~

“ශිරානිට දොර අරින්න බෑ‘ යි ලේඛකාධිකාරි කී විට ‘එහෙනම් දොර කඩනවා‘යි මාර්ෂල්වරයා කියලා“ -මරාධිකරණයක්ව තිබූ ලංකාවේ අධිකරණය යලි දෙපයින් සිටුවීමේ දින තුනේ විප්ලවය

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.01, ප.ව.8.15) මරාධිකරණයක්ව තිබූ ශ්‍රී ලංකාවේ අධිකරණය යලි දෙපයින් සිටුවීමේ මහා කාර්යයක් පසුගිය 28, 29 සහ 30 තෙදින තුල සිදුවිය. අප විසින් වාර්තා කිරීමට අතපසු වූ වාර්තා කිහිපයක් මෙසේ වාර්තා කරමු.

28 වෙනිදා හිටපු අගවිනි-සොරා ගේ පත් වීම නිත්‍යාණුකූල නොවේ යයි තීරණය කළ ජනාධිපතිවරයා තම ජනාධිපති බලතල අනුව හිටපු අගවිනිසුරුවරිය යළි සේවයේ පිහිටැවුයේ ය. ඊට හේතු වූයේ එදා දෝෂාභියෝග විනිශ්චයෙන් පසු අගවිනිසුරුවරිය ඉවත් කළ යුතුය යන යෝජනාව වෙනුවට පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබුනේ දෝෂාභියෝග විනිශ්චය සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත් කළ යුතුය යන යෝජනාව වීමයි. ඒ අනුව අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වී නැති නම් අගවිනිසුරුවරිය නීත්‍යාණුකූලව ඉවත් කර නොමැතිය යන නිගමනයට පැමිණීම නිසා අගවිනි-සොරා මොහාන් පීරිස් ඉවත් කර යලි හිටපු අගවිනිසුරුවරියට තනතුරේ සේවය කිරීමට අවස්ථාව සලසා දුන්නේය. 

හිටපු අගවිනිසුරුවරිය 28 වෙනිදා යලි තනතුරේ වැඩ බාර ගැනීමට පැමිණීම වැළැක්වීමට මොහාන් පීරිස් කුමන්ත්‍රණයක් දියත් කෙළේ ඔහුගේ හෙංචා වූ ලේඛකාධිකාරී වරිය ලවා අගවිනිසුරු පරිශ්‍රය විවෘත නොකර සිටීමට ක්‍රියා කරවීමෙනි. ලේඛකාධිකාරීවරිය කියා සිටියේ ඇයට චෙම්බරය විවෘත කළ නොහැකිය යන්නයි. එවිට ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ බලය හිමි මාර්ෂල් වරයා පැමිණ ‘‘ඔබ මෙය විවෘත නොකරන්නේ නම් මා සතු බලතල අනුව මට දොර කඩා විවෘත කිරීමට සිදුවනවා“ යයි පැවසීය. ඉන් බියට පත් ලේඛකාධිකාරීවරිය ශිරාණි බණ්ඩාරනායකට පැමිණීම සඳහා උපරිමාධිකරණ සංකීර්ණයේ දොර විවෘත කළාය.

28 දා යලි අගවිනිසුරු ධූරයේ වැඩ බාර ගත් ශිරානි බණ්ඩාරනායක මහත්මිය පසුදා 29 දා සේවයෙන් විශ්‍රාම ගත්තාය. ඇයගේ විශ්‍රාම ගැනීමේ උත්සවය ලංකාවේ අගවිනිසුරුවරයෙක් හෝ වරියක් විශ්‍රාම ගැනීමේ උත්සවයකට සහභාගී වූ ඉහලම විනිසුරු සංඛ්‍යාවක් සහභාගී වීම සුවිශේෂී සිදුවීමක් විය. ශ්‍රේෂ්ඨාධිකරණයට මරා විසින් පත් කළ පිස්සු පූසා යැයි නම් පටබැඳි උපාලි අබේරත්න හැර සියළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ද, සියළුම අභියාචනාධිකරණ විනිසුරන්ද දිවයින පුරා සිටින මහේස්ත්‍රාත් වරුන් 147 ක් ද ජනාධිපති නීතිඥවරුන් 28 ක් ද ඇතුළු නීතිඥ වරුන් විශාල ප්‍රමාණයක් ද සහභාගී වීම නිසා උපරිමාධිකරණ සංකීර්ණයේ 5 වන මහලේ නව ශාලාව අතුරු සිදුරු නැති විය. මෙම නව ශාලාව පසුගිය කාලයේ ප්‍රතිසංස්කරණය කෙළේ මහින්ද රාජපක්ෂගේ නමින් විවෘත කිරීමට වුවද එදින ශිරාණි බණ්ඩාරනායකට සමුදීමේ උළෙල පවත්වමින් ඉබේම විවෘත කරන ලද්දේ ය. ශිරාණි බණ්ඩාරනායක කෙටි සමුගැනීමේ කතාවක් පැවැත්වූ අතර ඇයට සමුදීම වාර්තා කිරීමට පැමිනි මාධ්‍යවේදීන්ට පසුගිය කාලයේ ඇය වෙනුවෙන් කළ මාධ්‍ය මෙහෙය ගැන ඔවුනට ස්තූති කරමින් ඔවුන් සමග සමූහ සේයාරුවකටද පෙනී සිටියේ ඉතිහාසයේ පළමු වරට අගවිනිසුරුවරයෙක් මාධ්‍යවේදීන් සමග සමූහ සේයාරුවකට පෙනී සිටීමේ වාර්තාවද තබමිනි.

පසුදා 30 වෙනිදා නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන ශ්‍රී පවන් මහතා පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ ද අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතාද සහභාගී වූහ. අගමැතිවරයා පසුව පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ 8 වෙනිදා ජනාධිපතිවරයා ශ්‍රී පවන් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා අද ශ්‍රී පවන් මහතා අගවිනිසුරු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා කියා ය. ශ්‍රී පවන් මහතා අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම අගය කරමින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ප්‍රකාශයක් කර තිබිණ. මෙම පත්කිරීම තුළින් රටේ සියලූ ජාතීන්ට සාමානාත්මතාවයෙන් යුතුව සලකන ප‍්‍රවණතාවක් ඇති වී තිබෙන බවත් නව රජය රටේ සියලූ ජාතීන් ආරක්‍ෂා කිරීමට කැප කිරීමක් සිදුකරන බව ක‍්‍රියාවෙන් ඔප්පු කර ඇති අවස්ථාවක් බවත් විග්නේෂ්වරන් මහතා ශ්‍රී පවන් අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම අගය කර තිබිණ.

මේ අතර ශිරාණි බණ්ඩාරනායකගේ විශ්‍රාම ගැනීම නිසා පුරප්පාඩු වන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු තනතුරට අභියාචනාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා පත් කරන ලද අතර අභියාචනාධිකරණ විනිසුරු ධූරයට ලක්ෂ්මන් ටිකිරි බණ්ඩාර දෙහිදෙණිය මහතා පත් කරන ලදහ. දෙහිදෙනිය මහතා සිටියේ මහාධිකරණ විනිසුරුවරයෙක් ලෙසය. ඔවුන් දෙදෙනාද අගවිනිසුරුවරයා දිව්රුම් දීමෙන් පසුව ජනාධිපතිවරයා අතින් තම පත්වීම් ලබා ගත්හ.  එම පත්වීම් දෙකද පිටතින් පත්කරන ලද ඒවා නොවූ අතර ජ්‍යෙෂ්ඨත්වය මත ලබා දුන් පත්වීම් වේ. 

යෝජිත 19 වන සංශෝධනය අනුව ස්වාධීන අධිකරණ සේවා කොමිසම බලාත්මක වූ පසු මෙම පත්වීම් සිදුවනු ඇත්තේ එම කොමිසම මගිනි. 

කෙසේ වෙතත් වැදගත් වන්නේ රාජපක්ෂ රෙජීමය විසින් වසර 2 ක් පුරා ශ්‍රී ලංකාවේ අධිකරණය උඩු යටිකුරු කරමින් එය මරාධිකරණයක් හෙවත් කැන්ගරු අධිකරණයක් බවට පත් කර තිබූ විකෘතිය පසුගිය 28 - 30 දක්වා වූ දින කිහිපය තුල දී සිදුකරන ලද විප්ලවීය වෙනස් කිරීම් මගින් යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවීමය. මෙය වසර ගණනක් පුරා නීති ප්‍රජාව සහ සිවිල් ජනතාව ගෙන ගිය අනවරත අරගලයක ප්‍රතිඵලයකි. ඊට දායක වූ සියළු දෙනාටම ස්තූතිය පළ කළ යුතු නමුදු පාර්ලිමේන්තුවේ අනාථයන් වී සිටින විමල් වීරවංශ, වාසුදේව, ඩිව් ගුණසේකර සහ තිස්ස විතාරණ යන අපථයන් පිරිස පමණක් මේ සුභ සිද්ධියට විරෝධය පාමින් හෙට පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා ඇත. මොවුන්ට කිසිදු ජන පදනමක් නැති අතර ‘මරාවතාර‘ ලෙස ක්‍රියා කිරීම පමණක් එකම ගැලවිල්ල බවට පත්ව තිබේ.

---------------------------
by     (2015-02-01 16:16:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

සමහරුන් එකෙක්කෙනාට කඩේ යමින් නූගත් පිස්සන් ලෙස හැසිරුනාට, රටේ නීතියේ බලයත්, එක් එක් ස්ථානයට අයත් අධිකාරී බලයටත් පිටින් යා නොහැකිය. එය අපි කවුරුත් තේරුම් ගත යුතු කරුනකි.
-- by ජනතාව on 2015-02-05

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links