(ලංකා ඊ නිව්ස් -2016.මාර්.19, ප.ව.9.00) ලඟදි එක්කෙනෙක් කොළඹදි පපුවට ගහගෙන එයාට ආණ්ඩුව බාර දෙන්න කී නමුත් පපුවට ගහගන්න අය ආණ්ඩු කරපු හැටි දුටු බවත් පපුවට ගහ ගන්නවාට බිය නැති නිසා ඒ ආණ්ඩුවෙන් ඉවත් වී ඇවිත් අලුත් ආණ්ඩුවක් හැදූ බවත් මේ ආණ්ඩුව වසර 5 කින් පසු ජනතාව විසින් වෙනස් කරන තුරු කුමන්ත්රණකාරයන්ට ආණ්ඩුව වට්ටන්න බැරි බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පසුගියදා ‘රෙජීම හොරු‘ විසින් හයිඩ්පිටියේදී කරන ලද ප්රකාශයන්ට පිලිතුරු දෙමින් පැවසීය.
අලුත් ආණ්ඩුවේ අලුත් වැඩ පිලිවෙල ගලන ගඟ සේ ඉදිරියට යනු මිස කිසිවෙකුට ආපසු හැරවිය නොහැකි යයිද ජනාධිපතිවරයා පැවසීය. විරෝධතා රැලි වලින් පෙන්වන්නේ අපි ලබා දුන් ප්රජාතන්ත්රවාදය යැයිද විරෝධතා පැවැත්වූවා කියා ඔවුන් සුදු වෑන් වලින් පැහැරගන්නේ නැතැයිද අතුරුදහන් කරන්නේ නැතැයිද නිවෙස් වලට ගහන්නේ නැතැයිද ජනාධිපතිවරයා පැවසීය.
ඔහු මේ බව ප්රකාශ කෙළේ අද(19) පෙරවරුවේ අම්පාර පාලමුනෙයි මහජන ක්රිඩාංගණයේ පැවැති මුස්ලිම් කොංග්රසයේ 19 වන ජාතික සම්මේලනයට එක්වෙමිනි. ජනාධිපතිවරයාගේ ප්රකාශය අඩංගු වීඩියෝවක් පහත දැක්වේ ?v=_3ynBXpoNAc
---------------------------
by (2016-03-19 19:17:19)