~

‘විධායක ජනාධිපති ධූරය තියාගන්න‘: මල්වතු අස්ගිරි අනුනායකලාගේ ජනවරමට එරෙහි ඉල්ලීම ජනාධිපති ප්‍රතික්ෂේප කරයි

(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.09, පෙ.ව‍‍‍.11.40) ජනතා ජනවරම නොතකා මල්වතු අස්ගිරි පාර්ශව දෙකෙහි අනුනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත පසුගියදා ඉදිරිපත් කරන ලද ‘විධායක ජනාධිපති ධූරය තවදුරටත් පවත්වා ගත යුතුය‘ යන ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. 

කලකට පෙර අනුනායක හිමිවරුන් ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බවත් ඊට වේලාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා තිබිණ. ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබුනේ හිමිවරුන් කොළඹ පැමිණීම අවශ්‍ය නොවන බවත් තමා ලඟදීම මහනුවරට එන බැවින් එවිට මහනුවරදී හමුවිය හැකි බවයි. ඒ අනුව පසුගියදා මහනුවර ගිය ජනාධිපතිවරයා මහනුවර ජනාධිපති මන්දිරයේදී මල්වතු අස්ගිරි අනු නායක හිමිවරුන් හමුවිය. 

එහිදී මල්වතු අස්ගිරි පාර්ශව දෙකෙහි අනුනායක හිමිවරුන්ද ලේඛකාධිකාරි හිමිවරුන්ද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ අතර එහිදී අනුනායක හිමිවරුන් විසින් සැකසූ කරුණු 21 කින් යුතු ලියැවිල්ලක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබිණ. එහි 4 වන කාරණය ලෙස සඳහන්ව තිබුනේ විධායක ජනාධිපති ධූරය තව දුරටත් පවත්වා ගත යුතු බව සඳහන් කාරණයකි. 

(මෙම කරුණු 21 සම්බන්ධයෙන් විවිධ ජඩමාධ්‍ය වල විවිධ පරස්පර ලියැවිලි ප්‍රසිද්ධ කර ඇත. ලංකා ඊ නිව්ස් වෙත නිල ලියැවිල්ල ලැබී නැත. අන්තවාදී ජඩමාධ්‍ය මෙය මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ගේ ලියැවිල්ලක් ලෙස සඳහන් කරමින් උන් වහන්සේලාගේ සේයාරූ ද සහිතව පළ කර තිබීම ද සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. මහනායක හිමිවරුන්ගේ නිල සම්බන්ධයක් මෙම ලියැවිල්ලට නැත.)

කෙසේ වෙතත් විධායක ජනාධිපති ධූරය තව දුරටත් පවත්වා ගත යුතු යැයි අනුනායක හිමිවරුන්ගේ ඉල්ලීමට ජනාධිපති වරයා එම අවස්ථාවේම ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ තමන් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට ජනතාවට පොරොන්දුවක් දුන් බවත් ඒ අනුව ලැබුණු ජනවරමට පිටුපා තමන්ට ක්‍රියා කළ නොහැකි බවයි.

ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය පළ නොකළ ජඩමාධ්‍ය අනුනායකලාගේ ඉල්ලීම මහනායක හිමිවරුන්ගේ ඉල්ලීමක් ලෙස කරුණු විකෘති කරමින් ප්‍රචාරය කර තිබේ.

මේ අතර ඉහත කී අනුනායක හිමිවරුන්ගේ ඉල්ලීම ගැන සිවිල් සංවිධාන නායකයන් විසින් පසුගියදා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී විමසා ඇති අතර ජනාධිපතිවරයා පවසා ඇත්තේ විධායක ජනාධිපති ධූරය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමන් ජනතාවට දුන් පොරොන්දුවේ කිසිදු වෙනසක් නැති බවයි. 

‘මං ඒ වෙලාවේම අනුනායක හිමිවරුන්ට පිළිතුරු දුන්නා‘ යි කී ජනාධිපතිවරයා “මේ එක එක අය කියන කියන වාරයක් ගානේ මං විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියමින් සිටින්නට මට අවශ්‍ය නෑ. මං ඒ දුන් පොරොන්දුව ඉටු කරනවා. ඒ සඳහා ඉදිරි කටයුතු කරගෙන යෑමට මට ඉක්මනට මේ අලුත් ව්‍යවස්ථාවේ කෙටුම් පත අවශ්‍යයි“ යැයි ජනාධිපතිවරයා පැවසීය. 

නව ව්‍යවස්ථාවක් සඳහා ජනතාව දැනුවත් කරන ලෙසද ජනාධිපතිවරයා සිවිල් සංවිධාන නායකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. 

( ‘මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම් 21‘ යැයි සමහර ජඩමාධ්‍ය ප්‍රසිද්ධ කර තිබෙන ලියැවිලි දුටු විට අපගේ සංඝ රත්නය මේ තරම් අඥානදැයි සිතෙන බැවින් මල්වතු අස්ගිරි ලේඛකාධිකාරී හිමිවරුන් විසින් සත්‍ය නිල ලියැවිල්ලේ පිළිගත හැකි පිටපතක් ලංකා ඊ නිව්ස් වෙත එවුවහොත් අපි එය ප්‍රසිද්ධ කරන්නෙමු )   

---------------------------
by     (2017-04-09 07:19:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

ජනපති තුමනි ඔබතුමාගේ ප්‍රතිචාරයට අපේ ප්‍රණාමය!. අස්ගිරි මල්වතු ඉල්ලීම පිටුපස ඉන්නේ කවුද කියල හොයා බැලිය යුතුයි. අස්ගිරි සහ මල්වතු අනු නා හිමි මේ පසුපස ඉන්න පුළුවනි. නමුත් මම හොඳටම දන්නවා මල්වතු මහා නා හිමි ඉන්නේ සෝභිත හිමි එක්ක. උන්වහන්සේ අපට විශ්වාසයි.
-- by gamini on 2017-04-10

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links