(ලංකා ඊ නිව්ස් -2016.මාර්.21, පෙ.ව.10.20) දුෂණ විරෝධී පෙරමුණ පසුගියදා (16 වනදා) පැවැත්වු මාධ්‍ය හමුවේදී නීති විරෝධී ලෙස අලි පැටවුන් ළඟ තබාගැනීම පිළිබඳව ගවේශණාත්මක වාර්තාවක් ඉදිරිපත් කළේය. එම වාර්තාව ඉදිරිපත් කරමින් මෙම අලි ජාවාරම පිළිබඳව අදහස් දැක්වු පරිසරවේදී තිලක් කාරියවසම් මහතා මෙලෙස අදහස් දැක්වීය.
“සංගණන වාර්තා අරගෙන බැලුවම පහුගිය කාලේ ලංකාවේ වැඩිපුරම අලි පැටවු ඉපදිලා තියෙන්නේ ඔය මහරගම ආශ්‍රිතව. එහෙම තමයි පොත් පත්වල සටහන් වෙන්නේ.මේ අලි පැටව් මහරගම ආශ්‍රිතව සීඝ්‍රෙයන් වර්ධනය වුනා නෙවෙයි වර්ධනය කෙරෙව්වා. කැලේ ඉන්න මව් ඇතින්නට වෙඩි තියලා මරලා පැටියව උස්සන් ඇවිල්ලා මව්ගුණ ගැන බණ දෙසන හාමුදුරුවරු පන්සල් වල තියාගත්තා. ඒ විතරක් නෙවෙයි ඒ විතරක් නෙවෙයි එහෙම ගේන අලිපැටව් විකුණුවාගඑහෙම ගේන අලි පැටවුන්ට හොර උප්පැන්න හදපු නිසා තමයි මහරගම ආශ්‍රිතව පහුගිය කාලේ අලි පැටවු වැඩිපුරම ඉපදුනා කිලයා වාර්තා වල සඳහන් වෙන්නේ.
හිටපු ජනාධිපතිවරයා සන්නස් පත්‍රයකින් අලි 6 දෙනෙක් දීලා තියෙනවා. මේ අලි පැටව් සන්නස් පත්‍රයකින් දීලා තියෙන්නේ තමන්ගේ පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ට. අපි අහනවා සන්නස් පත්‍රවලින් මේ රටේ අලි දෙන්නේ කොහොමද? අප්පච්චි තමන්ගේ දරුවන් බුදලේ බෙදනවා වගේ තමන්ගේ ආරක්ෂකයින්ටයි හිතවතුන්ටයි පුතාටයි මල්ලිටයි අලි බෙදලා දීලා.
දැන් විනිසුරු තිලිණ ගමගේ ලග නීති විරෝධි අලි පැටියෙක් ඉන්නවා දැන් එතකොට අලි පැටියෙක් තියාගෙන ඉන්නවා කියලා උඩුවේ ධම්මාලෝක අත්අඩංගුවට ගත්ත නම් ඇයි තිළිණ ගමගේ අත් අඩංගුවට ගන්නේ නැත්තේ? උඩුවේ ධම්මාලෝකයි තිළිණ ගමගේයි අතර වෙනස මොකක්ද ? නීතියේ තියෙන වෙනසක් ඇයි? එහෙනම් මෙයා අත්ඩංගුවට ගන්නේ නැත්තේ?
මේ අලි පැටවු ගැන සවිස්තරාත්මක ගවේෂණ වාර්තාවක් මේ වෙකොට දුෂණ විරෝධී පෙරමුණ විසින් අදාල බලධාරීන්ට යොමු කරලා තියෙන්නේ. අපි කියනවා මේ රජයට වහාම මේ නීති විරෝධි අලි ජාවාරම ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා“. පරිසරවේදී තිලක් කාරියවසම් පැවසීය.
---------------------------
by (2016-03-21 04:51:07)