(ලංකා ඊ නිව්ස් -2016.මාර්.16, පෙ.ව.5.30) අකුරැස්ස - මාතර ප්රධාන මාර්ගයේ පවත්වාගෙන යන සුළු අපනයන භෝග මිලදී ගැනීමේ වෙළඳ සැළක් කඩා ඊයේ (15) අළුයම 2.20 ට පමණ සංවිධානාත්මක කල්ලියක් විසින් එහි තිබූ හය ලක්ෂ පනස් දහසක් වටිනා කුරුඳු තොගයක් සොරකම් කරගෙන ගොස් තිබේ.
මුහුණු ආවරණ සහිතව සහ රහිතව සුදු පැහැති කුඩා ලොරි රථයකින් පැමිණ වෙළඳ සැළෙහි ඉදිරිපස දොරෙහි ඉබි යතුරු විශාල අඬුවක ආධාරයෙන් කඩා ඇතුළු වී මෙම ලක්ෂ ගණනක් වටිනා කුරුඳු තොගය රැගෙන පලාගොස් ඇත. සොරකම සිදුකරන ආකාරය දැක්වෙන ඉතාමත් පැහැදිලි CCTV දර්ශන මෙහි දැක්වේ.
මීට පෙරද මෙම වෙළෙඳ සැළ ම වාර 05 ක් සොරුන් කඩා ඇති බවත් මීට ආසන්නතම සොරකම සිදු කොට ඇත්තේ මෙම වසරේ ජනවාරි 17 වන දින බවත්, එදින කුරුඳු, ගම්මිරිස්, ගොරකා තොගයක් සොරාගෙන ගොස් තිබූ අතර, එහි වටිනාකම රුපියල් දහ අට ලක්ෂ පනස් දහසක් බවත් හිමිකරු කියයි.
මේ සොරකම් සියල්ලම පිළිබඳව ආයතන හිමිකරු විසින් අකුරැස්ස පොලිස්ථානයේ පැමිණිළි සිදුකොට ඇති නමුත් මෙතෙක් සොරකම් කිසිවකට සම්බන්ධ කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති වීම පුදුමයකටත් වඩා විශාල ලෙස සැක උපදවන්නකි. එකම වෙළෙඳ සලක් 5 වතාවක් හොරු බිඳිද්දී අකුරැස්ස පොලිසිය නිදි වැද සිටීම විසි එක්වන ශත වර්ෂයේ විය හැක්කක්ද?
මේ තත්ත්වය මත හෙට දිනයේදී තම ව්යාපාරික කටයුතු කරගෙන යෑම ගැටළුවක් ව ඇති බවත් මේ සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමුකරන ලෙසත් ආයතනයේ හිමිකරු වන කපිල ප්රසන්න විතානගේ මහතා (45) ලංකා ඊ නිව්ස් වෙත ප්රකාශ කර සිටියේය.
පසු සටහන:
මීට සති දෙකකට පමණ පෙර ද අකුරැස්ස අමලගොඩ ප්රදේශයේ සිදුවූ සොරකම්. එසේම අකුරැස්ස දියලපේ ප්රදේශයේ ව්යාපාරික ස්ථාන, නිවාස සොරුන්ගේ ග්රහණයට ලක් වුවද මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලීසිය සමත් වී නැත.
-කරිවිල ලියනපතිරණ විසිනි-
සොරකමේ වීඩියෝව බලන්න ?v=haGHRvh2JnY
---------------------------
by (2016-03-16 00:20:49)