(ලංකා ඊ නිව්ස් -2016.මාර්.21, ප.ව.2.30) විදුලි බල ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එ අනුව,
බියගම පුපුරාගිය ට්රාන්ෆෝමරය සවි කර අවසන්ය
කොටුගොඩ ට්‍රාන්ස්ෆෝමරය අළුත්වැඩියා කරමින් පවතී.-විදුලි ආවරණයට විකල්ප මාර්ග ගෙන තිබේ.
නොරොච්චෝලේ ක්‍රියාත්මකයි. ජාතික විදුලිබල පද්ධතිය සාමාන්‍ය පරිදි සිදුවේ
ජාතික බෙදාහැරීම් මධ්‍යස්ථානය නවීකරණයට පියවර
පුපුරාගිය ට්රාන්ෆෝමර්වල තත්ව පරීක්ෂාවට ජර්මන් සහ ජපන් විශේෂඥයන් පැමිණේ. වාර්තාව දින 02ක් ඇතුළත.
ජනපති පත්කල අනු කමිටුව තෙවතාවක් රැස්වේ. අවසන් සමාලෝචන කටයුතු අද ප.ව 03.00 ට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ දී.
විදුලි බිඳ වැටීමේ සියළු තොරතුරු එළැඹෙනන 23 දා පාර්ලිමේන්තුවට.
කිසිදු හේතුවක් නිසාවත් විදුලිය පෞද්ගලීකරණය කරන්නේ නැත.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ විශේෂ නිවේදනය නිකුත් කෙළේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ජාවකින් පසුව ය.
---------------------------
by (2016-03-21 09:11:25)