(ලංකා ඊ නිව්ස් -2016.මාර්.16, ප.ව.10.50) "මේ වනවිට සමස්ත දිවයිනටම බලපා ඇති විදුලිබල කප්පාදුව නිසා සමාන්‍ය ජන ජීවිතයට ඇතිවී තිබෙන දුෂ්කරතා මගහැර හෙට සිට කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකි සෑම උත්සාහයක්ම දරන බව" විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ..,
"අපට දින 03 ක පමණ කාලයක් යම් යම් අවස්ථාවල දිවයිනේ විදුලිය කප්පාදු කරන්න සිදුවුණේ නොරොච්චෝල බලාගාරය ක්‍රියාත්මක කිරීමට අපහසු වූ නිසයි. අද සවස් වනවිට නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 03 ම නැවතත් ක්‍රියාත්මක කිරීමට හැකි සාමාන්‍ය උෂ්ණත්වයට පත්වලා. එය නැවතත් ක්‍රියාත්මක කිරීමේ මූලික කටයුතු අද සවස ආරම්භ කළා. හෙට උදේ වනවිට විදුලිය ජනනය කරන්න හැකිවේවි යැයි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හෙට සිට දිවයිනේ විදුලිය කපාහැරීමක් කිරීමට අවශ්‍ය නොවේවි කියන විශ්වාසය අපට තිබෙනවා.
විනාශවූ ට්‍රාන්ස්ෆෝමරය වෙනුවට හෙට දිනයේ අපට තිබෙන අමතර ට්‍රාන්ස්ෆෝමරය නැවතත් බියගම ස්ථානගත කරනවා. මෙම හදිසි විදුලි බිඳවැටීම් පිළිබඳව සොයාබැලීමට පත්කළ සියලූම කමිටු වාර්තාවන් ලබන සතියේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
අපට අවශ්‍ය වන්නේ, මෙම විදුලිබල කප්පාදුව නිසා පාරිභෝගිකයා පත්වන අපහසුතාවෙන්, අපට හැකි පළමු තත්ත්පරේම ඔවුන් මුදවා ගැනීමයි. විදුලිබල අමාත්‍යවරයා වශයෙන් මෙම තත්ත්වය නිසා පාරිභෝගිකයාට ඇතිවූ අපහසුතාවන් පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන අතරම මෙවැනි තත්ත්වයන් නැවතත් ඇති නොවීමට කටයුතු කරනවා" යැයි පැවසීය.
---------------------------
by (2016-03-16 17:46:20)