(ලංකා ඊ නිව්ස් -2016.මාර්.26, ප.ව.11.30) එදා පැවැති ආණ්ඩුවට රාජපක්ෂගේ ආණ්ඩුව යැයි කීවා මිස එය දිමු ජයරත්නගේ ආණ්ඩුව යැයි හෝ රත්නසිරි වික්රමනායකගේ ආණ්ඩුව යැයි නොකීවේ නම් මේ ආණ්ඩුවට මෛත්රීපාල සිරිසේනගේ ආණ්ඩුව යැයි කියන්නට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අය මැලි වන්නේ ඇයි දැයි නව එජනිස මහලේකම් මහින්ද අමරවීර ඇමැතිවරයා අද මාතර දී ප්රශ්න කෙළේය. මෙය ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තිබෙන ලොකුම ප්රශ්ණයක් යැයිද ඔහු කීවේය.
ඔහු මෙසේ කීවේ අද මාතර දී පැවැති ශ්රී ලංකා නිදහස් පක්ෂ මාතර බළ මණ්ඩල රැස්වීමේ දීය.
එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් හැදීමට ශ්රීලනිපයෙන් කොටසක් එජාපයට යෑමට සූදානම් වූ බවද අමරවීර මහතා හෙලි කෙළේය. ඔහුගේ සම්පූර්ණ කතාව පහත ඇති වීඩියෝවේ දැක්වේ ?v=ZvY9es-fQfU
---------------------------
by (2016-03-26 22:43:05)