහළ නිලධාරීන් ඉදිරියේ තම ස්ථානාධිපතිවරයා වූ ලු‍‍‍ඩොවොයික්ට අමු තිත්ත කුණු හරුපයෙන් බැන වදිමින් “උඹට එදා පොලිස්පතිගෙන් අහ ගත්තා මදිදැ“යි විමසා ඇත. එනම් පොලිස්පතිගේ පූර්වාදර්ශය අනුව රංගජීව විනය විරෝධීව ක්‍රියා කර තිබේ. මේ සිද්ධිය ඉදිරියේ ඉහළ නිලධාරීන් වූ සියඹලා පිටිය සහ ජගත් රෝහණ ද ක්‍රියා කර ඇත්තේ පොන්නයන් විලසිනි. ======= ASP Siyabalapitiya kiyanne patta dooshitha, pagaa maruweki. horakam walin hoyapu salli walin waahana, gewal dorawal yasa ageta gasaa thibe. wathkam hoyanna Bribery eken inquiry ekak thibboth moota yanda paarawal naa... munta , munge daruparamparawalata da hena paath une neththan loka sobaawa boruwak...
-- by Polispodda on 2017-04-20

භාවනා කිරීම බූදූ දහමට පමණක් අදාල දෙයක් නෙවෙයි. භාවනා කිරීමට බල කිරීම යනු ආගමක් ඇදහීමට බල කිරීමක් නොවේ.
-- by unknown on 2017-04-21

මූ දිහා බලාගෙන පිළිකුල් භාවනාව කරන්ඩ තියෙන්නේ
-- by silva on 2017-04-21

භාවනා කිරීම බූදූ දහමට පමණක් අදාල දෙයක් නෙවෙයි. භාවනා කිරීමට බල කිරීම යනු ආගමක් ඇදහීමට බල කිරීමක් නොවේ. -- by unknown on 2017-04-21 - Hey unknown... thoth polis ponna kolama ekkama hamaniyang... ponna wesaawa... danne nathi huththawal kathanokara hitapang pako.
-- by Known on 2017-04-23

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links