~

මෛත්‍රී වෙත යැවූ රාජපක්ෂවාදීන් යලි කැඳවීම අරඹයි: ප්‍රියංකර ජයරත්න ඇමැතිධූරයෙන් අස්වේ : තමා බලයට ගෙන ආ සියළු මිතුරන්ද තරහා කරගෙන සිටින ජනාධිපති හුදකලා වීම ඇරඹේ

විමල් ධීරසේකරගේ සටහනක්

(ලංකා ඊ නිව්ස් -20­­­­16.දෙසැ.30, ප.ව‍‍‍‍‍‍‍‍.11.30) මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීම සඳහා ඔහු වෙත යවන ලද රාජපක්ෂවාදී මන්ත්‍රීවරුන් යලි මහින්ද රාජපක්ෂ වෙත කැඳවීම ආරම්භ කරමින් පළාත් සභා හා පළාත් පාලන සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරය පිදූ ප්‍රියංකර ජයරත්න තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද සිරිසේන ජනාධිපතිවරයා වෙත යවා තිබේ.

ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රතික්ෂේප කර ඇති නමුත් ප්‍රියංකර ජයරත්න තම ලිපිය ඉවත් කරගත් බව සඳහන් වන්නේ නැත. ඔහු මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය සමග එක්වන බව ප්‍රකාශ කර තිබේ. 

මෙම සිදුවීමට පෙර දා එනම් පෙරේදා (28) දා ප්‍රියංකර ජයරත්න මහින්ද රාජපක්ෂව හමුවී සාකච්ඡා කර ඇත.

ඉන්පසුදා එනම් ඊයේ (30) මහින්ද රාජපක්ෂ විදෙස් වාර්තා කරුවන් සමග මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ 2017 වසර තුළ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බවයි.  පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණත් වර්තමාන දේශපාලන තත්වය සලකා බැලීමේදී සියල්ල ඉදිරිකාලය තුළ වෙනස් විය හැකි බවද ඔහු පවසා තිබිණ. 'රාජ්‍ය නායකයා නොවී තමාට රට පාලනය කළ හැකි' යැයි පැවසූ මහින්ද රාජපක්ෂ, වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට ජනාධිපති මෛත්‍රී යටතේ අගමැති කම් කළ හැකි නම් 1970 ගණන් වල සිට හොඳින් හඳුනන පුද්ගලයෙක් සමග තමන්ට වැඩ කළ හැකි යැයිද මහින්ද රාජපක්ෂ පවසා තිබිණ. නමුත් එවැනි තත්වයක් උද්ගත වුනොත් සිදු වන්නේ තමන්ට අවශ්‍ය කොන්දේසි අනුව බව ද මහින්ද රාජපක්ෂ පවසා තිබිණ. 

මහින්ද රාජපක්ෂගේ ඉහත ප්‍රකාශයන්ගෙන් පසුදා ප්‍රියංකර ජයරත්න ඉල්ලා අස්වීම සැලකිය යුතුය. 

කෙසේ වෙතත් මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා බලයට ගෙන ආ සියළු බලවේග තරහා කර ගනිමින් සිටියදී ඔහු ලඟට යැවූ ශ්‍රීලනිප ඇමැතිවරුන්ද අහිමි කිරීමේ රාජපක්ෂ උපාය දියත් කර තිබේ. 

ජනාධිපති තමා බලයට ගෙන ආ සියළු බලවේග තරහා කර ගැනීම

ජනවාරි 8 වෙනිදා තමා බලයට පත් කරන බලවේග පරාජය කෙළේ මහින්ද රාජපක්ෂ පමණක් නොව වසර 20 ක් බලයේ සිටිමින් රට භීතියට සහ අගාධයට පත් කළ ශ්‍රීලනිපයද පරාජය කළ බව තේරුම් නොගත් මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජිත ශ්‍රීලනිපයේ නායකත්වය බාර ගත්තේය. ඒ ඔහු විසින් ජනතාවට දුන් ‘නිර්පාක්ෂික වීමේ පොරොන්දුව‘ පමණක් නොව ශ්‍රීලනිප නායකත්වය චන්ද්‍රිකා බණ්ඩාරනායකට බාර දෙන බවට ඇයට දුන් පොරොන්දුවද අලුයම ලූ කෙළ පිඩ සේ ඉවත ලමිනි.   

ඉන් පසුව ජනාධිපතිවරණයේදී තමන්ට සතුරුව සිටියා පමණක් නොව මාදුළුවාවේ සෝභිත හිමියන්ට වස කුප්පි පූජා කළ ඩිලාන් පෙරේරා නමැති ජනවරමක් නොමැති පසික්කාට්ටු දේසපාලුවා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඔහුව ශ්‍රීලනිපයේ මාධ්‍ය ප්‍රකාශක ධූරයට පත් කර ඔහු ලවා තමන් බලයට ගෙන ආ බලවේග සියල්ලට පහර දීම ආරම්භ කෙළේය. ඩිලාන් පෙරේරා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ඉතාමත් නින්දිත ලෙස පහර දුන්නේය. ඉන්පසු ඩිලාන් පෙරේරා දිගින් දිගටම මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට ඔසවා තැබූ එක්සත් ජාතික පක්ෂ නායකයාටත් එම පක්ෂයටත් පහර දුන්නේය. ඩිලාන් පෙරේරා මේ සියල්ල සිදුකරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් සහ ආශිර්වාදය මත නොවේ යයි යමෙක් සිතන්නේ නම් හේ දේශපාලන ගොබ්බයෙකි. ඩිලාන් පෙරේරාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ඇති පැමිණිලි යට ගැසීමට නියෝග දුන්නේ ද මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ම ය. 

දීර්ඝ කාලයක් නිහඬව බලා සිටීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය තම පසුපෙල මන්ත්‍රීවරුන් ලවා ඩිලාන් පෙරේරාට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කෙළේය. ඒ තමන් පහර දෙන්නේ ඩිලාන්ගේ තිරය පසුපස සිටින මෛත්‍රීපාල සිරිසේනට බවද දැන දැන නමුත් ඒ බව නොඅඟවමිනි. 

මේ අතර වාරයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තමන් බලයට ගෙන ඒමට මහත් දායකත්වයක් දුන් ලංකා ඊ නිව්ස් වෙත පහරදුන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් කැපී ගොස් සිටින, රාජපක්ෂලා සමග කකුලක් තබාගෙන සිටින, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ තමන් විසින් අධ්‍යක්ෂධූරයකින් පුදන ලද හේමන්ත වර්ණකුලසූරිය පාවිච්චි කරමිනි. විජයදාස රාජපක්ෂ, ලංකා ඊ නිව්ස් වෙත එල්ල කරන ලද ප්‍රහාර පිටුපස සිටියේ සිරිසේන ජනාධිපතිවරයා බව හෙළි වූයේ සිරිසේන මහතා විසින් විජයදාසවද ලඟ තබාගෙන විනිසුරුවරුන්ගේ සමුළුවේදී කරන ලද කතාවෙනි. එහිදී ඔහු විජයදාස රාජපක්ෂ නැගූ අවලාදයන්ම පුනරුච්ඡාරණය කරමින් වෙබ් අඩවි පාලනය කිරීමට නව නීති ගෙන එන බව කීවේය. ජනවාරි 8 වෙනිදා තමන්ට පක්ෂපාතීව කිසිදු විද්‍යුත් මාධ්‍යයක් මුද්‍රිත මාධ්‍යයක් නොමැතිව සිටියදී තමන් බලයට ගෙන ඒමට කැප වූයේ වෙබ් අඩවි සහ සමාජ ජාලා බව අමතක කළ ජනාධිපතිවරයා වෙබ් අඩවි සහ සමාජ ජාලා නිග්‍රහයට ලක් කරමින් තමන්ගේ පවුලේ අයට පවා කියන්නේ ඒවා නොබලන ලෙස යයි ප්‍රකාශ කරමින් ඒවා පාලනයට නව නීති ගෙන එන බව කියා ඒ සියලු දෙනාද අමනාප කර ගත්තේය. 

ඉන්පසුව තමන් බලයට ගෙන ඒමට ඉමහත් කැපවීමක් කළ සාධාරණ ව්‍යාපාරයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතාට තම ආරක්ෂක ලේකම්වරයා ලවා මිලියන 1000 ක වන්දි ඉල්ලා එන්තරා වාසි  යැවුවේය. ආරක්ෂක ලේකම් එන්තරාවාසි යවන්නේ ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුදැනුමක් නොමැතිව යයි කිසිවෙක් සිතන්නේ නම් පෙර කී ලෙසම හේ දේශපාලන ගොබ්බයෙකි. නව කැඳවුම්කරු පත්වීමට පෙර එම ධූරය දැරූ අපවත්වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන්වද ජීවතුන් අතර සිටියදී සිරිසේන මහතා විසින් නොතකා හැර තිබිණ. රාජ්‍ය ආයතන සඳහා ලේකම්වරුන් පත් කිරීමේදී සෝභිත හිමියන් යෝජනා කළ එකදු පුද්ගලයෙකු හෝ පත් නොකරමින් සෝභිත හිමියන්ව බලවත් සේ කම්පනයට පත් කෙළේය. එහිමියන් අපවත් වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසි නොකිරීමේ වේදනාව පමණක් නොව තමන් යෝජනා කළ සත් පුරුෂයන් නොතකා හැරීමේ සිත්වේදනාවද සමග බව ලඟින් ඇසුරු කළ අය දනිති. දැන් මහාචාර්ය වරයාට එන්තරාවාසි යවා තමා බලයට ඒමට සහාය දුන් සියළු සිවිල් සංවිධානයන් තරහා කරගෙන සිටින්නේ ය.

සිරිසේන මහතාගේ ‘සයනයිඩ් කතාව‘ මගින්ද ඔහු තමන් බලයට ගෙන ආ බලවේගයන්ගේ වෛරයට පාත්‍ර විය. ප්‍රධාන ඝාතන සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි රැඳවියන් කිහිප දෙනා වෙනුවෙන් කතා කළ සිරිසේන මහතා එම ඝාතන සම්බන්ධයෙන් වරද කරුවන්ට දඬුවම් දෙනු බලා සිටින විශාල ජනතාවකගේ පිළිකුලට ලක් විය. සිරිසේන මහතාගේ ‘සයනයිඩ් කතාවෙන්‘ පසු ඒ සියළු දෙනාට ඇප ලැබීමද සැලකිය යුතුය.  

මේ අතර ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට අද දහවල් සිරිකොත දී සම්මුති ආණ්ඩුවෙන් ඉවත්වී තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවිය යුතු යයි එජාප පසුපෙල මන්ත්‍රී කණ්ඩායමක් එම පක්ෂයේ ලේකම් වරයාගෙන් ඉල්ලා ඇත.

සතුරු බලවේග කුමක්ද? මිතුරු බලවේග කුමක්ද? යන්න තේරුම් බේරුම් කර ගත නොහී, කිසිවෙකුගේ උපදෙස් පිළිගන්නේ ද නොමැතිව, විකාරරූපී ලෙසත් ප්‍රතිපත්ති විරහිත ලෙසත් කටයුතු කිරීම හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා දිනපතා හුදකලා වන ලකුණු පෙනෙන්නට තිබේ. රාජපක්ෂ කල් වේලා බලා තම ඉත්තන් පාවිච්චි කරමින් සිටී. තත්ත්වය පාලනය කළ හැකි වනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන දෙදෙනාගේ ස්වයං විවේචනාත්මක අවංක සාකච්ඡාවකින් පමණි. එය අසාර්ථක වුවහොත් මෛත්‍රිපාල සිරිසේන මහතාට නතර වීමට සිදුවනු ඇත්තේ රාජපක්ෂගේ තුරුල්ලේ ය. නමුත් එය ඔහුගේ විනාශය ඉක්මන් කෙරෙන ‘තුරුල්ලක්‘ වනු නිසැක ය. 

විමල් ධීරසේකර විසිනි 

---------------------------
by     (2016-12-30 21:47:28)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Oh! Mr President, if you want to be a TRUE PRESIDENT for the entire nation you have no option but to HANDOVER the leadership of your party to someone else and CUT-OFF your ties with all political parties immediately. Make a confession, be humble and apologise to all your Yahapalanaya friends for the stupid mistakes you have done over the last 2 years. Arrange to rectify your mistakes by appointing a panel of capable independent and honest advisers who have the best interest of all communities in the country and LISTEN TO THEM. Also, watch out for the underhand deal makers [both national and international] who are setting out to ruin the economy and social stability of this beautiful country in a calculated way. This would be the best and the last resort left for you before someone like a prostitute having to beg her ex-husband to take her back after catching the AIDS VIRUS!
-- by friend on 2016-12-30

Janaadhipathithumani, oya yana aya palavaa harinna. A venuvata budhdhimath ayage list ekak gena ounva path karanna Jaathika list eken ho vishesa balathala yodaa gena ho itukaranna. A vagema yahapaalana aanduven duushitha lesa mudal upayaa gath aya siteenam oun vahaa athadanguvata gena ikmaninma pareekshana pavathvaa unta.danduvam denna.
-- by nareen on 2016-12-31

This is very marvellous occation to the Hon. President to filter his cabinet. Who loves the country for its genuine development will remain with Hon. President and with Government, but who loves to deal with corruption political leaders will join with satan the devil. If Hon. President has discernment, this is the time to act for the benefit of the country without lulling.
-- by mudalige on 2016-12-31

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links