~

බැසිල් 2 හෝ 3 යලි ලංකාවට..! පලා ගියේ මහින්දගේ පුතුන්ට බියේ: ඕනෑම දූෂණ පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම්ලු

(ලංකා ඊ නිව්ස්- 2015.පෙබ.17, ප.ව.7.00) ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා අති විශාල වැඩි ඡන්දයකින් ජය ගැනීමත් සමග ඇමරිකාවට පලා ගිය රාජපක්ෂ රෙජීමයේ ප්‍රධාන බලකණුවක් වූ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන මස 2 හෝ 3 යලි ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ඔහුට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. 

ඔහු පලා ගියේ නව ආණ්ඩුවෙන් හිරිහැර වෙතැයි යන බියට වඩා මහින්ද රාජපක්ෂගේ පුතුන් විසින් ඔහු මරා දමාවි යන බිය නිසා බව ද දැනගන්නට තිබේ. වරක් ජනාධිපතිවරණය පරදින බව වැටහුනු යෝෂිත රාජපක්ෂ කියා තිබුනේ අපි රටින් යතොත් යන්නේ බැසිල්ට වෙඩි තබා බවයි. 

මහින්ද රාජපක්ෂ සහ පුතුන්ගේ වත්මන් ගණන් හැදීම අනුව ඔවුන් සිතාගෙන ඉන්නේ තමන්ව හිතා මතා අනතුරට දැම්මේ බැසිල් රාජපක්ෂ කියා ය. මන්ද යත් වසර දෙකක කාලයක් ඉතිරිව තිබියදී හදිසි ජනාධිපතිවරනයකට තල්ලු කෙළේ බැසිල් රාජපක්ෂ නමුත් ඔහු එහිදී කැම්පේන් මැනේජර් ධූරය බාරගත්තද එහි කාර්ය ඉටු නොකර නාමල් සහ යෝෂිත සමග ගැටුම් ඇතිකරගෙන මග හැර ගිය බවත් මහින්ද සහ පුතුන් චෝදනා කරති. අඩුම ගණනේ බැසිල් රාජපක්ෂ එකදු ප්‍රධාන රැලියක කතාවක් හෝ කෙළේ නැතැයි ද පුතුන් ගේ චෝදනාවයි. ඉන්දියාව සමග එක්ව ක්‍රියාකළ බැසිල් තමන්ට කෙළවූවා යයි මහින්දගේ පුත්තු චෝදනා කරති. ඡන්දය අවසාන කාලයේදී මහින්ද පරදින බව තේරුම් ගිය පසු බැසිල්ට වෙඩි තබන බව කීමට තරම් යෝෂිතලා කෝප වූයේ එබැවිනි. 

මේ අතර ලබන 2 හෝ 3 වෙනිදා යලි ශ්‍රී ලංකාවට යනවා යයි කියන බැසිල් රාජපක්ෂ පවසන්නේ තමන් කිසිදු මූල්‍ය දූෂණයකට සම්බන්ධ නැති බවයි. ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් දූෂණ සිදුකර ඇතිනම් ඒවාට වගකිව යුත්තේ තමන්ගේ අමාත්‍යාංශ ලේකම්ලා බවත් බැසිල් සිය ලඟම හිතවතුන්ට පවසා ඇත. 

මේ අතර ඇමරිකාවට පලා ගොස් සිටින ගෝඨාභයගේ නැන්දම්මා එහිදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මුහුණ නොදී මග හැර ජීවත් වන බව ඇයගේ ඇමරිකාවේ සිටින ඥාතීහු පවසති. ‘අපේ එකාලා කරපු දේවල් වලට මං කොහොම මිනිස්සුන්ට මුහුණ දෙන්නදැයි‘ ඇය විමසති.

---------------------------
by     (2015-02-17 13:53:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

This fucker must be hang. He is one of the main man behind the corruption. He had taken billions of money from every where. This money he had deposited may be other peoples bank accounts like his brother goat ,MR and his two sons. They are the key people behind all this.
-- by nabitha on 2015-02-17

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links