අරලියගහ මැදුරේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට මාධ්‍ය සහාය දීමට එදා රෑ එහි සිටි රාජපක්ෂගේ සට්ටැඹි ජඩමාධ්‍යකරුවන් 5 කගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට යයි

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.24, පෙ.ව.7.00) ජනතා පරමාධිපත්‍යය අනුව මහජන ඡන්දයෙන් තෝරා පත් කරගනු ලබන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද ප්‍රතිඵලය විකෘති කොට හමුදා බලයෙන් රට ලේ විලක් කිරීමේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ අපරාධයට මාධ්‍ය සහාය ලබා දීමට ජනවාරි 8 දා රාත්‍රී අරලියගහ මැදුරේ රැඳී සිටි මහින්ද රාජපක්ෂගේ සට්ටැඹි ජඩමාධ්‍යවේදීන් පිරිසකගෙන් ද රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට යන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

එදා රාත්‍රී අරලිය ගහ මැදුරේ කුමන්ත්‍රණයට සහාය දී ඇත්තේ මව්බිම කර්තෘ තුෂාර ගුණරත්න, ඉරිදා ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත, ඉරිදා දිවයින කර්තෘ අනුර සොලමන්ස් (මොහු රාජපක්ෂගේ ජනාධිපති උපදේශකයෙක්ද වේ) දේශය කර්ත‍ෘ රංජිත් අනන්ද ජයසිංහ සහ ගුවන් විදුලි නාලිකාවක හේමන්ත නමැති පුද්ගලයෙක් බව මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දුන් අනෙකුත් පිරිස් විසින් සඳහන් කර ඇත.  ඒ අනුව මේ පිරිසගෙන්ද රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිත බව පැවසේ.

කෙසේ නමුත් මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ඍජු චෝදනා ලැබිය යුතු පුද්ගලයින් කවුරුන්දැයි යන්න ගැන නීතිපතිවරයා මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නිල නොවන වාර්තාවලට අනුව හිටපු අග විනිසුරු මොහාන් පීරිස්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු විදේශ ඇමති ජී. ඇල්. පීරිස්, යන පුද්ගලයින් මෙම කුමන්ත්‍රණ චෝදනාවෙහි ඍජු විත්තිකරුවන් වශයෙන් නම්කර ඔවුන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කෙරෙනු ඇතැයි පැවසේ.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් පැවැතියදී හදිසි නීතිය පනවා ජනාධිපතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඇතුළු කණ්ඩායමක් ජනාධිපතිවරණය පැවැතිය දා අරලියගහ මැදුරේ දී රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් සැලසුම් කර තිබූ බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරන පරීක්ෂණයට අදාළව පුද්ගලයින් රැසකගෙන්  මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

---------------------------
by     (2015-02-24 01:58:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    more