අලිහොරා විනි-සොරා සොයා ස්ථාන දෙකක් වටලයි: තිළින ගමගේ පැන යයි: ‘මං උඹට වෙඩි තියනවා‘ විනි-සොරා තවත් විනිසුරුවරයෙකුට තර්ජනය කරලා

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.01, පෙ.ව‍‍.11.00) සතියකට අධික කාලයක් තිස්සේ නීතියට පිටුපා රහස් පොලිසියේ ඇසට වැලි ගසා සැඟවී සිටින අලිහොරා විනි-සොරා තිලින ගමගේ සොයා රහස් පොලිසිය ඊයේ දිනයේ ස්ථාන දෙකක් වටලා පරීක්ෂා කළද ඔහු එම ස්ථාන වලින් පැන ගොස් ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ විනිසුරුවරයෙකු මෙලෙස නීතියට පිටුපා පොලිසියේ ඇසට වැලි ගසා සැඟවී සතියකට අධික කාලයක් සැඟවී සිට නැති අතර සාමාන්‍ය නීති ගරුක පුද්ගලයෙකු කිසියම් හේතුවක් නිසා හෝ නීතියට ඉදිරිපත් නොවී ඉන්නේ දිනක් දෙකක් වැනි සුළු කාලයක් පමණි. මෙලෙස සති ගණන් සැඟවී ඉන්නේ පාතාල නායකයන් බැවින් අලිහොරා විනි-සොරා තිලිණ ගමගේ පාතාලයෙකු බවට ඉබේම පත් වී සිටී. මෙය සියළු නීති වෘත්තිකයන්ගේ ගරුත්වය නැත්තටම නැති කරන්නකි.

මේ තත්ත්වය යටතේ අධිකරණ සේවා කොමිසම වහාම මොහු අනිවාර්ය නිවාඩු යැවීමෙන් ඔබ්බට ගොස් සේවයෙන් පහ කළ යුතුය. 

මේ අතර ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වන්නේ තිලින ගමගේ පාතාලයෙක් වීමට පෙර තවත් විනිසුරුවරයෙකුට වෙඩි තබන බවට තර්ජනය කර ඇති බවයි. 

“අලියා නොලැබීම නිසා තම මව අසනීපයෙන් පසුවන බවත් යම් හෙයකින් මවට කරදරයක් වුනොත් මං ඇවිත් උඹට වෙඩි තබනවා“ යයි තිලින ගමගේ අනෙක් විනිසුරුවරයාට තර්ජනය කර තිබේ. නීති විරෝධී අලින් වන ජීවි දෙපාර්තමේන්තු භාරයේ තැබීමට නියෝග දුන්නේ එකී විනිසුරුවරයා විසිනි. 

තිලින ගමගේ ගේ අපේක්ෂිත ඇප අයැදුම ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙට විභාගයට ගැනීමට නියමිතය. 

---------------------------
by     (2016-06-01 13:51:09)