(ලංකා ඊ නිව්ස් -2016.මාර්.20, පෙ.ව.6.00) ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ‘වනචර දශකය‘ ලෙස ගණන් ගැණෙන 2005-20015 කාලය පුරා මැදමූලන වනචාරී පවුලක් විසින් ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයේදී මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනයන්ට සිදුකරන ලද අතොරක් නැති විවිධ පීඩාවන් මර්දනයන් වෙනුවෙන් ශිෂ්ඨාචාරගත රජයක් ලෙස වන්දි ගෙවීමට යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කර තිබේ.
2005-20015 කාලය තුල පීඩාවට පත් මාධ්‍යවේදීන්ගෙන්, මාධ්‍ය ආයතන වලින් ඒ සඳහා තොරතුරු රැස් කිරීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් එස්.පී. කොඩිකාර මහතා පත් කර තිබේ.
ඔහු විසින් මේ දිනවල තොරතුරු රැස් කරනු ලබන අතර රැස් කර ගන්නා තොරතුරු තක්සේරු කිරීම සඳහා පසුව පත් කෙරෙන ජනාධිපති කමිටුවක් වෙත ඉදිරිපත් කරනු ඇත.
මාධ්‍ය සංවිධාන වාර්තා වලට අනුව මෙම කාලය තුල ජනමාධ්‍යවේදීන් 14 දෙනෙකු ඝාතනය කර ඇති බවට ස්ථිර වාර්තා ඇති අතර මාධ්‍ය ආයතන 5 ක් ගිනි තබා ඇත. සමහර මාධ්‍ය ආයතන එක්වරකට වැඩි වාර ගණනක් ගිනි තබා තිබේ. මාධ්‍යවේදීන්ට පහර දී අත පය කඩා දැමීම් ද මාධ්‍ය කිහිපයක් තහනම් කිරීම ද සිදුකර ඇත.
ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ ජනාධිපති අතිරේක ලේකම් එස්.පී. කොඩිකාර මහතා කියා සිටියේ තමන්ට සිදුවූ අසාධාරණය ගැන සාක්කි සහිතව ඉල්ලීම් කරන ලෙසයි. එ්වා
එස්.පී.කොඩිකාර
ජනාධිපති අතිරේක ලේකම්
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ
යන තැපැල් ලිපියනයට හෝ
විදේශගතව සිටින්නේ නම් [email protected] යන ඊ මේල් ලිපියනට හෝ එවිය හැකි බවද ඔහු පැවසීය.
කොඩිකාර මහතාගේ කාර්යාල දුරකථන අංකය 0112441608 වේ
---------------------------
by (2016-03-20 01:17:27)