~

ජනාධිපතිතුමනි.., ඡන්ද නීති උල්ලංඝනය කළ නාවික හමුදා ලොක්කන්ට දඬුවම් නැද්ද..? -නීති ගරුක නැවියෝ විමසති

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.19, ප.ව.11.55) පසුගිය ජනාධිපතිවරණයේදී අමු අමුවේ ඡන්ද නීති උල්ලංඝනය කරන ලද නාවික හමුදා උසස් නිලධාරීන් සම්බන්ධයෙන් රටේ පවතින නීතියට සහ නාවික හමුදා නීතිය අනුව සත පහක හෝ විනයානුකූල පියවරක් නොගෙන, එම නිලධාරීන් කිසිවක් නොකළා සේ රාජකාරි කරමින් සිටීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ නීති ගරුක නාවිකයන් වූ අප හට ඉමහත් ප්‍රහේලිකාවකි.

මේ නිලධාරීන්ට එරෙහිව නීත්‍යාණුකූලව කටයුතු නොකිරීම යහපාලනය දැයි අප බලධාරීන්ගෙන් අාරක්ෂක ඇමැති වරයා වන ජනධිපතිවරයාගෙන් මෙන්ම අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයෙන් ප්‍රශ්න කරමු. 

යුද හමුදාව කෙසේ හෝ ඔවුනගේ දූෂිත සහචරයන් ඉවත් කිරීමේ යෙදී සිටී, නමුත් නාවික හමුදාව නිහඬය. ආරක්ෂක ඇමැතිද වන ජනාධිපති තුමනි.., අප ඔබට ඡන්දය දුන්නේ නාවික හමුදාව දේශපාලනීකරණය වීම වලක්වා, එය ගෞරවාන්විතව රැක ගැනීමටය. 

මහින්ද රාජපක්ෂ රෙජීමයේ පාලන සමයේ නාවික හමුදාවට වූ දෙය මුළු රටම දනී. මහින්ද රාජපක්ෂ නාවික හමුදාව තම පුතාට ලියා දී තිබු බව අප මතක් කර දිය යුතු නැත. එපමණක් නොව නාවික හමුදාවේ කීර්තිමත් නිලධාරීන් වූ රියර් අද්මිරාල් එස්.එම්.බී. වීරසේකර, කොමදෝරු ටී.ජේ.එල් සින්නයියා ආදී චරිතයන් වැනි කුණු පොදක් නැති, දක්ෂ බුද්ධිමත් ජ්‍යෙෂ්ඨයන් ඉවත්කර දුර්වල සට්ටැඹි හෙංචයියන් නායකයන් බවට පත්කිරීම මහින්ද ගෝඨාභය රාජපක්ෂලාගේ ක්‍රමය විය.

ඉතාමත් දුර්වල නායකයන් වූ  රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහින්ද රාජපක්ෂ සඳහා දේශපාලනය කිරීම සඳහා කඳවුරු වෙන් කර දෙන ලද බවත් චීන ඔත්තු කරයෙක් ලෙස ලැජ්ජා විරහිතව ක්‍රියා කළ බවත් නොරහසකි. එහි කූඨ ප්‍රාප්තිය නම් චීන තානාපතිවරයා ඉදිරියේ වරද්ද වරද්දා චීන ගීත ගායනා කිරීමට තරම් නාවික හමුදාපති ධූරය ජයනාත් කොළඹගේ විසින් බාල්දු කිරීමයි. එ් කෙසේද යත් අහිගුණ්ඨිකයා තම රිලවා නටවා ගානක් කපා ගන්නවා සේ රාජපක්ෂලා තම නාවික හමුදාපතිවරයා චීනා ඉදිරියේ නටවා බිලියන ගණනින් කොමිස් කපා ගැනීම කරගත්තේය. ජයනාත්ගේ දුරාචාර ස්ත්‍රී ධූර්ත ජීවිතයද නාවික හමුදාවට කැළලක් ඇති කළා මිස ගෞරවයක් ගෙන නොදුන් බවද නොකියා සිටිය නොහැකිය. ඔහු නිසා පවුලක් කඩා කප්පල් කර ගත් බවට අද ද අධිකරණයේ නඩුවක් තිබේ. 

ඉන් අනතුරුව දැනට අවූරුදු 57 වයස්ගත වූ රාජපක්ෂ පවුලේ ඥාතියෙක් වූ රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා නාවික හමුදාපතිවරයා ලෙස පත්කරගන්න ලද්දේ එම කටයුතු දිගටම කරගෙන යාම සඳහා බව අමුතුවෙන් කිව යුතු නැත. රියර් අද්මිරාල් ජයන්ත පෙරේරාට නාවික හමුදාපති පදවිය පමණක් නොව, පිනට “රණ වික්‍රම” පදක්කම පවා ලබා දීම ඉතාම පහත් පෙලේ ක්‍රියාවක් සහ එම පදක්කම පැළැඳ සිටින රණ විරුවන්ට කරන අපහාසයකි. රණ වික්‍රම පදක්කම ලැබූ බොහෝ රණවිරුවෝ අද ජීවතුන් අතර නැත. එනම් එම පදක්කමේ අර්ථය යනු ස්වේච්ඡාවෙන් දිවි පරදුවට තබා රට වෙනුවෙන් ඉටු කරන ලද වීරක්‍රියාවක් වෙනුවෙන් දෙනු ලබන පදක්කමකි. එම පදක්කම ලබා ගැනීමට රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා කරන ලද වීර ක්‍රියාව කුමක්දැයි අපට කියා දුන හොත් මැනවි. අඩුම ගණනේ ඔහු උතුරු නැගෙනහිර යුද්ධයේ ප්‍රාදේශීය ප්‍රධාන අණ දෙන්නෙකු ලෙස හෝ ක්‍රියා කර තිබුණානම් අපට කියන්න. 

පසුගිය චන්දය සමයේ  රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා ඉතාම උනන්දුවෙන් සියලුම ආයතනවලට ගොස් මහින්ද රාජපක්ෂ ට කතිරය ගසන ලෙස පුන පුනා කීවේ ලැජ්ජාවක් නැතිවය. ඒ ඥාතියා රජ කරවීමට මිස වෙන කුමටද? එපමණක් නොව ඔහු කියා සිටියේ  රියර් අද්මිරාල් එස්.එම්.බී. වීරසේකර හට නාවික හමුදාපති පුටුව නැති වූයේ ඔහුගේ පහල සිටි නිලධාරීන් කරන ලද වැරදි නිසා බවය. රියර් අද්මිරාල් ජයන්ත පෙරේරාටද දැන් ඒ කියමනම ගැලපේ. තමන්ගේ යටතේ රාජකාරි කරන ලද  රියර් අද්මිරාල් එම්.යු.කේ. වී බණ්ඩාර, රියර් අද්මිරාල් එන්.බී.ජේ රෝසයිරෝ, කොමදෝරු යු.අයි සේරසිංහ, කපිතාන් එම්.එෆ්.ඒ.කේ සිල්වා, බුද්ධි අධ්‍යක්ෂක සහ උතුරු නැගෙනහිර උප ආඥාපතිවරු බරපතල ලෙස ඡන්ද නීති කඩකර ඇති නිසා නාවික හමුදාපති ලෙස තමන් වගකීම බාරගෙන නාවික හමුදාපති ධූරයට අවනම්බු නොකර ඉවත් වීමය. 

රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා ඔහුගේ විනය ගැන වැදිබණ දෙසන්නෙකි. නිලධාරින්ට සහ නැවියන්ට බොරුවට මහින්ද රාජපක්ෂ සන්තෝස කිරීමට දඬුවම් දීමට ඉතාම දක්ෂය. ඔහු අවකංව දඬුවම් දුන්නා නම් ලුතිනන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදා නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටියදී නාවික හමුදාවේ සිටිමින් ව්‍යාපර කරද්දී නාවික හමුදාවේ සිටිමින් ප්‍රසිද්ධියේම දේශපාලනය කරද්දී ඔහුට දඬුවම් නොකෙළේ ඇයි? යෝෂිතගේ වුවමනාවට ඇඟේ පච්ච කොටාගෙන සිටීම පවා නාවික හමුදාවට අනුමත කරමින් නාවික හමුදා විනය බිංදුවට දැම්මේ ද ජයන්ත පෙරේරා ය.

ජනාධිපතිතුමනි..! හොරුන්ගේ අප්පච්චිලාගෙන් පේන අැසීමෙන් ඇති ඵලය කිම..? පසුගිය ජනාධිපතිවරණයේදී අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් දේශපාලනය කළ නාවික හමුදාපති රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා ඇතුළු රියර් අද්මිරාල් එම්.යු.කේ. වී බණ්ඩාර, රියර් අද්මිරාල් එන්.බී.ජේ රෝසයිරෝ, කොමදෝරු යු.අයි සේරසිංහ, කපිතාන් එම්.එෆ්.ඒ.කේ සිල්වා, බුද්ධි අධ්‍යක්ෂක සහ උතුරු නැගෙනහිර උප ආඥාපතිවරු ආදී නාවික හමුදාවේ වරදකරුවන් සියළු දෙනාට රටේ නීති ප්‍රකාරව නිසි දඬුවම් ලබා දී නාවික හමුදාවේ ගරුත්වය ආරක්ෂා කරදෙන ලෙස කර අපි ඔබ තුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු. 

නාවුක හමුදාවේ ගරුත්වය අද ඇත්තේ ඔබතුමා අතේය... ජනතාව ලක්ෂ 62 ක් ඔබ තුමා සේනාධිනායක ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තේ නාවුක හමුදාවේ ගරුත්වයද ආරක්ෂා කිරීමටය.

-නාවික හමුදාවේ යහපාලන ලැදි නීති ගරුක රණවිරුවන් -

---------------------------
by     (2015-02-20 01:12:11)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

Rata bera gath sabaaa Ranaviruwan peradariwa .....Sinhnaadee -Janagosawa....March 18 Polnnaruwen arabiii Madamulana balaaa yanawagayi
-- by Kuma on 2015-02-20

30 වසරක යුද්ධය නිමා කිරීමට සහයෝගය ලබාදී කැපවීම් කල හමුදාවල අයවලුන්ට කිසිදු දෙයක් මේ වනතෙක් ලැබී නොමැත. මහින්ද ජනපති හැමදාම යුද්ධය විකුණාගෙනකෑවත් අපට ලැබුණු දෙයක් නොමැත. යුද්ධයට සහභාගිවුනු වැඩි පිරිසක් විශ්‍රාම ගනිමින් සිටියි. බයික් එකක් ලැබෙයි කියලා බලාගෙන හිටියා ඒකත් නැතියවයි වගේ‍‍‍‍....... හමුදාවල (යුධ/නාවික/ගුවන්) දුප්පත් අහිංසක සෙබලුන් විවිධ ක්‍රම මගින් (පොලියට අරන්/රත්ත්‍රං භාණ්ඩ උකස් කර/අතමාරු ගෙන/තමන්ගේ හාල්පොත වැනි ‍බයිසිකල් විකුණා) රු. 50000 ක මුදලක් මේ වන විට තැම්පත්කර මොටර් බයිසිකල් බලාපොරොත්තුවෙන් ඉන්නවා.... ඔහුනට කුමක් හෝ සාධාරණයක් ඉතා කඩිනමින් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි
-- by මහින්ද on 2015-02-20

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links